(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
ඇඹිලිපිටිය නගරයේ ප‍්‍රසිද්ධ ස්ථානයක ව්‍යාජ ඡන්ද පොළක් පවත්වා ප‍්‍රතිඵල ලේඛනයක් මුහුණු පොතට නිකුත් කිරිම සම්බන්‍ධව වහාම විමර්ශනයක් කරන ලෙස එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක ජනක ප‍්‍රියන්ත කුමාර රත්නායක ඇඹිලිපිටිය පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළේය.
පසුගිය අගොස්තු 21 හෝ ඊට ආසන්න දිනයක ඇඹිලිපිටිය නගර සභාව ඉදිරිපිටදී තෝරාගත් පිරිසකට ඡන්ද පත‍්‍රිකාවක් ලෙස සැකසු කොලයක් ලබාදි තිබේ.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්‍ෂකයන් හයදෙනෙකුගේ නම් එහි සටහන් කර තිබුණ බව ද පැමිණිල්ලේ සදහන් වෙයි.
රනිල් වික‍්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස, අනුරකුමාර දිසානායක, නාමල් රාජපක්‍ෂ, දිලිත් ජයවීර, සිරිතුංග ජයසුරිය යන නම් හය එහි තිබී ඇත. නගරයට ආගිය දහසකට එම කොළ දී ඡන්ද මධ්‍යස්ථානයක මෙන් කාඞ්බෝඞ් වලින් ආවරණය කළ ස්ථානක සිට ඡන්දය ලකුණු කර අසල වු පෙට්ටියකට ඒවා දමා ඇත.
පසුව ඡන්ද ගණන් කර එහි ප‍්‍රතිඵලය යැයි කියන දත්ත මුහුණු පොත මගින් ප‍්‍රචාරය කර ඇති බවත් මුහුණු පොතේ වීඩියෝවේ දැක්වෙයි.
ඇඹිලිපිටියේ ජනතාවගේ තීරණය බව පවසමින් ඒ ඒ අපේක්‍ෂකයා ගත් ඡන්ද ප‍්‍රමාණය සහ ප‍්‍රතිශතය ප‍්‍රස්ථාරයක් මගින් ද මුහුුණු පොතේ දක්වා ඇත.
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ව්‍යාජ ඡන්දයක් ගැන පැමිණිල්ලක්
nanda Sunday, 01 September 2024 02:28 PM
බල පෙරේතකම තමයි ජනතාව ඡන්දය පාවිච්චිකරලා ප්‍රතිඵල දෙනකන් ඉන්න බැහැ. මේ අයට ඡන්දෙ දෙන්නම හොඳ නැහැ...
සෙනෙවිරත්න Sunday, 01 September 2024 03:01 PM
සැබෑවට ඡන්දේ නොලැබෙන අය සල්ලි දීලා කරන වැඩ. මේවාට රැවටෙන අය නැහැ...!
නිහාල් Sunday, 01 September 2024 06:35 PM
සුදා කියන යූටියුබ්කාරයත් කරන්නේ සමික්ෂණ කියලා ජාතියක් කරලා මිනිස්සුන්ගේ මොල වෙනස් කරන එක...!
saki Sunday, 01 September 2024 06:40 PM
මිනිස් අයිතියක්...