IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


ව්‍යාජ දළදා මාලිගාවේ පත්තිරිප්පුව කඩා ඉවත් කරයි

( පුෂ්පකුමාර ජයරත්න)

මේ දිනවල ඉමහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන පොතුහැර වදාකඩ ඉදිකර ඇති මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අකෘතිය හා සමාන ගොඩනැගිල්ලට අයත් පත්තිරිප්පුව සහිත කොටස සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට එම ස්ථානයේ හිමිකරු වන ජානක චන්ද්‍ර සේනාධිපති මහතා පියවර ගෙන ඇත.

ඊයේ (8) පෙරවරුවේ සිට එම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන ආකාරය දැකගත හැකි විය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට සමාන ගොඩනැගිල්ලක් ඉදිකර නියම දළදා වහන්සේ එම ස්ථානයේ සිටින බව පවසමින් ජනතාව රවටමින් මුදල් හා රන් භාණ්ඩ එකතු කිරීමේ ව්‍යාපාරයක ජනක සේනාධිපති නමැත්තා යෙදී සිටින බැවින් එම බෞද්ධ විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් සමඟ දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම්දී තිබුණි.

එම දැනුම් දීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබියදී එම ස්ථානය නැරඹීමට පෙරේදා (7) ගිය හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ශ්‍රී දළදා මාලිගාවට හානියක් සිදු වන ආකාරයටත් බෞද්ධ ජනතාව ඇවිස්සෙන ආකාරයටත් ඉදිකර තිබෙන පත්තිරිප්පුව හා සමාන ගොඩනැගිල්ල වහාම කඩා ඉවත් කරන ලෙස සේනාධිපති මහතාට දැනුම් දුන්නේය.

තමා නැවත සති දෙකකින් මෙම ස්ථානයට එන බවද ඒ එන විට එම ගොඩනැගිල්ල කඩා ඉවත් කර නොතිබුණොත් තමන් එය කඩා ඉවත් කිරීමට පියවර ගන්නා බවද සිල්වා මහතා කියා සිටියේය.

මර්වින් සිල්වා මහතාගේ නියෝගයක් බදු එම දැනුම් දීම එම අවස්ථාවේදීම පිළිගත් සේනාධිපති මහතා අද පෙරවරුවේ සිටම එම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

 



අදහස් (21)

ව්‍යාජ දළදා මාලිගාවේ පත්තිරිප්පුව කඩා ඉවත් කරයි

ravin Sunday, 08 January 2023 01:43 PM

පිස්සන්ගේ ලෝකයේ තවත් කෙනෙක්...!

:       2       57

සඳුන් Sunday, 08 January 2023 02:13 PM

සැබෑ බෞද්ධයන් මේ ප්‍රශ්නයෙන් සසල වෙලා ඉන්නෙ.

:       24       17

සෙනෙවිරත්න Sunday, 08 January 2023 10:52 PM

මෙම වහල කඩා ඉවත් කිරීමෙන් දැවෙන ප්‍රශ්නයක් නිමා වුණා.. ඉතිං බෞද්ධයින්ට තවත් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කියන්න.

:       2       11

සෙනෙවිරත්න Sunday, 08 January 2023 11:29 PM

ඒක ඇත්ත , සේරම මළ නාඩගම් මිසක් අබමල් රේණුවක හෝ රටට සමාජයට පලදායක නොවන බව නම් මිත්‍යාවෙන් බැහැරවූ සැබෑ බෞද්ධ දර්ශනය අනුගමනය කරන්නවුනට නම් කිවහැක.

:       3       3

මහේෂ් Sunday, 08 January 2023 02:28 PM

මර්වින් සිල්වා මහතා ජනාධිපති කරමු. කෙලින් වැඩකරන ඔබතුමාට අපගේ ගෞරවය...!

:       45       18

ganegoda Sunday, 08 January 2023 03:00 PM

මොනවා කරන්නත් අතේ සල්ලි තියෙන්න ඕනේ...! දැන් අපේ රටට සිද්ද වේගෙන එන ආර්ථික ගැටළු නිසා ළඟදීම තවත් දෙයක් සිද්ද වෙයි.

:       3       8

Gihan Sunday, 08 January 2023 03:55 PM

මර්වින් සිල්වාට ගහලා පන්නන්න කෙනෙක් හිටියේ නැති හැටි...

:       15       39

වහරක පැණියා Sunday, 08 January 2023 04:41 PM

කපටින්ට රැවටෙන මෝඩයින් රංචු පිටින් ඉන්න ගමක් හා රටක්...

:       1       36

PODDS Sunday, 08 January 2023 05:12 PM

පසුගියකාලේ... හැමදේටම බොරුවට කෑ ගහපු වොයිස් කට්... මර්විනුත් බොරුවට ලකුණු දාගන්න හදන්නේ...!

:       5       30

siri Sunday, 08 January 2023 06:47 PM

මේවගේ ගොඩනැඟිලි ලංකාවේ වෙනත් විහාරස්ථානවල ඕනෑ තරම් තියෙනවා. කොළඹ හතේ ධනවත් පවුලක් ඔවුන්ගේ අවසන් කැමති පත්‍රයෙන් එක්තරා සුප්‍රකට ස්වාමීන් වහන්සේ නමකට පුජාකළ සුවිසල් මන්ධිරයක් විහාරස්ථානයක් ලෙස පවත්වාගෙන යන අතර එතන මෙයටත් වඩා විශාල පත්තිරිප්පුවක් හිටපු ජනාධිපති වරයා විසින් නාවික හමුදාව යොදවා නිර්මාණය කර දුන්න බව කවුරුත් දන්නා දෙයක්. මේවාට මේ නීති බලපාන්නේ නැද්ද ?

:       1       4

Raheem Sunday, 08 January 2023 07:54 PM

ලංකාව දුප්පත් රටක් කියන්නේ බොරු.. මේ වගේ දේවල් වලට වියදම් කරන්න සල්ලි තියෙනවා. දුප්පත් මිනිස්සුන්ට මොනවා හරි කරන්නේ නැහැ..

:       0       0

JagathS Sunday, 08 January 2023 07:57 PM

ගිය වතාවෙ නයි මේ වතාවෙ දන්ත දාතුව තව මොන මොන නාඨක ඒවිද ඉදිරියට

:       1       3

sujith Sunday, 08 January 2023 08:53 PM

රනිල් වික්‍රමසිංහ තවමත් ඒ සම්බන්ධයෙන් වහාම සොයා බලන අතර, මර්වින් සිල්වා ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වී ඇත.

:       2       4

Lalla Sunday, 08 January 2023 09:11 PM

ආගම අල්ලාගෙන මොකක් හරි දෙයක් කරන එක නැවතීම අදක්ෂකමේ ලක්ෂණයක්.නිර්මාණයක් රස විඳින්න නොදන්න කම නිර්මාණ කරුවන්ට කරන ලොකුම අපරාධය.

:       1       4

පැරකුම් Sunday, 08 January 2023 09:12 PM

බෟද්ධ යයි කියාගන්නා අමන රැලක් නටන නාඩගමක්. මොකක්ද මේකෙ ඇති වැරැද්ද? හැම ගමකටම එක බැගින් ඇත්නම් කොච්චර හොදද…!

:       1       3

Prabha Sunday, 08 January 2023 10:54 PM

කරපු වැඩේ වැරැදි වුණත් මර්වින්ට මොකද්ද තියෙන බලය මේවාට මැදිහත් වෙන්න?

:       1       2

Buruwa Monday, 09 January 2023 04:40 AM

නීතියක් තියනවද නිවසක ආකෘතියක් තවත් තැනක ඉදිකිරීම තහනම් කරන. එහෙමනම් හිතල බලන්ඩ කොළඹ මහනගර සභා ගොඩ නැගිල්ල. ඒ්ක හදල තියෙන්නෙ ඇමරිකානු ජනාදිපති නිළ නෙවෙසේ ආකෘතියකටයි.

:       1       4

ලුම්බිණි Monday, 09 January 2023 04:46 AM

ඔක්කොටම පිස්සු වගෙයි. තමන්ට පාඩු වෙන්න ඉඩ තියෙන නිසා දෑල බණ්ඩාරට නම් විරුද්ධ වෙන්න හේතුවක් තියෙනවා.

:       2       3

Marsipala Monday, 09 January 2023 04:01 PM

අපරාදෙ සල්ලි? කී දෙනෙක් ඉන්නවද කන්න නැති... මේ සල්ලි ඒ අයට ලබාදෙන්න පුළුවන් නම් කොච්චර පිනක්ද? බුදු හාමුදුරුවෝ කියපු දේවල් ක්‍රියාවෙන් කීදෙනෙක් කරනවද? පිළිබදිනවද? ආගම්වල කියපු දේවල්.. නොකියපු හැම දෙයක්ම ආගමක් වෙලා. හැමදෙයක්ම පිරිහිලා... තෙරුවන් සරණයි.

:       0       1

Vira Wednesday, 11 January 2023 02:52 PM

මෙව අහන්න අපි මෙ රටෙ ඉපදුනානෙ. මර්වින් සිල්ව වගෙ පොරක් ආයෙ අවෙ ලොකු සීන් එකකට අලුතෙන් මාන බලන හැඩයි.

:       0       0

sampath Wednesday, 11 January 2023 06:15 PM

දලදා මාලිගාවෙ ආකෘතියක් කොළඹ නාරාහෙන්පිට ආසන්නයෙ විහරස්තානයකත් මාතර ක්‍රිඩාංගනයෙඩිත් ඉඩිකලා වෘතීය පුහුනුව ලබන ලමයින් සහ ගුරුවරුන් කවුරුවත් එපා කිව්වෙ නෑ මහජන ප්‍දර්ශනයට තිබුන මෙව මහ ලොකුවට දගලන්න ඔනෙ දේවල් නොවෙි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 792 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 170 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 333 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 363 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 441 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 774 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 425 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 920 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site