(ප්‍රියාණි මංගලිකා )
මුහුණු පොතේ වෛද්‍ය වරයෙකු ලෙස පෙනී සිටි යුද හමුදා විශ්‍රාමිකයෙක් ,වෙද නලාවක් ,ඖෂධ , ශල්‍ය උපකරණ හා යතුරු පැදියක්ද සමග නිකවැරටිය රස්නායකපුර මාර්ගයේදී 24 දා සැකකරු සමග අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලිස් අධිකාරි කාර්යාලය පැවසීය.
නිකවැරටිය කොට්ඨාස රාජ්‍ය බුද්ධි සේවා අංශයට ලැබුන තොරතුරක් මත අත්අඩංගුවට ගැණීම සිදු කරණ අවස්ථාවේ සැකකරුගේ බෑගය තුල තිබී ,වෙද නලාවක් ,ශල්‍ය කැපුම් තල 02 ක්,සිලින්ජර් 04 ක්,අත් ආවරණ 04ක් සහ ඖෂධ තොගයක්ද සොයා ගැණුන බවද පොලීසිය පවසයි .
සැකකරු තමා වෛද්‍යවරයෙකු බව පොලීසියට පවසා පවසා ඇති අතර, පරීක්ෂා කිරීමේදී ,ඔහු 44 වියැති යුද හමුදා විශ්‍රාමිකයෙකු බවට තහවුරු වී ඇති බවද , ඔහු කලක සිට ව්‍යාජ වෛද වරයෙකු ලෙස පෙනීඇති සිට ඇති බවද , පොලීසිය සඳහන් කලේය .
සැකකරු වේයන්ගොඩ ප්‍රදෙිශයේ පදිංචි අයෙකු බවද ,මෙදින සැකකරු තම මුහුණු පොතේ සිටින නිකවැරටියේ මිතුරෙකු හමු වීමට පැමිණ සිට ඇති අතර රස්නායකපුර දෙසට යතුරු පැදියෙන් යමින් සිටියදී ,එම මාර්ගයේදී අත්අඩංගුවට ගැණීම සිදුකල බවද පොලීසිය සඳහන් කලේය .
සැකකරු කුමණ හෝ වංචනික ක්‍රියාවක් සිදු කිරීමට නිකවැරටිය ප්‍රදේශයට මෙලෙස පැමිණෙන්නට ඇතැයි පොලීසිය සැක කෙරණ අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු මේ වන විට අරඹා ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කලේය .
නිකවැරටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරි යූ.ඩී .අලවත්ත මහතාගේ අධීක්ෂණයෙන් , කොට්ඨාස රාජ්‍ය බුද්ධි සේවා තොරතුරක් මත ,කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණි .
නිකවැරටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක උපාලි රත්නමලල මහතාගේ මෙහෙය වීමෙන් ,සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ
ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
ශ්රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ව්‍යාජ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට
Saradiwakara Ganthuna Monday, 30 November 2020 07:35 AM
මේ කාලේ හැටියට ඔක්කොම රණවිරුවන් තමයි. රණවිරුවන්ගේ කොටසක් තමයි වැඩවිරුවෝ. ඔවුන්ගේ තවත් කොටසක් තමයි ‘‘හොර වෙද‘‘ රණවිරුවෝ... රටට ගිය කලක්...?