(රෝෂන් තුෂාර)
කොළඹ 07, වියට්නාම් තානාපති කාර්යාල නිල නිවසට මහ රාත්‍රියේ ඇතුළු වී මුදල් සොරාගත් මරදානේ පුද්ගලයකුට විවෘත වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (26) නියෝග කළේය.
දිගින් දිගටම අධිකරණය මගහැර සිටි මොහොමඩ් න්‍යාස් මොහොමඩ් රිකාස් සැකකරුට මෙම වරෙන්තුව නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔහු නොමැතිව නඩුව විභාග කිරීමටද නියෝග කළේය.
පසුගිය ජුනි මස 26 වැනි දින කොළඹ වෝඩ් ප්ලේස් හි පිහිටි වියට්නම් තානාපති කාර්යාලයේ නිල නිවසට මහ රාත්‍රියේ ඇතුළු වී ඇති සැකකරු තම නිදනකාමරයේ අල්මාරිය තුළ තිබූ මුදල් සොරා ගත් බව තානාපති කාර්යාල පරිපාලන නිලධාරී ඩුවන්ටී තුයාන් මහතා අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් පැවසීය.
කුරුඳුවත්ත පොලිසියේ පොලිස් සැරයෙන් සමන් රාජපක්ෂ මහතා පැමිණිල්ල මෙහෙයවමින් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් තුයාන් මහතා කියා සිටියේ තම බිරිඳ නිදාගෙන සිටියදී සැකකරු දැක කෑ ගැසීම හේතුවෙන් ඔහු හඹා ගොස් අල්ලා ගැනීමට හැකිවූ බවය.
ඇමෙරිකානු ඩොලර් 2300ක් මාලදිවයින් රුපියල් සීයක් සහ ශ්‍රී ලංකා රුපියල් දෙලක්ෂ හය දහසක් සමග සැකකරු අල්ලා කුරුඳුවත්ත පොලිසියට බාර දුන් බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
නීතිඥ කසුන් ලියනගේ මහතා අගතියට පත් තුයාන් මහතා වෙනුවෙන් පෙනී සිටියේය. පොලිසිය භාරයේ තිබූ සැකකරු සොරා ගන්නා ලද මුදල් සාක්ෂිකරු විසින් විවෘත අධිකරණයේදී හඳුනා ගැනීමෙන් පසුව සාක්ෂිකරුට යළි ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සාක්ෂිකරු මුදාහැරීමට නියගකළ මහේස්ත්‍රාත්වරයා නඩුවේ වැඩි දුර විභාගය අප්‍රේල් 22වෙනි දිනට කල් තැබීය.
කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්
රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වියට්නාම් තානාපති නිල නිවසේ මුදල් සොරාගත් අයකුට වරෙන්තු
sachith Monday, 26 February 2024 09:28 PM
"සැකකරු දැක කෑ ගැසීම හේතුවෙන් ඔහු හඹා ගොස් අල්ලා ගැනීමට හැකිවූ බවය." එතකොට මේ අල්ලගත්ත කෙනාටද වරෙන්තු නිකුත් කරලා තියෙන්නේ