IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


ව්‍යාපාරිකයෙක් කැලණියෙදී සල්ලි බෙදයි

(ඩයනා උදයංගනී)

නිරෝධායන ඇඳිරිනීතිය නිසා පීඩාවට පත් කැලණිය ප්‍රදේශයේ ජනතාව වෙත රුපියල් 1,000 බැගින් රුපියල් කෝටි දෙක හමාරක මුදලක් බෙදාදීමට එම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් වන මංජුල පෙරේරා මහතා පියවර ගෙන ඇත.

ඔහු එම මුදල් බෙදාදීමේ කටයුතු කැලණිය, නාහේන ප්‍රදේශයෙන් අද (25) ආරම්භ කළේය.

එම මුදල් ලබාගැනීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටි අයුරු ද දැකගත හැකිවිය.



අදහස් (26)

ව්‍යාපාරිකයෙක් කැලණියෙදී සල්ලි බෙදයි

ගමේ එකාලා Wednesday, 25 August 2021 08:59 PM

අපි මුලදී හිතුවේ මර්වින් සිල්වාගේ වැඩක් කියලා.

:       7       11

Nihal Wednesday, 25 August 2021 09:11 PM

ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.! නීරෝගී වේවා.

:       4       38

ඉතා හොදයි Wednesday, 25 August 2021 10:17 PM

තමන් දාඩිය මහන්සියෙන් හොයපු දෙයක් මේ වගේ මොහොතක අවශ්‍යතා ඇති අයට දුන් එක ලොකු දෙයක්. හැබැයි නියාමනයක් තිබුණානන් ඉන් උපරිම ථල ලැබෙන්න තිබ්බා. මෙතන හිටිය කීයක් පිරිමි අය මේ මුදල බීමත්කමට වියදම් කරලා කොවිඩ් වාට්ටුවල සෞඛ්‍ය සේවකයන්ට හතිදාන තරමට කෘතීම ස්වසනය දෙන්න හේතු පාදකවී මිය යයිද කියන්න බැහැ. පුරුෂ ආධිපත්‍යය වැඩියෙන්ම පතුරගෙන ඉන්න මේ සමාජ පංතියෙ පිරිමි කාන්තාවට එතරම්ම බරක්. දෙදහ ගානේ දීල වුනත් කෝටි සීයක් අවශ්‍යතා සහිත අය එම ප්‍රදේශයේ සිටීම අපි අපටම රටක් ලෙස දොස්නගා ගත යුතු කරුණක් වන්නේ නාගරික දුගී භාවයට ස්ථිර විසදුම් සොයන අදහසිනි.

:       8       33

ලක්සිරි පැරිස් Wednesday, 25 August 2021 11:32 PM

වන සිව්පාවුන් ඉන්නවා. මිහිපිටට දෙවියෝ ඉන්නවා. ඔබට වැඩි වැඩියෙන් ලැබෙවා . බුදු සරණයි.

:       6       40

Lalith M Thursday, 26 August 2021 01:41 AM

කවුරුද ඇහුවේ මොනව කරල උපයපුවද කියලා. අනික මෙහෙම පෙනෙන්නට කෝටි ගණනක සල්ලි ගෙනියන්න.

:       23       33

Buddhika Thursday, 26 August 2021 03:18 AM

1000 හේ පොකුර.

:       4       0

Raveendra Thursday, 26 August 2021 06:14 AM

තම හිතට එකගව කෙනෙකු යමක් තව කෙනෙකුට දීම දෙලොවටම පිං රෑස්කරගැනිමකි. අප තරයේ විස්වාස කරනවා සාධාරණව දුක්මහන්සි වෙලා හරිහම්බ කල මුදල් මෙසේ නැතිබැරි මිනිසුන්ට බෙදා දෙන්නට ඇතැයි.... එලෙසම තම "දකුණු අතින් දුන් දෙය වම අතට නොදැනෙන්නට" මොහු වගබලාගන්නට ඇතැයි කියා...

:       0       9

nimal Thursday, 26 August 2021 06:50 AM

අතේ සල්ලි මිටියක් තියන් 1000 ක් දෙකොට මොනවා හිතෙනවඇද්ද අතේ සතේ නැති මිනිහට?

:       5       4

බබා Thursday, 26 August 2021 07:00 AM

මම හිතුවෙ මර්වින් කියලා.

:       1       2

kamal Thursday, 26 August 2021 09:15 AM

මේ මුදල් මෙයා උපදිනකොට ගෙනාපුවා නෙමෙයි .අනිත් මිනිසුන්ගෙන් උපයාගත් දේවල් .යනකොට පෙට්ටියේ දාගෙන යන්නේ නැතිව ජීවත්වෙලා ඉන්නකොටම දානය දීපු එකනම් ඉතාම හොඳ වැඩක්

:       2       9

ගුණසේකර Thursday, 26 August 2021 09:18 AM

ඔබට බොහෝ පිං. තව තවත් ලැබේවා ..

:       0       8

මහජනයා Thursday, 26 August 2021 09:49 AM

ඔබට යහපතක්ම වේවා!!!

:       0       7

Ruwan R Thursday, 26 August 2021 10:01 AM

ප්‍රදර්ශනාත්මක ස්වරුපයෙන් අයින් වෙලා මේ වැඩේ කරන්න පුළුවන් වුනානම් ඔබ සැබෑ දානපතියෙක් සහ මහත් වු ආනිශංසයක හිමිකරුවෙක්. කොහොම වුනත් කරේ හොද වැඩක්.දීර්ගායුෂ ලැබේවා නිරෝගී වේවා

:       1       9

Karunarathna Gampola. Thursday, 26 August 2021 10:16 AM

මැතිතුමනි සසර පෙරපුරුදු මේ භවයේදීත් ඉටු කිරීමට ලැබීම ගැන ඉතාමත් සතුටුයි. පින් අනුමෝදන් වේවා.

:       1       7

GEMUNU Thursday, 26 August 2021 10:47 AM

මේක තමයි ඉරිසියාව කියන්නේ. හොඳ වැඩක් දැක්කම ඉන්න බෑ

:       2       7

Anura Pathirana UAE Thursday, 26 August 2021 10:56 AM

ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.! නීරෝගී වේවා. ඔබට වැඩි වැඩියෙන් ලැබෙවා . බුදු සරණයි.

:       0       7

Mithrasiri Thursday, 26 August 2021 11:22 AM

නැතිබැරි අයට යමක් දීම හොඳ දෙයක් සහ එය අගය කල යුතුයි. නමුත් රුපියල් දාහකින් අදවැනි කාලයක කලහැකි කෙංගෙඩියක් නැත. මොහු ඉදිරි පලාත් සභාවට තරඟ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකි. රුපියල් කෝටි දෙක හමාරක් දාහේ කොලවලින් වාහනයේ බොනට්ටුව උඩ ගොඩගසා මාධ්‍ය ප්‍රචාරයක්ද ලබාදෙමින් මේකරන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට අපහසු නැත.

:       2       6

බණ්ඩාThursday, 26 August 2021 12:41 PM

එහෙම කරන්නෙ ආයෝජනයක් කියල දැනගෙනද? හුඟක් බුද්ධිමත් ආයෝජනයක්.

:       0       8

fairoos Thursday, 26 August 2021 12:37 PM

ඊළඟ චන්ද අපේක්ෂකයෙක්

:       1       2

chandana Thursday, 26 August 2021 01:07 PM

හැමදාම හොඳ හොඳ අදහස් පහල වෙන අපේ විපක්ෂ නායක තමාට මේ අදහස පහල නොවුනේ දුප්පතාගේ කරුමෙට. මේක දකින විපක්ෂ නායක තුමා හෙට ඉඳල හැමෝටම සමානව මාසෙකට ජීවත් විය හැකි යැයි එතුමා කල්පනා කරන ගානක් හැමෝටම බෙදනවා නියතයි. එතුමාගේ තියෙන ආර්ථික ඥාණෙට ඒ් මුදල් හොායා ගන්න විදිහකුත් ක්ෂණිකව පහල වෙයි. කවදා හරි අගමැති ජනපති වෙලා මහජනතාවට සහන දෙන්න හොද පෙර පුහ්ණුවකුත් ලබාගනියි.

:       2       3

RaveendraThursday, 26 August 2021 02:49 PM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය. අනිත් එක ප්‍රේම, දුක් මහන්සිවෙලා හරිහම්බ කරපුව පුතා බෙදුවොත් නරක්වෙලා තියෙයි.... ඒ කෙසේ වෙතත් අප වැඩිදෙනෙකු පිං කරන්නේ දිව්‍යලෝකෙටම ඇහෙන්න අඩබෙර නාදකරමින්ය..

:       1       3

ranjith Thursday, 26 August 2021 01:21 PM

මේ කොරෝන උවදුර හමුවේ බත් පතෙන් හාල් මෝල් කාරයෝ සූරාකන හැටි සීනි ව්‍යාපාරිකයෝ ජනතාව සූරාකන හැටි බලන්න.

:       1       4

බණ්ඩාThursday, 26 August 2021 10:24 PM

පොහොර නැතිව මහන්සියෙන් වවපු විශාල වගා විනාශ වෙනවිට රජවරු සැදුව වැව් බැමි ප්‍රතිසංස්කරණය නැතිව විනාශවන විට පුංචි පාලමක් නැතිව මිනිස්සු අස්වනු කරේ, රජදරුවො හදපු පොලොන්නරුව වැව් ඉස්මත්තෙ ඇවිදින මංතීරු හදල වැව් බැමි පුපුරා ගියොත් වග කියන්නෙ කවුද? උමා ඔය ව්‍යාපෘතිය වගේ මේ ව්‍යාපෘතිය මිනිසුන්ට තියන වතුර පොදත් නැති නොකරයිද කියල කාටද සහතික කරන්න පුළුවන්. සූරා කෑමට හැම නිලධාරි මට්ටමේම කට්ටිය හවුල් නැත්නම් මෙය කල නොහැකියි.

:       1       5

Nihal Thursday, 26 August 2021 04:42 PM

කෝටි 500ක් වත් තියෙන්න ඕන කෝටි 2.50 දෙන්න.

:       0       2

Mahinda Fernando Friday, 27 August 2021 09:46 PM

මේ වගේ මිනිස්සු අපේ ජීවිතයට ඇවිත් දුෂ්කර ජීවිතයක් ගත කරන මිනිස්සුන්ට උදව් කරනවා දැකලා අපි ගොඩක් සතුටු වෙනවා.බුදු සරණ සහ දෙවි පිහිට ඔබ තුමාට හිමි වේවා

:       0       2

sugath Sunday, 29 August 2021 05:33 PM

මේ වගේ සල්ලි තොගයක් ළඟතබාගෙන ප්‍රසිද්ධියේ හැසිරීම තහනම් බව කරුණාවෙන් දන්වා සිටිමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැනට අදත් තරමක තද වැසි
2024 නොවැම්බර් මස 08 8 0

උතුරු සහ උතුරු - මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තු


පුටින් - ට්‍රම්ප්ට සුබ පතයි: සාකච්ඡා කරන්නත් කැමතියි
2024 නොවැම්බර් මස 08 675 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’


දකුණු කොරියානු ජනාධිපති බිරිඳ වෙනුවෙන් සමාව ගනී
2024 නොවැම්බර් මස 08 1029 0

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත


පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 2645 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 666 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 784 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 70 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 448 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1400 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site