IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


වයඹ ගුරුවරු ආණ්ඩුකාර කාර්යාලය වටලති

(අජන්ත රත්නායක)

කුරුණෑගල අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන් දහසකට වැඩි පිරිසක් අද පස්වරුවේ වයඹ ආණ්ඩුකාර කාර්යාලයට යාමට උත්සහා කළද  වයඹ පළාත් සභා සංකීර්ණයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල පොලිසිය විසින් එය නතර කරනු ලැබීය.

වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ගුරුවරුන් සම්බන්ධයෙන් ඉකුත් දා කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් මෙම ගුරු පිරිස ආණ්ඩුකාර කාර්යාලය වෙත ගමන් කිරීමට උත්සාහ කළහ.

කුරුණෑගල ඔරලෝසු කණුව අසල සිට කිලෝ මීටර් භාගයකට වැඩි දුරක් විරෝධතා පා ගමනින් පැමිණි පිරිස පළාත් සභා සංකීර්ණය වෙත ළඟාවූහ.

ප්‍රධාන පිවිසුම් දොරටුව  සියයකට වැඩි පොලිස් බලඇණියක් යොදවා තිබූ අතර  ආණ්ඩුකාරවරයා හමුවීමට උත්සාහ කළ බව ගුරු පිරිස දැන් වූ නමුත්, පොලිසිය ඊට අවසර නොදීම නිසා දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිවිය.

පසුව ලංකා ගුරු සේවා සංගමය වයඹ පළාත් ලේකම් එම්. ඒ්. විමලසිරි මහතා රැස්ව සිටි ගුරු පිරිස ඇමතීම සඳහා පළාත් සභා සංකීර්ණයේ පිහිටි තාප්පයක් මතට ගොඩවීමට උත්සාහ කළ අතර පොලිසිය විසින් එය වළක්වනු ලැබීය.

මෙහිදීත් දෙපිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර, ගුරුවරුන් විසින් විමලසිරි මහතා ඔසවා අදාල කණුව උඩට නැංවීය.



අදහස් (20)

වයඹ ගුරුවරු ආණ්ඩුකාර කාර්යාලය වටලති

Sunil Monday, 25 October 2021 05:52 PM

පුළුවන් නම් මේ ගුරුවරුන්ගේ වැටුප් කපන්න කියලා මුග්ධ ආණ්ඩුකාරයාට කියමු...

:       65       40

ajithMonday, 25 October 2021 10:20 PM

පාසල් නොපැමිණෙන ගුරුවරුන් ඉවතට.

:       2       26

Bamunuarachchi Monday, 25 October 2021 05:55 PM

ඈ බොල වැඩනොකර පඩි ගන්න අයනේ පඩි ගෙවන්නේ ආණ්ඩුකාරයා නොවෙයි... ජනතාවගේ බදු මුදල් වලින්. ඒ නිසා මේ කාලකන්නි රැළට සතයක් දෙන්න එපා.

:       75       86

සෙනෙවිරත්න Monday, 25 October 2021 07:28 PM

එතකොට ආණ්ඩුකාරයා මොකටද ගුරුවරුන්ගේ පඩිගැන කතාකරන්නේ? ජනතා බදු මුදල්වලින් පඩි ගන්නේ ගුරුවරු විතරද? ඔය බදුසල්ලි කාබාසිනියා කරපු අයට සාප කරන්නේ නැතිව ගුරුවරු සොච්චමකින් වැටුප් වැඩිකරන්න ඉල්ලුවාට කලබල වෙන්න එපා...

:       45       23

BamunuarachchiWednesday, 27 October 2021 07:20 AM

හලෝ පොයින්ට් එකට කතා කරන්නේ රටේ බදු සල්ලි නාස්තිවෙන එක වෙනම කතාවක්. ආණ්ඩුකාරයා හැටියට ඔහුට තිබෙන බලතල වලටයි ඔහු කතා කරන්නේ.ගුරවරු ගන්න පඩි සොච්චම ගැන මම දන්නේ මම ඉස්කෝලේ යන කාලේ සිටයි. ඒකට හේතුත් ඒ කාලේ ගුරු දෙවිවරු අපිට කියලා දුන්නා. ඒ ගැන පසුව කියන්නම්. රජයට දෙන්න පුළුවන් ප්‍රමාණය තමයි ඔය දෙන්නේ. මස් රාත්තලම ඉල්ලන නිසයි අපි විරුද්ද? 2014 මහින්ද මහතා රජයේ සේවකයින්ට වැටුප් වැඩිකළේ රු 3000 යි. ඒ දෙන්න පුළුවන් ප්‍රමාණය. රනිල් මොකද කලේ 10000 වැඩිකලා. ඊට පස්සේ අපි බදු ගෙව්වා. පීටර් ගෙන් හොරකම් කර පොල්ට ගෙවන්න බැහැ. ජනතාවට අනවශ්‍ය ලෙස බදු ගහල ගුරාලාට එකවර ගෙවන්න බැහැ.

:       0       0

Naushi Monday, 25 October 2021 08:59 PM

ඔව් ඉතින් කාලකන්නි දේශපාලන පවුල්වලට සහ ඔවුන් වටේ කැරකෙන මැක්‌කන්ටත් බදු සල්ලි වලින් සලකමු.. එතකොට ඔක්කොම හරි.

:       34       20

BamunuarachchiWednesday, 27 October 2021 07:41 AM

හළෝ ගොන් කතා කියන්නේ එපා. මම දේශපාලනයක් කතා කලේ නැහැ. උඹලා වර්ජනය කරපන් පඩි ගන්නේ නැතුව.එකයි කියන්නේ රජය දෙන්නේ දෙන්න පුවන් ප්‍රමාණය. රටේ ඉන්නේ ගුරුවරු විතරක් නොවෙයි . පෝල් ගෙන් උදුරාගෙන පීටර්ට ගෙවන්න බැහැ.

:       0       0

වර්ණකුලසූරිය Monday, 25 October 2021 09:23 PM

මැදමුලන වන්දනාව. මේ දවස්වල මැදමුලන ලොන්ඩ්‍රි බළකාය නිමක් නැති සේවයක යෙදෙන්නට සිදුවීමේ පීඩාව නිසා කුමක් කීවත් අපි එය ඉවසමු. ශ්‍රී ලංකාවේ දරුවන් වැඩි පිරිසක් මන්දපෝෂණයට ලක්වී සිටිති. එවැනි රටක නිරූපමා-නඩේෂන් සහ රාජපක්ෂ පවුල් සමාගම විදේශවල තැන්පත් කරන ධනස්කන්ධය ගැන කතා කිරීමට බදු ගෙවන වහලෙක් නොමැති වීම කණගාටුවට කරුණකි. ජීවත්වීමට සාධාරණ වැටුපක් ඉල්ලන සේවකයන් කාලකන්නි වීමටත්, පට්ට හොරුන්ට වන්දනා කරන්නත් ජනතාවක් සිටිම ගැන අපි කණගාටු විය යුතුයි.

:       41       21

BamunuarachchiWednesday, 27 October 2021 07:34 AM

මැන්ගොට්ටෝ ඉසෙල්ලා මැදමුලන ෆ්ෆොබියා එකෙන් මිදෙන්න .ඊටපස්සේ කතා කරමු. හලෝ ලෝකේ ඉහලම දියුණු ඇමරිකාවෙත් ස්ට්‍රීට් පීපල් කියලා පාරේ ජීවත්වෙන කොටසක් ඉන්න බව දන්නා වාද? නඩේසන් ගැන කොහෙවන් අහුලා ගත්ත නොදන්නා මගුල් කතා කොරන්න එපා. තමන් සැකයෙන් තොරව හරියට දන්නා දේවල් කතා කොරන්න.

:       0       0

ravin Monday, 25 October 2021 06:38 PM

දිගටම විරෝධතාවය දක්වන්න. එතකොට එයාටම තේරෙයි එයා පඩි ගන්නේ අපෙන් කියලා...

:       17       15

ලලිත් අම්බලන්ගොඩ Monday, 25 October 2021 06:41 PM

පේනවා නේද ගුරු හඬ. එකට ඉන්නවා නම් මොනවා කරන්න බැරිද? දැන්වත් එක එක දේශපාලකයින්ගේ හොරිකඩයින් නොවී, තම රාජකාරිය හරිහැටි ඉටුකොට ගුරු ශක්තිය පෙන්වමු. සමාජය යහමගට ගැනීමට ගුරුවරුන්ට තරම් ශක්තියක් වෙන කිසිවෙකුටවත් නැහැ. ගුරුවරුන්ට දේශපාලන පක්ෂයක් අවශ්‍යත් නැහැ. දරුවන්ට හරි මග පෙන්වමු. කිසිවෙකුට ගැති නොවී කටයුතු කරමු. රාජා කොල්ලුරේ වසර කිහිපයකින් ඔය තනතුරෙන් ඉවත් කරනවා. ඒක අද හෙට වෙන්නත් පුලුවන්. නැතිනම් තව වසරකින් හෝ දෙකකින් වෙන්නත් පුලුවන්. නමුත් ගුරුවරු. වයස 60 වන තෙක් සේවය කරලා විශ්‍රාම ගියත් මියයන තෙක්ම ගුරුවරු තමයි. මගේ තාත්තත් විදුහල්පති වරයෙක්... මේ වනවිට එතුමා මියගොස් වසර 27ක් වෙනවා. නමුත් තවමත් ඒ නමට සලකන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ නිසා ගුරුවරු කලින් කලට පාට වෙනස් කරන දේශපාලකයින්ගේ ගැත්තන් විය යුතු නැහැ. පාසල් දිනේවා. දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කරමු. ජයවේවා.

:       56       51

මහජනයා Monday, 25 October 2021 07:25 PM

කිසියම් රැකියාවක් කිරීමෙන් තමාට ලැබෙන වැටුප, පහසුකම් හෝ කාර්යභාරය ගැන සැහීමකට පත් නොවේ නම් කළයුතු හොඳම දේ තමාට ගැලපෙන වෙනත් සුදුසු රැකියාවක් සොයා ගැනීමයි. දැනටමත් පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු සේවකයන් එලෙස කටයුතු කරයි. උදාහරණයක් වශයෙන් පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල්වල ගුරුවරුද මෙම ක්‍රමය අනුගමනය කරයි. රාජ්‍ය අංශයේ පමණක් මෙම ක්‍රමය වෙනස් වන්නේ ඇයි? මෙසේ වන්නේ මොවුන් මේ ලබන ප්‍රතිලාභ වෙනත් රැකියාවකින් ලබාගත නොහැකි නිසා නොවේද? මෙම වසංගත සමයේ අධ්‍යාපන ක්‍රියාවලිය හා තම රැකියාවේ වගකීම් යුතුකම් පැහැර හරිමින් දින 100 ඉක්මවා අඛණ්ඩ වර්ජනයක් කර ගිනස් වාර්තාවක් තැබීය. මෙවන් ව්‍යවසනකාරී අවස්ථාවක නොවුවත් කිසිදු රටක මෙවන් දීර්ග නිර්ලජ්ජිත වැඩ වර්ජනයක් නොකෙරෙනු ඇත. මෙය ජාත්‍යන්තරයේ අපේ අධ්‍යාපන මට්ටම ගැන සඳහන් දර්ශක වල ඍන අගයන් සටහන් කරවන මෝඩ, පව්කාර අරගලයකි.

:       17       59

කිරි පුතා Monday, 25 October 2021 07:51 PM

මෙතන තියෙන්නේ ගුරුවරුන්ගේ ශක්තිය පෙන්වීමක් නොවෙයි... රටේ වාතාවරණයවත් හඳුනා නොගෙන ඔවුන් මේ පෙන්වන්නේ නොහික්මුණු වගක්... අශීලාචාර බවක්. අමන ගතියක්. කාගේ හෝ අතකොළු බවට පත්වී රටට හානිකර විදිහට හැසිරෙනවා...

:       19       57

Saku Monday, 25 October 2021 08:48 PM

සෑම අවුරුද්දකම එකම පාඩම ගුරුවරු දහස් ගාණක් උගන්වන නිසා තමයි විශාල ගුරුවරු ප්‍රමාණයක් ඕනෑ වෙන්නේ. නමුත් පාඩම පටිගත කර දරුවන්ට ලබා දුන්නාම එක ගුරුවරයෙක් එක පාරක් උගන්වපුවාම හොඳටම ඇති. ලංකාව වගේ පොඩි රටකට ගුරුවරු දහස් ගණන් අවශ්‍ය වෙන්නේ නැහැ.

:       66       37

sankaMonday, 25 October 2021 10:11 PM

ඔයා නම් වැස්කටවත් ඉස්කොලේ ගිහින් නෑ වගේ

:       4       21

chandanaTuesday, 26 October 2021 11:42 AM

ගතානුගතික අදහස් ඇති, තමන්ගේ දැනුම තම ලිඳ තුල පමණක් ඇතැයි සිතන්නා කිසි දින නවීන ලෝකය ජය නොගනී. අප හැම දාමත් ඒක තැන පල්වනුයේ ඒහෙයිනි.

:       0       2

AnaMonday, 25 October 2021 10:34 PM

නියමයි අදහස. කරලා බලන්න වටිනවා. හැබැයි මල්ලී ඒහෙම ඕනත් නැහ. සිලබස් ඒක පෙළ පොතේ තියනවා නේ. හිතලා බලන්න ගුරුවරු ඕන වෙන්නේ ඒතැනයි. මෙහි අදහස් දමන බොහෝ අය ගුරු වෘත්තීය ලෙස දකින්නේ යමක් කියා දීමයි. නමුත් වර්තමාන ගුරු වෘත්තිය ඒයට වෙනස්. විවිධ කුසලතා, විවිධ ගැටලු සහිත දරුවන් හදුනාගෙන දරුවන් සංවර්ධනය ගුරුවරයාගේ කාර්යයි. පාඩමක් පටිගත කරලා ඒය කල නොහැක.

:       1       39

chandanaTuesday, 26 October 2021 12:17 PM

ඔහු අදහස් දක්වා ඇත්තේ පවතින තත්වයට විසඳුමකි. එහි හරවත් බවක් ඇත. මාස ගණනාවක් අධ්‍යාපනයක් නොලබන තම දරුවකුට මුකුත් නැතුව සිටිනවාට වඩා ගතහැකි විකල්පයකි. ප්‍රධාන සංකල්පය ක්‍රියාවට නොනැගෙන කල්හි හොඳම විකල්ප තෝරා ගත යුතුයි. මෙයද එවැනි හොඳ විකල්ප විසඳුමකි. වර්ජන මානසිකත්වයෙන් මිදී මව්පිය දෘෂ්ඨියකින් බැලුවේ නම් මෙලෙස යෝජනාව ගෙනා අයට අපහාස නොකරනු ඇත. ඔබ දන්නා දේ හෝ ඔබ සිතනා දේ හෝ පරම සත්‍යය නොවීමට ඉඩ ඇත. මක්නිසාද යත් ඔබගේ අදහස්ද තව කෙනෙකුගෙන් ඉගෙනගත් දේ මත රඳා පවතින බැවිනි. ඔබට හොඳම විකල්පය වැඩ වර්ජනය යැයි විශ්වාස කිරීමට ඇති අයිතියම, තම දරුවාට ඉගැන්වීමට ඇති හොඳම විකල්පය මෙය යැයි සිතීමට ඒම පියාටත් අයිතියක් ඇත... එයට ගරුකළ නොහැකි ඔබ ගුරුකමට නොගැලපෙන නින්දිතයෙකි...

:       0       0

Lalith Monday, 25 October 2021 09:41 PM

එකම සින්දුව මිලියන ගානක් මිනිස්සු බලනවා. කිසිම ගෙවීමක් , පලුදු වීමක් නැතිව. මෙපමණ පරිගණක හා ජංගම දුරකථන තියෙන රටක, සෑම අව්රුද්දකම, එකම පාඩම, ගුරුවරු දහස් ගානක් කියල දෙන්ඩ ඕනි නැ කියලා මට නම් හිතෙන්නේ.

:       34       4

Saman Monday, 25 October 2021 11:25 PM

ආයෙත් කොවිඩ් පතුරවයි වගේ රට පුරා

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 2186 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 419 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 716 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 1073 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 189 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 654 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 731 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site