IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


වයඹ පාසල්වලට වන අලි තර්ජන

  (පුෂ්පකුමාර ජයරත්න)

වයඹ පළාත තුළ වන අලින්ගේ තර්ජනයට ලක්ව තිබෙන පාසල් 240 ක් මේවනවිට හඳුනාගෙන ඇති බව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය මගින් නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛනයකින් පෙන්වාදී තිබේ .

මේ අනුව වන අලි තර්ජන සහිත ප්‍රදේශ වල පිහිටි පාසල් සහ කෙලින්ම වන අලි පාසල් භූමියට ඇතුඵ වන පාසල් ලෙස වයඹ පළාතේ පාසල් හඳුනාගෙන තිබේ.

මෙම දත්ත සටහනට අනුව වයඹ පළාතට අයත් කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක වල පාසල් 179 ක් වන අලි තර්ජනයට ලක්ව ඇති අවදානම් කලාප වල පිහිටා තිබෙන අතර තවත් පාසල් 61ක් ඍජුවම වන අලි පාසලටම පැමිණෙන පාසල් ලෙසද හඳුනාගෙන තිබේ.

මෙම දත්ත සටහනට අනුව සුවිශේෂී තත්ත්වයක් වන්නේ මෙතෙක් කාලයකට වන අලි තර්ජනයක් එල්ලවී නොතිබුණු කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඉබ්බාගමුව අධ්‍යාපන කලාපය තුළ පිහිටි පාසල් 4 ක්ද වන අලි තර්ජන වලට ලක්වූ පාසල් ලෙස හඳුනාගෙන තිබීමය.

මීට මාස කීපයකට පෙර සිටම නියඟය පැවති අවස්ථාවේදී කුරුණෑගල නගරාසන්නයටම වන අලි පැමිණීම් වාර්තාවූ අතර එහිදී වන අලියෙකු එල්ල කළ පහරදීමකින් එක් පුද්ගලයෙකුද මරණයට පත් විය. ඉන් අනතුරුව අවස්ථා කීපයකදීම වන අලි ඉබ්බාගමුව ප්‍රදේශයේ දින කීපයක්ම සැරිසුරූහ.

කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් මහව අධ්‍යාපන කලාපයේ පාසල් 86 ක්ම වන අලි තර්ජන සහිත අවදානම් ප්‍රදේශ වල පිහිටා ඇති බවද තවත් පාසල් 38 කටම වන අලි පැමිණෙන පාසල් ලෙසද හඳුනාගෙන ඇති බව වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ මුදිතා ජයතිලක මහත්මිය අප කළ විමසීමකදී ප්‍රකාශ කළාය. මීට අමතරව නිකවැරටිය අධ්‍යාපන කලාපයේ පාසල් 57 ක්ම වන අලි තර්ජන සහිත අවදානම් ප්‍රදේශ වල පිහිටා ඇති බවද ජයතිලක මහත්මිය සඳහන් කළාය.

පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම අධ්‍යාපන කලාපයට අයත් පාසල් 32 ක්ම වන අලි තර්ජන වලට මුහුණපා සිටින අවදානම් ප්‍රදේශ වල පිහිටා ඇති බව පෙන්වා දෙන පළාත් අධ්‍යක්ෂවරිය තවත් පාසල් 23 කටම වන අලි පැමිණෙන බවද පැවසීය.

මෙසේ වන අලි තර්ජන එල්ලවී තිබුණද මෙතෙක් එම පාසල් වල ඉගෙනුම ලබන සිසුන්ට පාසල් කාර්ය මණ්ඩල වලට හෝ දෙමාපියන්ට කිසිදු හානියක් සිදුව නැති බව සඳහන් කරන ජයතිලක මහත්මිය නමුත් වන අලින්ගේ ප්‍රහාර වලින් පාසල් රැසක භෞතික සම්පත් වලට හානි සිදුව තිබෙන බව කීවාය. 

" වන අලින් පාසල් භූමියට ඇතුඵ වෙලා  භෞතික සම්පත් වලට හානි සිදු කිරීම බරපතළ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මේ නිසා පාසල් මෙන්ම දරුවන් පාසල් කාර්ය මණ්ඩල සහ දෙමාපියන් රැක ගැනීම සඳහා පාසල් භූමිය ආවරණය වන ආකාරයට ආරක්ෂක විදුලි වැටවල් ඉදි කිරීම සුදුසු බවට කළ යෝජනාවක් කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත මා මේවනවිට ඉදිරිපත් කරලා තිබෙනවා " යැයිද මුදිතා ජයතිලක මහත්මිය ප්‍රකාශ කළාය.

 

 



අදහස් (0)

වයඹ පාසල්වලට වන අලි තර්ජන

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1532 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 270 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 77 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 164 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 84 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 58 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39980 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25936 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 219 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site