IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


වයඹ පළාත් ප්‍රධාන ලේකම් තනතුරින් ඉවතට

(   පුෂ්පකුමාර ජයරත්න) 

වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

රංජිත් ආරියරත්න මහතා සම්බන්ධයෙන් ලැබී තිබූ චෝදනා සහ පැමිණිලි සැලකිල්ලට ගෙන ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.

වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ සහ වයඹ පළාතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ දේශපාලනඥයින්ගේ නියෝග සහ ඉල්ලීම් නොසළකා හැරීම සම්බන්ධයෙන් ඔහුට එසේ චෝදනා එල්ලවී ඇතැයිද වාර්තාවේ.

මේ ආකාරයේ චෝදනා කිසිවකට ආරියරත්න මහතා සම්බන්ධ නැති බැවින් ඔහු තනතුරෙන් ඉවත් නොකරන ලෙස වයඹ පළාතේ උසස් රාජ්‍ය නිලධාරීන් පිරිසක් වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් පවා කර තිබූ බවද පැවසේ.

ප්‍රධාන ලේකම් තනතුරෙන් ඉවත් කරන ලද ආරියරත්න මහතා ඒ වෙනුවට කුමන තනතුරකට පත් කළාදැයි යන්න මෙතෙක් ප්‍රකාශවි නැත. 

මේ ආකාරයට දිවයිනේ පළාත් සභාවකට පත් කරන ලද ප්‍රධාන ලේකම්වරයෙකු නියමිත සේවා කාලයට පෙර එම තනතුරෙන් ඉවත් කරනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

මෙම ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයද විරෝධය පළ කර ඇති බවද වාර්තාවේ.

ආරියරත්න  මහතා ඉවත් කිරීමෙන් පසුව පුරප්පාඩුව පවතින වයඹ පළාත් ප්‍රධාන ලේකම් ධූරය සඳහා මේ සතිය තුළ වෙනත් අයෙකු පත් කිරීමට නියමිත බවද සඳහන්වේ.



අදහස් (9)

වයඹ පළාත් ප්‍රධාන ලේකම් තනතුරින් ඉවතට

සාලිය​ Tuesday, 12 March 2024 10:38 AM

ඔය විදියට පොහොට්ටුව කියන දේ නොකළොත් ලොක්කාටත් තනතුර නැති වේවි. හොඳටම බයයි වගේ...

:       0       2

Nimal Tuesday, 12 March 2024 10:48 AM

මේ ලේකම්තුමාව තනතුරෙන් ඉවත් කළ අයව... ජනතාව ළඟදීම ඉවත්කරයි.

:       0       2

චන්දන Tuesday, 12 March 2024 11:21 AM

කාලකණ්නි දේශපාලකයින්ට හිස නොනමන රාජ්‍ය සේවකයින්ට අපගේ ප්‍රණාමය...!

:       0       2

ප්‍රභාශ් Tuesday, 12 March 2024 11:22 AM

දන්නා විදිහට ඉතාම හොඳ දේශ පාලනයට නොනැමෙන නීතිගරුක පරිපාලන නිලධාරී මහත්මයෙක්. රටේ අවාසනාව...

:       0       3

Thira Tuesday, 12 March 2024 01:07 PM

තව මාස 4ක් ඉවසල ඇදගෙන යමු.

:       0       2

Chinthaka Tuesday, 12 March 2024 02:24 PM

මේ රට මෙහෙම ප්‍රපාතයකට වැටුනේ දේශපාලුවො උන්ගෙ හිතුමනාපයට කරන කටයුතු අනුමත නොකිරීම නිසා මෙතුමාට ස්ථාන මාරුවක් දීලා තියෙනවා ඔහු කොන්ද කෙළින් තියෙන රටේ සංවර්ධනය පතන හොද නිළධාරියෙක් කියන්න පුළුවන් ප්‍රධාන ලේකම් කියන්නෙ දේශපාලුවො ඉදිරිපත් කරන හැමදේටම එඑහෙමයි කියා මුද්‍රාව තියන පළාතේ ඇති පොල් පිත්තක් නොවෙයි සෑම කෙනෙක්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ට අතිරේක ලේකම්ට සිදුවූදේ දන්නවා ඇතිනේ.රංජිත් විද්‍යාරත්න කියන්නෙ උසස්ම නිළධාරියෙක් කියන්න පුළුවන් පොහොට්ටුවෙ සියලු දේශපාලුවො බංගවේවා

:       0       2

CHANDIMA Tuesday, 12 March 2024 05:24 PM

චන්දෙට හොර චන්ද දාන්න දෙන්න බැහැ කිව්වාවත්ද ?

:       0       2

saman Tuesday, 12 March 2024 06:21 PM

මම අහලාතියෙන විදිහට මෙතුමා නීති ගරුක ,අවංක නිලධාරියෙක්.හොර දේශපාලුවන්ගේ අනිසි නියෝග පිළිගන්නේ නැති එකද වරද ?

:       0       2

Lalla Tuesday, 12 March 2024 06:40 PM

දේශපාලකයෝ රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට නියෝග නිකුත්කිරීම වලංගු නෑ. ඔවුන්ට ස්වාධීනව කටයුතුවල යෙදෙන්න අයිතිය තියෙන්න ඕන.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 45 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 0 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 391 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 171 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 334 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 764 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38590 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site