IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


වියලේන්ද්‍රන්ට ඇප

(රෝෂන් තුෂාර)

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම  සඳහා   රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගැනීමට ආධාර අනුබල දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි  හිටපු වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය එස් වියලේන්ද්‍රන් මහතා ඇප මත මුදාහැරීමට   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (08)නියෝග කළාය .

රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවට ද නියෝග කළාය.

මෙම විමර්ශනය ඊයේ කැඳවූ අවස්ථාවේදී සැකකරු බන්ධනගාර නිලධාරීන් මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු සම්බන්ධයෙන් මූලික විමර්ශන අවසන් කර ඇති බවය.


හිටපු ඇමතිවරයාගේ පුද්ගලික ලේකම් වන මඩකලපුවේ යෝගනාදන් රොස්මන් සහ කෞතිකිරන් ප්‍රදීපන් මෙම විමර්ශනයේ පළමු හා දෙවන සැකකරුවන් ලෙස නම්කර ඇතිි අතර එම සැකකරුවන් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම කර ඇත.

මහවැලි අධිකාරියේ බී කලාපයේ වැව් වලින්ව ලබා ගන්නා රොන් මඩ සහිත වැලි කැනීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය  හරහා බලපත්‍රයක් නිකුත් කිරීමට මෙම අල්ලස් මුදල පළමු හා දෙවන සැකකරුවන් ඉල්ලා ලබාගැනීම හා ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස  මහතා අධිකරණයට කරුණු දක්වමින්  සැකකරු සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසට ඉල්ලා සිටියේය

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුට ඇප නියම කරමින් විමර්ශන ප්‍රගතිය ජුනි මස 24 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළාය.



අදහස් (0)

වියලේන්ද්‍රන්ට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්
2025 අප්‍රේල් මස 21 135 0

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික


’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 215 1

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 258 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 160 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 174 1

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට
2025 අප්‍රේල් මස 21 288 0

යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 460 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 280 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site