(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අලුතින් පිහිටුවීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සිවිල් නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ආචාර්ය ප්‍රතාප් රාමනුජාම්, වෛද්‍ය අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන අය පත්කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (18) හිමිවිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අග්‍රාමාත්‍ය සහ විරුද්ධ පක්ෂයේ නායක යන දෙදෙනාගේම නාමයෝජනා මත මෙම තිදෙනා නම් කරන බවද ඔහු සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය.
අගමැතිතුමා නම් තුනක් ඉදිරිපත් කළා. නමුත් න්‍යාය පත්‍රයේ තියෙන නම හැරුණු කොට මේ අය ගැන අපි කිසිම විස්තරයක් දන්නේ නැහැ. මේ එක් එක් අය ගැන දළ විස්තරයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. ඔබතුමාල නම් තුනක් ඉදිරිපත් කරලා අපෙන් සහය ඉන්නවා. මම හිතන්නේ ඒක සාධාරණ නැහැ. නැතුව කොහොමද ඒ නම් අපි අනුමත කරන්නේ.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:
ඔබතුමාට අපි ඒ විස්තර ලබා දෙන්නම්.
අනුර දිසානායක මහතා:
එතකොට මොකක්ද මෙතන වෙන්නේ. අනුමත කරල ඉවර වෙලා ද විස්තර දෙන්නේ.
කතානායක:
සාකච්ඡා වට කිහිපයක් පවත්වලා මේ ගැන එකඟත්වයක් ආවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හැකි ඉක්මනින්ම පත් කරන්න ඕන.
අනුර කුමාර දිසානායක මහතා:
එහෙනම් ඒ විස්තර පසුව ලබා දෙන්න.
කතානායක:
හොඳයි. පසුව ලබා දෙන්නම්.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයෝ තිදෙනෙක්