IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ව්‍යවස්ථා සංශෝධනවලට බය වෙන්න එපා

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරණය නිසි කාලයේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවේ අද (19) පැවසීය.

සර්වජන ඡන්ද බලය හිමි වීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව  ක්‍රියාත්මක එකම රට  ශ්‍රී ලංකාව වන බවත් එම තත්ත්වය ඉදිරියටත් රැක ගැනීමට තමන් කැප වන බැවින්  ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කිසිදු  බියක් ඇති කර නොගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කීය.

ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමේදී තමන් එහි වගකීම බාර දුන්නේ විෂය සම්බන්ධ පළපුරුදු අයකුට බව කී ජනාධිපතිවරයා එවැනි කටයුතු පෙරදී සිදු කළේ කේ. එන් චොක්සි වැනි නීතිඥවරුන් සමඟ බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.

කෙසේ වුවත් 2015 වසරේ ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන අවස්ථාවේදී චොක්සි මහතා ජීවතුන් අතර නොසිටි බැවින් එම කටයුත්ත ජයම්පති වික්‍රමරත්න නීතිඥවරයාට බාර දීමට සිදු වූ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේය.

එම අවස්ථාවේ ඔහුගෙන් සිදු වූ අතපසුවීමක් නිසා වත්මන් ගැටළු සහගත තත්ත්වය ඇති ව තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ පිළිබඳ තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද පැවසීය.  

මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ හමුවට අමතරව  ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ද ජනාධිපතිවරයා අද සහභාගී  වූ අතර එහිදී ද අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (23)

ව්‍යවස්ථා සංශෝධනවලට බය වෙන්න එපා

panamura Friday, 19 July 2024 10:48 PM

නිසි කාලය කියන්නේ ඔය ගේම ගහලා හදාගන්න අලුත් කාලයටද?

:       0       0

විජිත් Friday, 19 July 2024 11:02 PM

රනිල් සීයේ, චොක්සි කියන්නේ කවුද කියලා මේ රටේ බොහෝ දෙනෙක් දන්නවා. ශ්‍රී ලංකාවේ ජනතාව පීඩාවට පත්කරන නීති රීති ඔක්කොම හැදුවේ ඔය කියන අසත්පුරුෂයින් තමයි. ඒකා මැරිලා, දැන් අවීචි මහා නරකාදියේ ලෝදිය හැලියේ තැම්බෙනවා. ඊට චුට්ටක් දුරින් ජේ ආර් සීයාව අපායේ වැසිකිලි වලේ ඔලුවෙන් හිටවලා තියෙනවා. මිනිහගේ කකුල් දෙක විතරයි එළියට පෙනෙන්නේ. ඔබ මොන සෙල්ලම දැම්මත් දැන් ඒවා වැඩ කරන්නේ නැහැ. ඔබ කියන කියන දේවල් කරන්න ගරු අධිකරණය ලැහැස්ති නැහැ. ඔබ කවුද? ඔබ නිකම්ම නිකම් "පිනෙක්" විතරයි. ඔබ ජනාධිපති වුණේ හොරුන්ගේ ඡන්දයෙන් මිසක් රටේ ජනතාවගේ ඡන්දයෙන් නොවෙයි. ඔබට මුළු ලංකාවෙන්ම ලක්ෂ 3 ක ඡන්ද ප්‍රමාණයක්වත් ලැබෙන්නේ නැහැ. ඔබ කරපු අපරාධ වලට ළඟදීම හිරේයන්න වෙනවා.

:       0       0

chandima Friday, 19 July 2024 11:07 PM

ඔය මොනවා කළත්, මේ පාර රොත්ත පිටින්ම පරදිනවා... පරදිනවාමයි... ඒ ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසා නෙවෙයි.. රටේ ධනය හොරකම් කරලා රට බංකොලොත් කරපු නිසා.. ඔය ව්‍යවස්ථා නාටක වලින් ඒ හොරකම් අපට අමතක කරවන්න බෑ. ඔයාලා ඔක්කොම හොරු..

:       0       0

චන්දිම Friday, 19 July 2024 11:58 PM

විජේදාස රාජපක්ෂට පල් එක කියන්නේ ආයේ කතා දෙකක් නැහැ.. බඩ කපාගෙන මැරෙන්න තමයි වෙන්නේ. මුළු රට ඉස්සරහම මහා ලොකු කතා කියන්න ගිහින් ලොක්කා නිකම් ආයේ මිනිහාව තඹ දොයිතුවකටවත් ගණන් ගත්තේ නැහැ...

:       0       1

Prabha Saturday, 20 July 2024 01:11 AM

රනිල් මාමේ අපි කම් බය නැ හැබැයි ඔයා නම් බය වෙලා වගේ

:       0       2

Kalum Saturday, 20 July 2024 01:38 AM

බය වෙන්න එපා කියනවා නම් අනිවාර්යයෙන් බය වෙන්න ඕනැ

:       0       2

Rata Perata Saturday, 20 July 2024 03:57 AM

මිනිස්සුන්ට මොළේ දෙන්න බෑ. මේ කියන කතා වලින්, කරන වැඩවලින් තමුන් කිසිම දෙයක් හැටියට දකින්න බුද්ධියක් නැති මිනිහෙක් බව පේනවා. පිනට අවුරුදු දෙකක් හිටියනේ. දැන් කරන්න පුළුවන් කෙනෙක්ට දීලා යන්න කරුමයක් වෙන්නේ නැතුව.

:       0       2

C.K.Lankaputhra Saturday, 20 July 2024 06:09 AM

තමුන්නැහැ ඇද බාල තියන බොරු හැටියට ඕකත්අපිට තඹ සතේක විස්වාසයක් නැහැ. බ්රේස්ලට්, ෆෝක්ස්වැගන් වගේ ඇදබාපු අමුලික බොරු කන්දරාව අපිට අමතක නෑ සෑර්.

:       0       3

Kanchana Saturday, 20 July 2024 06:11 AM

නීතිය සැකසීම කලාට පස්සෙ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මංත්‍රීලා දවස් ගණනක් සාකච්ඡා කරල නේද සම්මත කරන්නෙ ඇත්තටම සාකච්ඡා කරනකොට එක් වරක්වත් කියවලා බලන්නෙ නැද්ද අඩුපාඩු පේන්නෙ නැද්ද ඒ වෙලාවෙ මහලොකුවට කෑගහන මහාචාර්ය වරු සංශෝධනය ගැන අදහස් දක්වා නැද්ද එහෙම නැත්නම් ඔක්කොමලා අදහස් දැක්වූ මැති ඇමතිලා මොනවද කලේ .අඩුම ගණනේ දැනුමෙන් අගතැන්පත් කියලා හිතාගෙන ඉන්න ජෙපි පිරිස් ඔය ගැන කිව්වෙ මොනවාද කියලා හැන්සාඩ් වාවාර්තා අනුව කාටහරි රටට පැහැදිලි කරන්න කියලා උපදෙස් දෙන්න

:       0       1

අරවින්ද මොනරවිල Saturday, 20 July 2024 06:51 AM

අපි තමුන්ට බයත් නැහැ තමුන්ගේ කෙහෙල් මල් ව්‍යවස්ථා සංශෝධනයට බයත් නැහැ.ඔය ගෙන් පාර්ට් දාලා රටේ ජනතාව බයවෙයි කියලා හිතනවා නම් ගෝඨාට වෙච්ච දෙය හතක් කර ගන්නවා.

:       0       1

පුරවැසියා Saturday, 20 July 2024 07:08 AM

උන්ම හදපු ව්‍යවස්ථාවේ උන්ම හිල් තියලා උන්ම සංසංශෝධන ගේනවා ජනතාව දුක් මහන්සි වෙලා හම්බ කරන මුදලෙන් කොටසක් බදු විදිහට මහා භාණ්ඩාගාරය ට දෙන්නේ රටේ දියුණුවට මිසක් එක පිස්සන්ට ඕන විදිහට ඒ මුදල් නිකරුණේ නාස්ති කරන්න නෙමෙයි ව්‍යවස්ථාව ක් හරියට හදාගන්න බැරි එවුන් නායකත්වයට කිසිසේත්ම සුදුසු නැත.

:       0       1

Dayan Saturday, 20 July 2024 09:12 AM

මොන බොරුකාරයෙක්ද? හොදට සවන්දිය යුතුයි අද භාරත විඩියෝව පසුව තිරණය කරන්න අපේ බොරුකාර ජනාධිපති ගැන

:       0       1

Manasgatha Saturday, 20 July 2024 09:44 AM

ඇත්තටම ජනාධිපතිතුමා ඕක කරන්න අවශ්‍යම දෙයක් වෙන්නෙ කොහොමද කියලා පැහැදිලි කරන්න ඕක නිසා මානසික රෝගීන් අධිකරණයට යාවි ඒක රජයට ගැටලුවක් වෙන්නෙ කොහොමද අපි හිතන්නේ වාර තුනකදී අධිකරණය පැහැදිලි තීන්දුවක් දීලා තියෙනවා තවත් මොනවාද කරන්න ඕන කියලා තේරුම් ගන්න බැහැ .

:       0       1

ranjith Saturday, 20 July 2024 09:56 AM

ඔක්කොම ජනතාවගෙන් සසාව ගන්න වැඩ තමයි

:       1       2

sena Saturday, 20 July 2024 11:01 AM

මෙයා කියන්නේ බොරු කියලා ජයම්පති මහත්තයා කියනවා

:       2       3

Swene HaputhantirigeSunday, 21 July 2024 06:33 AM

මෙයා හැමදාම මොනවාහරි කතාකරනවා . එයාටත් සහචරයින්ටත් වාසි දායක වැඩ කරනවා . අරගල කාරයින්ට සලකනවා කියල අනික් අතට ගැහුවා මතකනේ. කෝ අර වොක්ස්වැගන් ෆැක්ටරිය ?

:       0       2

Chandana Saturday, 20 July 2024 11:11 AM

මේ නාකියා ඕනා බලු වැඩක් කරනවා බලේ ඉන්න අසාවට. ඕනෑම බලු කතාවකුත් කියනවා. මූට ගහලා පන්නන්න ඕනේ

:       3       5

fairoos Saturday, 20 July 2024 11:38 AM

ගෝටා එලව්වා වගේ ඔබතුමාටත් ඒ ඉරනම අත්වෙන්න කලින් ජන්දේ තිබුබොත් හොදයි

:       1       4

ජගත් ලියනගේ Saturday, 20 July 2024 02:24 PM

අටවන ජනාධිපති කියන ඒවා විශ්වාස කරන්න බැහැ. පළාත් සභා චන්දේ කල් දාන්න කියපු කතාව අපිට හොඳටම මතකයි .

:       1       4

විජිත් Saturday, 20 July 2024 05:08 PM

ඔය අසාධාරණ, අනීතික සංශෝධන වලට අපි බය නැහැ නැහැ සීයේ . ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඔය කඩදාසි කෑල්ල ඔබටම ආපහු දේවි ඔබගේ පස්ස පැත්ත පිසදා ගන්න කියලා. ඒවිතරක් නොවෙයි මිලියනයක විතර දඩයකුත් ගහයි. ලජ්ජානැද්ද සීයේ චන්දෙට කකුලෙන් අදින්නේ ?ඔය මොකෙන් ඇද්දත් චන්දෙ තියනවා, සීයා බලු විදිහට පරදිනවා. පැරදිලා නැට්ට පස්ස පැත්තේ ගහගෙන ගෙදරයන්න වේවිද නැත්නම් කෙලින්ම හිරේ යන්න වේවිද කියලා අපි බලාගෙන ඉමු.

:       2       4

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 21 July 2024 06:06 AM

එම්බල මහල්ල ඔය ක්‍රියාවෙන් රටට සිදුවෙන යම්කිසි යහපතක් වේද?තට එය පෙන්වා දිය හැකිද? ඔය අතිවිශාල වියදමෙන් කිරීමට වෙනත් කිසිදු ප්‍රයෝජනවත් කාර්යක් ඇත්තෙම නැද්ද?

:       0       2

de silva Sunday, 21 July 2024 09:52 AM

අපිද බය? ඔබද බය ?

:       0       2

R.T.sarath Sunday, 21 July 2024 10:00 AM

ව්‍යස්තාවේ ඔය කොටස වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ 2/3 සහ ජනමත විචාරණයක් ඕනේ , දේශපාලුවෝ පාර්ලිමේන්තුවේ අත උස්සල 2/3 දුන්නත් , ජනමත විචරණේ පරාද කරන්න ජනතාව පසුබට වෙන්නේ නැහැ , තව දින 7-8 ඇතුලත ඡන්දෙට දින නොදුන්නොත් , ඔය මොකවත් අවශ්‍යවෙන්නේ නැහැ , මිනිස්සු කොළඹ ඇවිත් ඔය 225 ම අල්ලා දියවන්නාවට විසි කරලා , ඔබව අල්ලල් හිරේ දමනවා ,අධිකරණේ සිටින්නේ ජනතාවගේ පැත්තේ

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2779 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2004 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2874 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2890 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 654 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1300 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36034 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 516 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site