(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍යාගාරයක වායු සමීකරණ ජල කාන්දුවකින් සියලුම අක්ෂි ශල්‍ය සහ අස්ථි සම්බන්ධ ශල්‍යකර්ම කටයුතු මුළුමනින්ම නවතා දැමීමට සිදුවී තිබේ.
රෝහලේ හත්වන මහලේ ස්ථාපිත " සී " ශල්‍යාගාරයේ ශල්‍යකර්ම සිදුකරනු ලබන ඇද මතට "ප්‍රධාන ශල්‍යාගාර ලාම්පුව සහ විදුලි පේනු පුවරුව" ඔස්සේ ජලය කාන්දුවීමෙන් ශල්‍යකර්ම සිදුකිරීම අනතුරුදායක තත්ත්වයක් ඇතිව ඇත.
ඒ හේතුවෙන් ශල්‍යකර්ම නවතා ඇති අතර හදිසි අක්ෂි සහ අස්ථි ශල්‍යකර්ම සඳහා රාගම සහ කොළඹ ජාතික රෝහල වෙත රෝගීන් මාරුකර යැවීමට සිදුව ඇති බව අක්ෂි හා අස්ථි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු පෙන්වාදෙති.
අක්ෂි ශල්‍ය කටයුතු නතරවීම මත ඇසේ සුද ඉවත්කර කාච දැමීම ඇතුළු අක්ෂි ශල්‍ය පොරොත්තු ලේඛනයේ රෝගී සංඛ්‍යාව මේ වනවිට 1800 පමණ දක්වා ඉහළ ගොස් ඇති බව දැනගන්නට ලැබුණු අතර අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ජේ.ඩී.ඩයස් මහතා පවසා සිටියේය.
ප්‍රධාන ශල්‍යාගාර ඇද මතට ජලය කාන්දුවීමක් සිදුවන තත්ත්වයක් මත ශල්‍යකර්ම සිදු කිරීම ඉතා අනතුරුදායක බැවින් කඩිනමින් ජල කාන්දුවට විසඳුමක් ලබා දිය යුතුව ඇති බවයි.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතාගෙන් විමසීමේදී මෙසේ කීය.
‘රෝහල් ගොඩනැගිල්ලේ මධ්‍යම වායූ සමීකරණ පද්ධතියෙන් ජල කාන්දුවීමක් සිදුවන බැවින් මෙම පද්ධතිය අලුතින් යෙදීමට බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත වාර්තා කර ඇති බවත් මේ සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදු වෙමින් පවතින බවත්ය.’
මේ අතර රෝහලේ වෛද්‍යවරයකු තම නම සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටිමින් සදහන් කර සිටියේ, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අට මහල් ගොඩනැගිල්ලේ ද වසර 20 ක පමණ කාලයක සිට ජල කාන්දුවක් පවතින බවත් මෙම රෝහලේ පවතින අඩුපාඩු සපුරාලීමට බස්නාහිර පළාත් සභාවට නොහැකි බැවින් රෝහල, මධ්‍යම රජයට පවරා ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්න ද සෞඛ්‍ය බලධාරීන් සහ දේශපාලනඥයින්ගේ නිසි අවධානයක් මෙතෙක් යොමුව නැති බවත් කනගාටුවෙන් වුවද ප්‍රකාශ කිරීමට සිදුව ඇති බවයි.
රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග
ආරච්චිකට්ටුව මාඑලිය ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරලී යාමෙන් එහි රියදුරු එම ට්‍රැක්ටර් රථයටම යටවීමෙන් මරණයට පත්ව ඇතිබව මුන්දලම ප
පෞද්ගලික ආරවුලක් මත ඊච්චලම්කුලම ප්‍රදේශයේදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ( 19) සුන්දරම් පුරම් ප්‍රදේශයේදී අත්අ
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ
කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වායුසමීකරණයේ දෝෂයකින් ගම්පහ රෝහලේ ශල්‍යකර්ම නවතී