(අනීෂා මානගේ)
වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට දරුවන් හය දෙනකු ඇතුළත් කර නොගන්නා බව කියමින් අද(17) විද්‍යාලයේ ජල ටැංකිය පිහිටි කුලුන මතට නැඟ පියවරු සිවු දෙනකු උපවාසයක් ආරම්භ කළහ.
වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කර නොගැනීම හේතුවෙන් එයට විරෝධය දක්වමින් මෙලෙස පියවරු සිව් දෙනා වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාල භූමියේ ජල ටැංකිය පිහිටි අඩි හතළිහක් පමණ උසැති කුලුන මතට නැඟ උපවාසයක් ආරම්භ කළහ.
මාස නවයක කාලයක් තිස්සේ මෙම දරුවන් හය දෙනාට පාසලක් නොමැතිව පීඩා විඳිමින් සිටින බවද තම දරුවන් වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයට ඇතුළත් කරගන්නා තෙක් උපවාසයේ නිරත පියවරු එම උපවාසය අත්නොහරින බවද පැවසූහ.
උපවාසයේ නිතර පියවරුන්ට සමහ දක්වමින් දරුවන් කිහිප දෙනකු සිය මවුවරු සමඟ පාසල ඉදිරිපිට රැඳි සිටි ආකාරයද දක්නට හැකිවිය.
අප මේ සම්බන්ධයෙන් වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ආර්.ඩී.වසන්ත මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ පැවසූයේය.
‘බඳවා ගැනීමේ චක්‍රලේඛනය අනුව දරුවන් පාසලට ඇතුළත් කරගැනීමේ හැකියාව නැහැ. ආණ්ඩුකාරතුමාට ඉදිරිපත් කළ අභියාචනා සලකාබලා දරුවන් යම් ප්‍රමාණයක් බඳවා ගන්න අවසර ලබා දී තිබෙනවා. නීත්‍යනූකූලව ඒ දරුවන් බඳවාගෙන තිබෙනවා. පාසලට ඇතුළත් කර නොගත් දරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා.මේ සියලු දෙනාම පාසලට ඇතුළත් කරගැනීමේ හැකියාවක් නැහැ. උපවාසයේ නිරත පියවරුන්ගේ දරුවන්ට වඩා ඉහළ ලකුණු තිබෙන දරුවන් තව සිටිනවා යැයිද මෙය නිත්‍යානූකූලව ලබා දිය හැකි ඉල්ලීමක් නොවන බවද හෙතෙම පැවසීය.
මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු
උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක
කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස
තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වීරකැටිය රාජපක්ෂ ප්‍රාථමිකයේ ටැංකියක් මතට නැඟ පියවරු උපවාසයක