(ඩයනා උදයංගනී)
පවුලෙන් පවුලට බලය මාරු වූ වරිග සභා දේශපාලනය මේ වන විට අවසන් වී ඇතැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
ඒ අනුව නාමල් රාජපක්ෂ පැඟිරාට බැටන් එක මාරු වන යුගය අවසන් වී සාමාන්‍ය මිනිස්සු අතට රටේ ඉරණම තීරණය කිරීමේ බලය ලැබීමේ යුගය උදාවී ඇති නිසා ඔහු වෙන රස්සාවක් සොයාගත යුතු බවත් වීරවංශ මහතා කීවේය.
ඔහු මේ බව පැවසුවේ පොල්ගහවෙල නගර ශාලාවේදී ඊයේ (19) පැවති නිදහස් ජනතා සන්ධානයේ ඇතුගල්පුර ක්‍රියාකාරී හමුවට එක්වෙමිනි.
‘ස්මාර්ට් පොලිටීෂියන්ස්ලා අවශ්‍ය බව තරුණ පරම්පරාව කීවත්, හිටපු මුදල් අමාත්‍යවරයකු වන යූ. බී. වන්නිනායක මහතා වැනි ‘ස්මාර්ට් පොලිටීෂියන්ලා 1977 විවෘත ආර්ථිකය හඳුන්වා දුන් පසු රටට අහිමි වූ බව ද කීවේය
බල්ලන් මරා හෝ මුදල් සොයන සංස්කෘතිය ආ පසු රටේ දේශපාලන පිටියේ ඉඩ ලැබුණේ ජොනීලා වැනි ව්‍යාපාරික ජාලවලට බව කී මන්ත්‍රීවරයා එම ක්‍රමය වෙනස් කර නැවත ආදර්ශ වපුරවන දේශපාලනය පොළොවට රැගෙන ආ යුතු බවත්, එය කළ හැකි නායකයන් නිදහස් ජනතා සන්ධානයේ මුල් පුටුවල සිටින බවත් පැවසීය.
ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබාගැනීමෙන් පසු ‘ණයට අරන් - සැපට කාලා - ජොලියෙ ඉඳලා - අනාගත පරපුර බිල්ලට දීමේ වැඩපිළිවෙල යළිත් ඉදිරියට ගෙනයාමට උත්සාහ ගන්නා බව ද හෙතෙම කීය.
රට ඉහළට ඔසවා තැබීමට අවශ්‍ය වන්නේ නිවැරැදි, නිර්ප්‍රභූ දේශපාලන නායකත්වයකට බව ද වීරවංශ මහතා සඳහන් කළේය.
විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස
රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයෙන් වු කෙසෙල්ගමු ඔයට පෙරැලීමෙන් එම මෝටර් රථයේ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වරිග සභා යුගය අවසන්
එමලින් Monday, 20 March 2023 04:48 PM
වරිග සභා අහෝසි කරනවා වගේම සුදුස්සාට සුදුසු තැනක් ලැබෙන ක්‍රමයක් හදන්න ඕන රටේ ඉහළම තනතුරු සදහා පත්වෙන සේවාවල පත්වීම් දේශපාලන හිතවතුන්ට දීම නවතා විභාග දූෂණ නැතිවෙන ආකාරයට විභාග පවත්වා බදවා ගැනීම කරන්න ඕන ඒ වගේම විදේශ සේවය සදහා බදවා ගැනීමත් දක්ෂයාට මෙන්ම සුදුසුකම් ඇති අයට දෙන්න ඕන එහෙම කරනවානම් ජනතාව ඔහේලට කැමැත්ත දේවි.
සත්‍ය ගවේෂී. Monday, 20 March 2023 04:49 PM
එදා ගිරිය පුප්පාගෙන වේදිකා දෙවනත් කරලා,බොරු ජාතිවාදය ආගම්වාදය අවුස්සා,රාජපක්ෂ පවුල් පාලනය රටේ රජ කෙරෙව්වා.ඔවුන් එක්කම හොඳින් කාබී නටා ඔවුන්ගේම පදේට රෙදි නැතිව නටා දැන් ඔවුන්ට පලුයන්න බනිනවා.ඔබලා සෙට් එකම ගැන මේ රටේ ජනතාව හොඳින්ම දන්නවා.මොකද ඔවුන් ඒවා නොදන්න මැරිලා ඉපදුනේ නැහැ.ඔහොම සෙට් එකම යන්නකෝ.ජනතාව හොඳ පරිප්පුවක් තමුන්ලාට දේවි. ඒක ෂුවර්.
Anura Nanayakkara Monday, 20 March 2023 04:50 PM
මෙම රටේ මිනිස්සු, විමල්, උදය ගම්මන්පිල වගේ මිනිස්සුන්ට රටේ නායකත්වයට ඒමට සුදුසුකම් නොමැත...
sisiraMonday, 20 March 2023 09:16 PM
ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලු මැතිවරණ සදහා මැතිවරණ කොමිසම විසින් සෑම අපේක්ෂකයෙකුගෙන්ම පොලිස් වාර්තාවක් ඉදිරිපත් කලයුතුබවට කොන්දේසියක් ඉදිරිපත් කල යුතුවේ. රටේ පුරවැසියන්ගෙන් 100% අනුමැතිය ලැබෙනු ඇත
සිල්වා Monday, 20 March 2023 05:02 PM
ජාතිවාදයට එහෙනම් තවමත් ඉඩ තියෙනවාද? චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රාජපක්ෂලා බලයට ගෙනාවේ කව්ද?...
sena Monday, 20 March 2023 05:05 PM
වරිග සභාවේ මුර බල්ලන්ට ස්වාමිය අමතක වෙලා...
Dasa P Monday, 20 March 2023 05:05 PM
වලිගේ ගිනි අරන් වගේ...
Warun Monday, 20 March 2023 07:06 PM
බල්ලෝ මරලා මුදල් හොයපු අය තමයි...
PODDA Monday, 20 March 2023 08:04 PM
එතකොට මහින්දගේ සාටකේ හෝදලා සට්ටන් රාළ වැඩේත් කරලා වරිගෙ පෝෂණය කරපු අයට මොකද වෙන්නේ?
ගමේ එකාලා Monday, 20 March 2023 08:07 PM
ලෙමන් පෆ් කකා බොරුවට උපවාසේ කරපු හැටි මතක් වෙනවා. ඒ වගේම මහින්දගේ සාටකේ එල්ලිලා ඇමතිකම් අරගෙන, බඩ වඩාගත්තු, දූෂණ වංචාවලින් ගොඩගිය කෙනෙක් කියන කතා මරු..
වජී Monday, 20 March 2023 08:52 PM
විමල්ගේ බිරිඳ ශෂි කලකට පෙර සලාකා කැසිනෝ එකට මුදල් ආයෝජනය කිරීම හොඳ වැඩක් වෙන්න ඇති. ඒ යාළුකම ඉවරවුනේ විමල්ගේ සල්ලි ආපසු නොලැබුණු නිසා ඔවුන් සලාකා කැසිනෝ අයිතිකාරිය එක්ක විරසක වුණා. ඕවා 2013/14 කාලයේ ප්‍රසිද්ධ පුවත්.
ආසිරි Monday, 20 March 2023 08:46 PM
මුන් ටිකත් මහින්දට, නාමල්ට සහයෝගය දීලා ණය අරන් ගෙවල් බෙදාගෙන සැපේ හිටපු එවුන්නේ
Bamunuaracchi Monday, 20 March 2023 08:48 PM
මෙයාට රාජපක්ෂලාගෙන් තොරව දේශපාලන ගමනක් නැහැ.මෙයා නියම ගේම්කාරයෙක්.භයානක මිනිහෙක්.මෙයාගෙන් පරිස්සම් වෙන්න සියලුම ජනතාව.
vijayanthi Tuesday, 21 March 2023 01:41 AM
ඔයා කටින්ද ඔක කිවුවෙ.
Perera Tuesday, 21 March 2023 02:42 AM
මෙයා ඉන්නවනම් එතන ප්‍රොඩාව සහ රැවටීම නිසෙකයි. මුන් මුන්ගෙ වාසියට වැඩ කරගන්න අපතයො.