(යොහාන් භාසුර)
සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ වැටුප් විෂමතා ගැටලුව මුල්කරගනිමින් බස්නාහිර පළාතේ සියලුම රෝහල්වල අද (26) පෙරවරු 7.00 සිට හෙට (27) පෙරවරු 7.00 දක්වා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසීය.
බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන මෙම වැඩවර්ජනය වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් පළාත් මට්ටමින් කරන අවසන් වර්ජනය බව කී රවී කුමුදේශ් මහතා ගැටළුවට විසඳුමක් නොලැබුණහොත් පෙබරවාරී මුල් සතියේ සිට අඛණ්ඩ අරගලයක් දියත් කරන බව ද සඳහන් කළේය.
කොළඹ ජාතික රෝහලේ සියලු සායනික කටයුතු පැවැත්වෙන අතර සියලු පරීක්ෂණ කටයුතු සහ බෙහෙත් නිකුත් කිරීම් නොකරන බව රෝහල් කාර්ය මණ්ඩල සේවකයකු පැවසීය.
(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)
(ඡායාරූප: යොහාන් භාසුර)
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වර්ජනයෙන් බස්නාහිර රෝහල් අඩපණයි
කිරි පුතා Wednesday, 26 January 2022 10:46 AM
අපේ රටේ කාලකන්නි රාජ්‍ය සේවකයින්ට මොකක් හරි එකක් තියෙනවා වැඩ වරන්න. ලෝකෙම රටවල් කොවිඩ් වලින් වැටුණු තැනින් නැගිටින්න උත්සාහ කරනවා. මේ අසත්පුරුෂයින් මොනම හරි හේතුවක් හොයාගෙන රට වට්ටන්න හදනවා.
Ukran Wednesday, 26 January 2022 11:27 AM
ගන්න පඩියට තව වැඩියෙන් පඩි ඉල්ලනවා. ජනතාවගේ සල්ල වලින් ඉගෙන ගෙන අපිටම වින කරනවා. ගහලා පන්නන්න ඕන අවස්ථාවාදී සමිතිකාරයෝ
jayasekaraWednesday, 26 January 2022 03:10 PM
දොස්තර කාලකණ්ණි කියන්නේ මුන්ට. ජනතාවගේ බදුමුදලින් පිනට ඉගෙන ගෙන... අපිටම කෙළිනවා. මේ ඔක්කොම හවසට පුද්ගලික ක්ලිනික් වල.. වැනලින් වල...
nimalThursday, 27 January 2022 01:16 AM
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැටුප් විෂමතා ගැටලුව මුල්කරගනිමින් බස්නාහිර පළාතේ සියලුම රෝහල්වල අද (26) පෙරවරු 7.00 සිට හෙට (27) පෙරවරු 7.00 දක්වා වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන පරිපූරක වෛද්‍ය වෘත්තිය වේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් ඇතුළු වර්ජනයට සහභාගි වූ සියලු දෙනාගේ පැය 24, දින තුනක් වැටුප කපා හරින්න... වැඩවර්ජකයන් තේරුම් ගතයුතු වන්නේ "What goes around comes around" බව අමතක නොකරන්න...
ukran Wednesday, 26 January 2022 11:30 AM
මිනිස්සු එකතුවෙලා ඔය රවී කුමුදේශ් කියන දොස්තරට සැලකුවා නම් හරි.හැමදාම මොකක් හරි කියලා ස්ට්‍රයික් .ඒත් එයාලාගේ ක්ලිනික් වල වැඩ .
fairoos Wednesday, 26 January 2022 01:02 PM
එතකොට සර්ට කඩේ දොස්තරලා කවුරුත් නැද්ද දැන්? දැන් සැපද?
බද්රානි Wednesday, 26 January 2022 02:01 PM
මතකද, අර පහුගිය කාලේ ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිව නැගී සිටි ලංකාවේ බඩ ලෙඩ්ඩු රැල...? අන්න ඔවුන්ට ලැබී තියන ප්‍රතිවිපාකය තමයි මේ. අලුතින් වෛද්‍යවරු බිහිවෙනවාට මෙන්ම රාජ්‍ය සෞඛ්‍ය සේවයේ ප්‍රමිතිය වර්ධනය වෙනවාට අකැමැති දොස්තරලාගේ කතන්දරවලට රැවටුණු නුඹලා තව ඔය විදිහටම පෝලිම්වල ලගින්න ඕනෑ. ඒ විතරක් මදි, වේදනාව තව ටිකක් වැඩිපුර දැනෙන්න ඕනෑ. තමන්ගේම බදු මුදලින් ඉගෙන ගත් දොස්තරලාගෙන් හා තමන්ගේ බදු මුදලින් වැටුප් ලබන සෞඛ්‍ය සේවයේ හා රාජ්‍ය සේවයේ නියුතු වූවන්ගෙන් තව තවත් පීඩාවට පත්වෙන්න ඕනෑ. අන්න එතකොට තමයි ගොන්කමට කරන පව් මේ භූමියේදීම ගෙවලා මැරෙන එක ලබන ආත්මයටවත් යහපතක් වෙන්නේ.. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක් නොවෙයි, ලංකාවේ සියලුම රාජ්‍ය සේවාවල සිටින්නේ මනුෂ්‍ය වෙස්ගත් තිරිසන් සතුන් කොට්ඨාශයක්... අනෙකාව පීඩාවට පත්කිරීම තමයි ඔවුන් ලබන සතුට... ඒ වගේම මහා කාලකණ්ණි වගතුවක්, සතුටක් සැනසීමක් නැති ජීවීන් කොටසක්... මෙවැනි අමන ලාංකික සමාජයක් බිහිවීමට හේතුව නුඹලා විසින්ම සොයා ගනිල්ලා පව්කාර මිනිසුනේ...!!!
HiranWednesday, 26 January 2022 02:52 PM
ඔව්... එහෙම වුණා නම් පෝලිම් වල ඉන්න වෙන්නේ නෑ. කෙලින්ම වලේ. එස් 3 වත් නැති හොර තක්කඩින්ගෙන් බෙහෙත් අරන් වන්ශොට් ඩවුන්. අනිත් හොඳම එක තමයි මේ ස්ට්‍රයික් එක කරන්නේ දොස්තරලා නෙමේ... අපේ රටේ මෝඩ ගෑණු හිතන් ඉන්නේ හොස්පිටල් එකේ ඉන්නේ දොස්තරලා විතරයි කියලා...
බද්රානි Wednesday, 26 January 2022 04:31 PM
කියන්න දෙයක් නැති වුණාම මෙතන එස් 3ට වෛද්‍ය විද්‍යාව හදාරනවා වගේ දෙකයි පනහේ ගොන් කතා නොකියා ඉන්න හලෝ... අපි නොදන්නා ලංකාවේ දොස්තරලා, සෞඛ්‍ය සේවක සේවිකාවන් හා රෝහල් ගැනද ඔබ මේ කයිවාරු ගහන්න එන්නේ? එතකොට සුවසැරිය ගිලන් රථ සේවය ගැන ජනතාවට එදා බිල්ලෙක් මැව්වේ අර මාෆියා කල්ලියේ තක්කඩි දොස්තරලා නෙමේද? දුප්පත් අසරණ රෝගීන්ට රජයේ රෝහල් වල ප්‍රතිකාර නොකර පෞද්ගලික රෝහල් වල මුදලට කරන ප්‍රතිකාර ගැන අපි නොදන්නවා කියලද ඔබ හිතාගෙන ඉන්නේ? මතකද එදා, ඔය රජයේ රෝහල් වලට පැමිණෙන අසරණ රෝගීන්ව මුලා කරමින් බොරුව සමාජ ගත කරලා පෞද්ගලික වෛද්‍ය පීඨ බිල්ලෙක් මැව්වා. අදත් මේ අමනයින් කරන්නේ ඒකම තමයි. අන්න ඒ බොරුවට රැවටුණු අඥාන ජනතාවට මෙවැනි කර්මයක් පඩිසන් දී පෝලිම් වල ලැගීමට සිදුවීම ඉතාම සාධාරණයි. නරා වලටත් කැමැත්තෙන් බසින ජනතාවක් වෙසෙන රටක මෙවැනි වර්ජන, ගර්ජන ඝෝෂා සාමාන්‍යයි. ආයේ මැරුණට පස්සේ අමුතුවෙන් අපායකට යන්න අවශ්‍ය නැහැ මේ තමයි හොඳම අපාය..
අප්පුහාමි Wednesday, 26 January 2022 06:48 PM
බද්‍රානි ඔබතුමියගේ අදහස ඉතාමත් නිවැරදියි. ඔබ රාජ්‍ය සේවය ගැන කියපු දේ සියයට සියයක්ම හරි. ඉස්සර කෙනෙකු රජයේ ආයතනයක් වෙත සාමාන්‍ය ලිපියක් යැව්වත් දින කීපයක් ඇතුළත සාර්ථක පිළිතුරක් නැත්නම් ලැබුණු බව හෝ දන්වනවා. දැන් ලියාපදිංචි ලිපියකටවත් කිසිම පිළිතුරක් නොදෙන පිරිසක් ලංකාවේ ඉන්නේ. කාර්යාලයකින් ලිපියක් යැව්වත් ආමන්ත්‍රණයක් නැහැ එහෙම වුණාට ලොක්කෝ ඒවාට අත්සන් කරනවා. අපි රජයේ සේවය කළ කාලයේ ඒවාට අවවාද කරනවා. දැන් රාජ්‍ය ආයතනවල ඔක්කෝමලා ඉන්නේ අපි ඔක්කොම රජවරු කියලා හිතාගෙන.. මේවා බලන්න කිසිවෙක් නැහැ. බලන්න දන්න අයත් රාජ්‍ය සේවයේ නැහැ. මම දැක්කා එක් කාර්යාලයක සංවිධාන සටහන එහි ආයතන ප්‍රධානියා යටතේ දෙවැනියා යටතේ තමා ගණකාධිකාරි හා සැලසුම් අධ්‍යක්ෂ දක්වා තියෙන්නේ... සමාන තනතුරුවල එහෙම වෙන්න බැහැ. එතරම් රජයේ සේවා පිරිහිලා තියෙනවා.
Rohana Wednesday, 26 January 2022 04:35 PM
සෞඛ්‍ය සේවයේ අවුරුද්දෙ වැඩිකාලයක් තියෙන්නේ වර්ජන. එක්කෝ රජයේ වෛද්‍ය නිලධාරීන් නැත්නම් පරිපූරක වෛද්‍යවරුන් නැත්නම්, හෙද හෙදියන් නැත්නම් අනිකුත් කාර්ය මණ්ඩල. මේකේ ඉවරයක් නැති වර්ජන නිසා අසරණ වන්නේ රෝග වලට ප්‍රතිකාර ගන්නා ජනතාව... සෞඛ්‍ය සේවය අඛණ්ඩව පවත්වාගෙන යායුතු සේවාවක්. මොවුන්ට අසරණ රෝගීන් ගැන අනුකම්පාවක් නැද්ද?
sugath Wednesday, 26 January 2022 04:54 PM
මේක ඉතින් පුදුම වෙන්න දෙයක් නෙවෙයිනේ. මොකද, දැන් කොහොමත් රටේ ආණ්ඩුවක් කියලා එකක් නැහැනේ...
බස්තියන් Wednesday, 26 January 2022 05:19 PM
කළමනාකරණයේදී තියෙනවා ගැටුම් කළමනාකරණය කියලා විෂයක්... රජයේ වැටුප් කමිටුව හැමදාම කරන්නේ... (පාලකයෝ කියන ආකාරයට කරන නිසා ) ගැටුම් ඇතිවෙන ලෙසට වැටුප් පරිමාණ සැකසීමයි. එහෙම ගැටුම් ඇතිකළාම ඕනෑම වැරැදි තීරණයක් රහසේම ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් බලන්න සුව සේවයේ හැමදාම වර්ජන. ඒ අතර අද අධ්‍යාපන පරිපාලන සේවයේ අයත් වර්ජනය කලාලු. ඔවුන් දීප ව්‍යාප්ත සේවයේ කණ්ඩායමක්. ඒ නිසා ඔවුන්ට වර්ජනය කරන්න අයිතියක් නැහැ. කොහොමත් දීප ව්‍යාප්ත සේවා එකොලහෙන් එකකට දෙන්න බැහැ. ඔක්කෝටම දෙන්න වෙනවා... මෙහෙම රටක් පාලනය කරන්න පුලුවන්ද?
විපරමා Wednesday, 26 January 2022 05:28 PM
මොන ප්‍රශ්න තිබුණත් මේ අය කරන වැඩ වලින් අසරණ වෙන්නේ ලෙඩ්ඩු. මෙහෙම හැමදේකටම ස්ට්‍රයික් කරන රටක් ලෝකෙම නැතුව ඇති.