IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


වෙරිටේ රිසවර් අය වැයට යෝජනා 10ක් දීලා

(විමුක්ති එස් රුද්‍රිගු)

2024 අයවැය ඉදිරිපත් කිරීමට පෙර  වෙරිටේ රිසර්ච් ආයතනය සංවිධානය කළ ආදායම් හා ආර්ථික වර්ධනය වෙනුවෙන් අයවැයකරණය යන මාතෘකාව යටතේ පැවති කතිකාවකදී ශ්‍රී ලංකාවේ ආදායම ඉහළ නැංවීම සහ ආර්ථිකය පුනර්ජීවනය සඳහා නිර්මාණය කරන ලද අයවැය යෝජනා 10 එළි දැක්වූවේය.

එහිදී රඳවා ගැනීමේ බදු අනුපාතික දැනට පවතින සියයට 5 සීමාවේ සිට සියයට 10 දක්වා වැඩි කිරීම, සිගරට් බදු පිළිබඳ 2019 අයවැයෙන් ගෙන ආ යෝජනාව වසරින් වසරට ගැලපෙන අයුරින් කාලානුරූපිව වෙනස් කිරීම, සීනි බදු අඩු කිරීම සහ වෙනස් කිරීම පිළිබඳ විධායක අභිමතය ඉවත් කිරීම,ජාත්‍යන්තර මිල සුත්‍රය අනුව නොව සමස්ත කර්මාන්තය මතම වැඩි කරන ලද බද්දක් සහ වැඩි මිලක් නියම කිරීම හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අතිරික්ත ව්යදම අයකර ගැනීම සහ දේපළ බදු ඇස්තමේන්තු කිරීම සහ අයකර ගැනීම සඳහා විස්තර කර ඇති ක්‍රමය ක්‍රියාත්මක කිරීම ආදායම වැඩි කිරීම අරමුණු කරගත් යෝජනා අතර විය.මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම මගින් දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 190 ක් පමණ මෙරට ආදායමට එකතු කර ගත හැකි බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දුන්නේය.

රාජ්‍ය අනුග්‍රහය සහිත ප්‍රසූත නිවාඩු ප්‍රතිලාභ හඳුන්වා දීම, දුප්පතුන් ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ට සහනාධාර ලබා දීමේ වඩාත් හොඳ ඉලක්කගත ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම, වෙළඳාම පහසුකරලීමේ පියවරයන් ක්‍රියාත්මක කිරීම, වෙළඳ ලකුණු ලියාපදිංචි කිරීම පිළිබඳ මැඩ්රිඩ් ප්‍රොටොකෝලය හා සම්බන්ධවීම සහ බැංකු ක්ෂේත්‍රයේ ආරක්ෂා කිරීම සඳහා වන ක්‍රියාමාර්ග ආර්ථික පුනර්ජීවනය අරමුණු කරගත් යෝජනා පහ ලෙස වෙරිටේ රිසර්ච් ආයතනය හඳුන්වා දුන්නේය .

එක්සත් රාජධානියේ සංවර්ධන අධ්‍යයන ආයතනයේ මහාචාර්ය මික් මුර්, ජෝර්ජ් ටවුන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත දේවරාජන්, ඔබර්ලින් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය උදාර පීරිස් සහ වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන්ත ද මෙල්, පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිණී අබේසිංහ, ප්‍රධාන ආර්ථික විද්‍යාඥ රාජ් ප්‍රබු රාජකුලේන්ද්‍රන්, ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මතීෂ අරංගල සහ ප්‍රධාන දත්ත විශ්ලේෂක අශ්වින් පෙරේරා යන මහත්ම මහත්මීහු මෙම කතිකාවට සහභාගී වූහ.

සිය සමාරම්භක අදහස් දැක්වීමේදී ආචාර්ය නිශාන් ද මෙල් මහතා තිරසාර ආර්ථික ප්‍රකෘතිය සඳහා ආදායම් වැඩි කරන අතරම පොලී පිරිවැය අඩුකිරීමේ වැදගත්කමද අවධාරණය කළේය.2024 වර්ෂය සඳහා ඉදිරි අයවැයෙන් පුරෝකථනය කරන ලද පොලී පිරිවැය වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ ආර්ථික ප්‍රතිසාධන සැලැස්මෙන් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා රුපියල් බිලියන 234 කින් වැඩි බවද ඔහු සඳහන් කළේය. පොලී පිරිවැය සහ රජයේ අදායම අතර ලෝකයේ පවතින ඉහළම අනුපාතය ශ්‍රී ලංකාව සතුව දිගටම පවතිනු ඇතැයි ඔහු පැවසුවේය.

 



අදහස් (2)

වෙරිටේ රිසවර් අය වැයට යෝජනා 10ක් දීලා

සිල්වා Monday, 13 November 2023 08:57 AM

ජනතාව තවතවත් පීඩනයට ලක් කරන යෝජනා දහයක්...

:       2       8

Pasan Perera Monday, 13 November 2023 04:03 PM

ඔබ උපායමාර්ගික වේශයක් නොවේ. දූෂණය තියෙනවා නම් රජයේ ආදායම වැඩි කරලා වැඩක් නැහැ. එවැනි තත්වයක් තුළ වඩා හොඳ විකල්පය වන්නේ පුද්ගලික අංශය ශක්තිමත් කිරීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 6 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 270 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 621 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 319 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 184 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 429 2

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39614 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25776 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site