(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ අධි උද්ධමන තත්ත්වයක් ඇති වී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.
බ්ලුම්බර්ග් ආර්ථික විද්‍යාඥයන්ගේ සමීක්ෂණ අසත්‍ය කරමින් ශ්‍රී ලංකාවේ ජූනි මස මෙරට උද්ධමනය සියයට 54.6 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.
බ්ලුම්බර්ග් ආර්ථික විද්‍යාඥයන්ගේ සමීක්ෂණ දත්ත උපුටා දක්වමින් ජූනි මස උද්ධමනය සියයට 43.7 වේ යැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය මීට පෙර සඳහන් කළේය.
බොහෝ ආර්ථික විද්‍යාඥයන් අධි උද්ධමන සීමාව ලෙස හඳුන්වන සියයට 50 සීමාව ශ්‍රී ලංකාව ඉතා පහසුවෙන් පසුකර ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය මැයි මාසයේ සියයට 39.1 ක් වූ අතර එය ජූනි මස සියයට 54.6 දක්වා ඉහළ ගොස් ඇත.ජූනි මස මාසික වෙනස සියයට 12.8 කි.ජූනි මස සියයට 12.8 මාසික වෙනසට ආහාර කාණ්ඩයේ අයිතම වල මිල ගණන් සියයට 6.81 කින් ඉහළ යාම සහ ආහාර නොවන කාණ්ඩයේ අයිතම වල මිල ගණන් සියයට 5.99 ඉහළ යාම හේතු විය.
මෙලෙස වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය ඉහළ යාම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල අයිතම වල මිල ගණන් හි සිදුවූ මාසික ඉහළ යෑම බලපෑ බව ආර්ථික විද්‍යාඥයෝ පවසති.
ශ්‍රී ලංකාවේ මැයි මස ආහාර කාණ්ඩයේ උද්ධමනය වූ සියයට 57.4 ජූනි මාසයේදී සියයට 80.1 දක්වා ඉහළ ගොස් ඇත.මැයි මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මැයි මස සියයට 30.6 ක් වූ අතර එය ජූනි මාසයේදී සියයට 42.4 ලෙස සටහන් විය.
ආනයනය කිරීමට විදෙස් සංචිත නොමැතිවීම නිසා ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල අයිතම හිඟයකට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි.
ජූනි මාසයේදී මාළු,එළවළු,බේකරි නිෂ්පාදන,සහල් සහ කිරිපිටි මිල ඉහළ ගියේය. එය ආහාර උද්ධමනය වැඩි වීමට හේතු වී ඇත.ආහාර නොවන කාණ්ඩය තුළ ප්‍රධාන වශයෙන් ඉන්ධන මිල,ප්‍රවාහන ගාස්තු සහ බස් ගාස්තු ඉහළ යාම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය වැඩි වීමට සාධකයක් විය.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්යමය පදනම මත මූලික උද්ධමනය මැයි මාසයේ සියයට 28.4 ක් වූ අතර එය ජූනි මාසයේදී සියයට 39.9 දක්වා ඉහළ ගොස් ඇත.
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වාර්තාගත ලෙස උද්ධමනය ඉහළට