IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


විරෝධතාකරුවන් විසුරුවන්න කඳුළු ගෑස්

(යොහාන් භාසුර)
ගාලුමුවදොර අරගලයට දින 50 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අද (28) පස්වරුවේ පැවැති පෙළපාළියට ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ආසන්නයේ බැංකු මාවතට පිවිසීමට ගත් උත්සහයේදී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් උණුසුම් තත්වයක් ඇති විය.
මෙම පෙළපාලියට බැංකු මාවත ඇතුළු මාර්ග කීපයකට ඇතුල්වීම තහනම් කරමින් අධිකරණය තහනමක් පනවා තිබියදී උද්ඝෝෂකයන් බැංකු මාවතට පිවිසීම සඳහා මාර්ග බාධයක ඉවත්කරමින් සිටියදී පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරය ක්‍රියාත්මක කළේය.
පොලිසිය බැංකු මාවතට පිවිසෙන අවස්ථාවේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව එළව එළවා කඳුළු ගෑස් එල්ල කිරීමට නිසා උද්ඝෝෂකයන්ට පසු බැසීමට සිදුවිය.
මෙම උද්ඝෝෂණයට ගුරු සහ සෞඛ්‍ය ඇතුළු රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශ නියෝජනය කරමින් සහ අධ්‍යාපන සහ සිවිල් සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වූහ.
පෙළපාළිය අද පස්වරුවේ කොල්ලුපිටියෙන් ආරම්භ වී අරලිගහ මන්දිරය අසළින් ගමන් කර පොලිස් මූලස්ථානය පිහිටි ප්‍රදේශයට ඇතුළත් වීමට උත්සහ ගත්තේය.
එම උද්ඝෝෂකයන් පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ වර්තමාන ආණ්ඩුව පළවා හරින තෙල් සටන අත්නොහරින බවයි. 

( ඡායාරූප ගයාන් අමරසේකර)

(ඡායාරූප ශාන්ත රත්නායක)

 



අදහස් (23)

විරෝධතාකරුවන් විසුරුවන්න කඳුළු ගෑස්

darma Saturday, 28 May 2022 08:17 PM

කඳුළු ගෑස් නෙමෙයි 20-30ට බැටන් චාර්ජ් රබර් උණ්ඩ නෙමෙයි, දණිස්සෙන් පහළට ජීව උණ්ඩ වුණත් කමක් නැහැ... තියලා දාන්න. මොන මගුලක්ද මේ? මේ රටේ වැඩක් කරන්න නැහැ. ටුවරිස්ට් කෙනෙක් එන්නේ නැහැ.. ඉන්න ආයෝජකයෝත් යන්න යනවා. ජවිපෙට, පෙරටුගාමීන්ට, අන්තරේට, රස්තියාදුකාරයින්ට, මැරයින්ට ඕන විදිහට රටක් ගෙනියන්න බැහැ. මෙහෙම වුණාම මේක අරාජික රටක් වෙනවා. ඕනෑම දේක සීමාවක් තියෙනවා. නිකං කන්න බොන්න හම්බවෙන අයට වෙන වැඩකුත් නැහැනේ. අපිත් අරගලේට ගියා. දැන් වැඩේ ඕනවට වැඩියි.

:       49       178

Sanju Sunday, 29 May 2022 12:03 AM

මේ උද්ඝෝෂණ නිසාද මේ ර විනාශ වුණේ? රාජපක්ෂලා ඇතුළු පාලකයින් නිසා නොවේද? මේ උද්ඝෝෂණ නිසාද සංචාරකයින් එන්න ඇත්තේ. ඒ අයට හෝටල්, ට්‍රාන්ස්පෝර්ට් වගේ යටිතල පහසුකම් නැතිකම නොවේද? ආයෝජකයෝ එන්නැත්තේ මේ රටේ අධික උද්දමනය නිසා නොවේද? මේ දේවල් නොතේරෙන්නේ ඔබගේ DNA හෝ ජාතකේ අවුලක් නිසාද?

:       3       4

කුලුණුSunday, 29 May 2022 02:09 AM

යම් රටක මහජනයා ආරක්ෂා කරමින් රට යහපත් දිශාවකට රැගෙන යාමට ජනාධිපතිවරයාට අගමැතිවරයා ඇතුළු පාර්ලිමේන්තුවට මහජනතාව බලය ලබාදී ඇත. එම බලය නිසිලෙස පාවිච්චි නොකරමින් මහජනයාත්, රටටත් හානිකර ලෙස ක්‍රියාකරන්නන් පිරිසක් පාලනය කර ගැනීමට අපොහොසත් වීම සම්බන්ධව ජනපති, අගමැති හා කැබිනට් මණ්ඩලයට විරුද්ධව නඩු දැමිය යුතුයි. අත්අඩංගුවට ගෙන ඔවුන්ට දැඩි දඬුවම් ලබාදිය යුතුයි. එසේම මහජනයා යනු ගෝල්ෆේස් එකේ ඉන්න හරක් නොවන බව ඔවුන් තරයේම සිහිතබාගත යුතුයි.

:       3       2

BamunuarachchiSunday, 29 May 2022 07:34 AM

දණිස්සෙන් ඉහළට වෙඩිතියන්න. වෙඩි තියනකොට ඉඳගත්තු නිසා ඉහළට වැදුණා කියන්න.

:       6       7

swiss Saturday, 28 May 2022 08:20 PM

රට අගාධයට වැටී ඇති මොහොතක මොවුන්ගේ හැසිරීම හරිම තුච්චයි ..! කඳුළු ගෑස් වෙනුවට දුවන්නම දුන්නා නම් ඉවරයිනේ..!

:       45       134

අතුල සෞදි Saturday, 28 May 2022 08:27 PM

1971දී සිරිමාවෝ මැතිණියගේ ආර්ථික ක්‍රමයටත් විරුද්ධව කැරලි ගැහුවා, 1988/89 වසරවලදී ජේ.ආර් ගේ ක්‍රමයටත් විරුද්ධව කැරලි ගැහුවා. දැනුත් ඒ සුපුරුදු විනාශයම කරනවා. මේ රට හදන්න නම් සියලු විශ්ව විද්‍යාලවල දේශපාලන සංගම් සහ රාජ්‍ය ආයතනවල වෘත්තීය සංගම් තහනම් කළ යුතුයි.

:       33       99

swissSaturday, 28 May 2022 11:27 PM

අතුල සෞදි ...! ඔබගේ අදහස හරිම වටිනවා.. පිටරටකට ඉගෙන ගන්න ආව මටම තේරුණා කාලයේ වටිනාකම...! එහෙම ආවාම දැනුණා උපයන මුදලේ පැය ගාණට උපයපු මුදලේත් කාලයේත් වටිනාකම... ඒ වගේම අපේරට දියුණු නොවී ආපස්සට යන්න හේතුව... විශ්ව විද්‍යාල ඉගෙනුමට ගාස්තුවක් අය කළා නම් ඒ අයට එය වැටහේවි කාලයේ අගය... අනික අද ඔය විශ්ව විද්‍යාලවල දේශපාලන සංගම් සහ රාජ්‍ය ආයතනවල වෘත්තීය සංගම්වල ඉන්න අයගේ දරුවන්ම වෙන්න ඇති ඔය කැරලි ගසන්නේ..! ඔය සංගම් පුටුවල අද ඉන්න අය එදා ඔබ සඳහන් කළ 71 හා 89 කැරලි ගහපු අයම වෙන්න ඇති..! පිටරැටියන් අපේ රට වනසන්නේ නැහැ. වනසන්නේ පිල් බෙදුණු සිංහල ජාතියමයි..!

:       0       4

BamunuarachchiSunday, 29 May 2022 07:31 AM

මේ විරෝධතාවල මහා මොළකරුවන් යන ලෝකෙකට යවන්න...

:       4       5

Shammi PereraSunday, 29 May 2022 01:26 PM

අපි කිව්ව මහින්ද මහත්තයයි, බැසිල් මහත්තයයි එලවන කොට. නැවතත් ඔවුන්ට මේ රට බාරදිය යුතුයි..

:       5       4

Sas Saturday, 28 May 2022 11:50 PM

මෙම උද්ඝෝෂණ වලට හේතුව කුමක්ද? එයට හේතුව මූලික භාණ්ඩ වල උග්‍ර හිඟය, දිනෙන් දින වැඩිවන බඩුමිල, ඉහළ යන ජීවන වියදම, අක්‍රමිකතා සහ දූෂණයයි. ඵයට හේතුව වත්මන් පාලකයින්ගේ අකාර්යක්ෂම හා දූෂිත පාලනය බව කවුරුත් දනිති. එයට එරෙහිව උද්ඝෝෂණ කිරීම පුදුමයක් නොවේ. සංචාරකයින් නොපැමිණීම සහ ආයෝජකයින් ඉවත් වී යාම සිදුවී ඇත්තේ රට බංකොලොත් වී ඇති නිසායි. රට බංකොළොත් කලේ වත්මන් පාලකයින්ය...

:       3       2

ruwan Sunday, 29 May 2022 12:00 AM

ගෝඨාභය අනිවාර්යයෙන් ගෙදර යා යුතුයි. කවුරුන් හෝ මේ අරගල, උද්ඝෝෂණ ආදිය හෙලා දකියිද? පහත් කොට තකයිද? ඔවුහු මේ අර්බුදයේ ඍජු කොටස් කරුවෝය. කෙතරම් කඳුළු ගෑස් ගැහුවද, මේ අරගල නැවැත්විය යුත්තේ වෙළඳපොළ විශ්වාසයක් ඇති ආර්ථික, දේශපාලන වටපිටාවක් හැදුණු පසුවයි. ඔව් මේ උද්ඝෝෂණ අමාරුයි. සුද්දන් එන්නේ නැත්තේ උද්ඝෝෂණ නිසා නෙවෙයි. ටැක්සි වලට තෙල් නැහැ. හැමතැනම ඩොලර් කාක්කන්. අස්ථාවර රටක කොච්චර ලස්සන වුණත් සුද්දන් එන්නේ නැහැ. මේ වෙලාවේ සුද්දන් ආවත් වැඩකුත් නැහැ. ඔවුන්ට සලකන්න, බඩුගන්න ඩොලර් නැහැ. සුද්දගෙන් ඩොලර් බැංකුවලට එන්නේ නැහැ. බොරුවට කිඹුල් කඳුළු හලලා වැඩක් නැහැ. මේ මජර පාලක හැත්ත නැවත දේශපාලනයට එන්නේ නැති වෙන්නකම් මේ අරගලය කරන්න ඕනේ. මේ රට හදන්න පුළුවන් මිනිස්සු ඕනේතරම් ඉන්නවා. ඒ කට්ටිය පේන්න නම් මේ අසාධාරණ විදිහට මිනිස්සුන්ගේ ඇස් අන්ධ වෙන්න ගහලා තියෙන ෆ්ලෑෂ් ලයිට් ගලවන්න ඕනේ.

:       3       2

C.K.Lankaputhra Sunday, 29 May 2022 06:00 AM

ගෝල් ෆේස් අරගලය සැලකිය හැක්කේ මේ රටේ ජනතාව තම අයිතීන් උදෙසා සිදු කරමින් සිටින සුවිශේෂී අරගලයක් ලෙසටයි. මෑත යුගයේ මේ රටේ කිසිඳු දේශපාලන හෝ සිවිල් ව්‍යාපාරයකට දිනාගත නොහැකි වූ කරුණු රැසක් අද වනවිට ඔවුන් විසින් මේ සමාජයට දිනා දී තිබේ. එමෙන්ම මේ රට තුළ සිදුවිය යුතු දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් උදෙසා අදටද ඔවුන් සාර්ථක ලෙස පෙනී සිටිමින් සිටියි. ඔවුන් ගත් එම පියවර කෙරෙහි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පාර්ශවයන් තම ගෞරවය හා ආචාරය ඔවුන් වෙත පුදදිය යුතුයි. අරගලයකින් තොරව ජයග්‍රහණයක් නැත. එය දේශපාලන නියායකි. රාජපක්ෂවරුන් මෙම රටට අත්කර දී ඇති විනාශය පිළිබඳ හා තවමත් සමහර අයගේ කතාවලට මට නම් ඇත්තේ මහත් පිළිකුලකි. අරගලයට ජයවේවා...!

:       2       2

saku Sunday, 29 May 2022 06:16 AM

දැන්වත් තේරුණාද ලෝකේ සියලුම සමාගම් සිංගප්පූරුවේ තම මූලස්ථානය කරගන්නේ ඇයි කියලා...? උද්ඝෝෂණ නැහැ, වැඩ වර්ජන නැහැ. ආයෝජනයට සුදුසු වටපිටාව නිකන්ම හැදෙනවා. ඕනෑම ආයෝජකයෙක්ම සිංගප්පූරුවට යනවා. ලෝකෙට තියෙන්නේ මේ ගොඩබිම විතරක් නම් මෙහෙම හැසිරුණාට කමක් නැහැ.

:       1       4

Bamunuarachchi Sunday, 29 May 2022 07:28 AM

මේ ජෙප්පන් පොහොරවලට ගන්න.

:       5       6

Bamunuarachchi Sunday, 29 May 2022 07:37 AM

1989 කාලේ වගේ ජනතාවට මොවුන්ව එපා වෙනතුරු උද්ඝෝෂණ කරන්න ඉඩ හරින්න. ඊට පස්සේ තුවක්කුවෙන් උත්තර දෙන්න. අපි පරණ ටයර් සපයන්නම්...

:       3       5

Perera Sunday, 29 May 2022 08:45 AM

සන්නද්ධ බලයෙන් මේවා නතර කරන්න හැදුවොත්... බලමු මොකද වෙන්නේ කියලා..?

:       7       3

ලොක්කා Sunday, 29 May 2022 08:48 AM

ඕන්න රටේ මිනිස්සු උඩ දාගෙන හිටපු නිර්පාක්ෂික අරගලේ තරම.. මේ අය මේ රටට ගොඩයන්න දෙන්නේ නෑ.. දේව සාපයක් මේ අය නම්...!

:       1       8

සත්‍ය ගවේෂී. Sunday, 29 May 2022 09:09 AM

දැන්නම් මේ අරගලය සර්ව පාක්ෂික එකක් නොවෙයි. මෙය දැන් තනිකරම ජේවීපී අරගලයක්... 88/89 ජේවීපී උද්ඝෝෂණ තිබුණෙත්, මේ විදිහටම තමයි. පස්සේ සන්නද්ධ අංශයක් යටින් ක්‍රියාත්මක වුණා. රෑට රෑට මුහුණු බැඳන් ඇවිත් දේපල මංකොල්ල කෑම් හා මිනීමැරුම් සිදුකළා. පසුව එය තවත් වර්ධනය වී දවසේ අනෙක් වෙලාවල් වලදීත්, මිනීමැරුම් හා නොයෙකුත් ආකාරයේ අපරාධ සිදුකළ බව රහසක් නොවෙයි. මේ යන්නෙත් එවන් යුගයකටද කියා බියක් දැනෙනවා...!

:       2       7

fairoos Sunday, 29 May 2022 12:08 PM

ධර්ම, ස්විස් සහ අතුල වගේ අය ලංකාවේ නෙවෙයි ජීවත් වෙන්නේ. රටට කරපු මේ විනාශයට ගෝඨාභය ගෙදර නෙවෙයි, එවන්න ඕනේ උළු ගනින්න.

:       13       3

swissSunday, 29 May 2022 04:49 PM

අපි එවන සල්ලිවලින් ඔයාගේ බඩ පිරුණේ නැතිවුණු එක ගැන හරිම කණගාටුයි..! ඔයා රටට කළ දේ ඔයාගේ යටහිත දන්නවා ඇති නේද..? ඒත් ගෝඨාභය රටට කළ සේවය මදෑ...! පාංශුකූලයත් දීලා දින හතකින්... අම්මා තාත්තා අමතක කරන ජාතියක්නේ..!

:       2       4

BamunuarachchiTuesday, 31 May 2022 11:41 AM

මේගොල්ලෝ අපේ දේ කාලා අපිට කෙලවන ජාතියක්.

:       0       0

Jaya Monday, 30 May 2022 12:27 PM

නිර්පාක්ෂික අරගලයකට සහය දිය යුතුමයි. නමුත් අවාසනාවට මේක දැන් ඒක පාර්ෂික අරගලයක් බවට පත්වෙලා.

:       0       0

BamunuarachchiTuesday, 31 May 2022 11:39 AM

මේ රටේ කොහෙද හලෝ නිර්පාෂික අරගල. නිර්පාෂිකයෝ කවදද අරගල කලේ? චන්දය පාවිච්චි නොකරන ගොයියා අරගලවලට යාවිද? ඔවුන් හැමදාම අරගල කරන්න ඕනේ. නිර්පාෂික ල්බලය අලවාගෙන ඉන්නේ ජෙප්පෝ මොකද අපි ජෙප්පෝ කිව්වාම මිනිස්සු උන්ව මායිම් නොකරන නිසා. ගෝල්ෆේස් අරගලයට එන්නේ රැකියාවල් නැති වේලක් කන්න නැති නිකමුන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 33 0

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 984 2

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 324 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 225 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


මහේස්ත්‍රාත් නිල නිවසේ ආරක්ෂකයා බීලා වැටිලා
2024 සැප්තැම්බර් මස 25 24 0

මහේස්ත්‍රාත් නිල නිවසක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු පොතුවිල් මුහුදු මහා විහාරයට යන මාර්ගයේ වෙළඳ සලක් අසල බීමතින් වැටී සිටියදී අත්අඩංග


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 2291 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36908 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24348 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 578 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site