IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


විරෝධතාකරුවෝ ජනපති ලේකම් කාර්යාල භූමියට කඩා වදිති

සමාජවාදී තරුණ සංගමය  මගින් ඇරැඹු  උද්ඝෝෂණයේ විරෝධතාකරුවෝ මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාල භූමියට ඇතුළු වී විරෝධතාවේ නියැලී සිටිති.

තෙල් පෝලිම් එපා…! ඉන්දියාවට බිලිදුන් තෙල් ටැංකි, ඇමෙරිකාවට බිලිදුන් යුගදනවි වහා පවරා ගනු යනුවෙන් ඔවුහු සටන්පාඨ කියමින් පුවරුද ඔසවාගෙන සිටිති.

මරදාන ටෙක්නිකල් හන්දියෙන්  අද (18) දහවල් මෙම පාගමන ඇරැඹිණි.

මේ හේතුවෙන් ‌ටෙක්නිකල් හන්දිය අවට හා ජනාධිපති ලේකම් කාර්යාලය අවට මාර්ග රැසක රථ වාහන තද බදයක් ඇති විය. 

(ඡායාරූප: හිමත් මතීෂ සහ ගයාන් අමරසේකර)



අදහස් (23)

විරෝධතාකරුවෝ ජනපති ලේකම් කාර්යාල භූමියට කඩා වදිති

මැක්ස් Friday, 18 March 2022 01:28 PM

බේතකට වත් හොයා ගන්න බැරි සමාජවාදයක් කරේ තියාගෙන මේ හාදයින් මිනිස් බිල්ලක් ගන්න උත්සාහ කරන තරම්!

:       2340       4467

KumaraFriday, 18 March 2022 02:14 PM

සමාජවාදී චීනය තමයි අද ලෝකයේ ආර්ථික බලවතා. සමාජවාදය අදටත් වලංගුයි.

:       137       58

චින්තක Friday, 18 March 2022 03:25 PM

ඒකනේ ලෝකෙම අල්ලන්න දඟලන්නේ...

:       3       17

Sanath Kandy Friday, 18 March 2022 01:34 PM

ජවිපෙ තරුණ බලවේගයේ සටන්කාමීත්වය හා විනය. ඔබ තමයි මේ රටේ අනාගතය​.

:       2674       1492

ChandrikaFriday, 18 March 2022 03:54 PM

ජාතික ජන බලවේගයට ජයවේවා...!

:       2254       1818

Nissanka Friday, 18 March 2022 01:35 PM

ඔබ තමයි මේ රටේ අනාගතය. ජය වේවා...!

:       418       73

Vajira Friday, 18 March 2022 01:37 PM

අරක්කු නෑ. බයිලා නෑ. නැටුම් නෑ. සජබෙට කවමදාකවත් මේ වගේ විනයකින් වැඩක් කරන්න බැහැ.

:       377       80

මාවිල්මඩ වජිර හිමි Friday, 18 March 2022 01:39 PM

මත්පැන් බෝතලේට​, කෑම පාර්සලයට යට නොවුන ජවිපේ තරුණ බලය​...

:       274       92

අතුල සෞදි Friday, 18 March 2022 01:56 PM

මේවාට තමයි කියන්නේ ප්‍රශ්න වවාගෙන කනවා කියලා. සජබෙයි, ජනබෙයි තරඟයට ඡන්ද එකතු කරනවා...

:       89       332

Bamunuarachchi Friday, 18 March 2022 02:14 PM

විකාර...

:       154       229

BandaraFriday, 18 March 2022 02:23 PM

පාලකයෝ ජනතාව පෙලද්දී ගෙදරට වෙලා බුදියගෙන ඉන්න කියලද කියන්නේ?

:       185       135

සුරංග Saturday, 19 March 2022 11:05 AM

රුසියානු විප්ලවය ඇතිවුණේ දැනට මේ රටේ තියෙනවා වගේ ජනතාව පීඩාවට පත්වූ නිසායි..

:       27       5

සුමිත් Friday, 18 March 2022 02:27 PM

මේ රට හදන්න නම් මේ සමාජවාදී මේනියාව රටෙන් තුරන් කළ යුතුයි. ලංකාව මේ තරමින් හරි රැකිලා තියෙන්නේ පෞද්ගලික අංශය නිසා. තවතවත් රාජ්‍ය ව්‍යවසාය පුම්බන්න හදන අය මේ රටෙන් තුරන් කරන්න ඕන. රටට ඩොලර් ගේන පෞද්ගලික විශ්ව විද්‍යාල අනිවාර්යෙන් ආරම්භ කළ යුතුයි. අපිට මොවුන්ගෙන් අහන්න තියෙන්නේ මොකක්ද ආණ්ඩු පෙරළලා රට හදන්න තියෙන සැලසුම? පෞද්ගලික අංශය සම්බන්ධව මොකක්ද ප්‍රතිපත්තිය? ඇමරිකාව යුරෝපය අතහරිනවාද? මොකක්ද විදේශ ප්‍රතිපත්තිය...?

:       49       248

BandaraFriday, 18 March 2022 02:49 PM

චීනය​, වියට්නාමය ආර්ථිකය ගොඩනැගුවේ සමාජවාදී ආර්ථික ප්‍රථිපත්තිවලින්... සමාජවාදය යටතේ පෞද්ගලික අංශයත් ක්‍රියාත්මක වෙනවා...

:       156       40

diasFriday, 18 March 2022 04:39 PM

චීනය​, වියට්නාමය ආර්ථිකය ගොඩනැගුවේ යල් පැන ගිය සමාජවාදී රාමුවෙන් ඉවත්ව වෙළෙඳපොල ආර්ථිකයට යොමු වීමෙනුයි.

:       4       86

BULLSaturday, 19 March 2022 06:12 AM

ඔව්, චීන්නු විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට - රජයේ රැකියා දෙන්න කියලා උද්ඝෝෂණ කරලා නටන්නේ නැහැ. එහෙම රැකියා දෙන්නෙත් නැහැ. බදු අඩු කරන්න කියලා උද්ඝෝෂණ නැහැ... පැය 8යි වැඩ කරන්න පුළුවන්..., නිර්ධන පාන්තිකයින්ගේ රැකියා සුරක්ෂිත කරවූවා කියලා නටන්නේ නැහැ. බහුජාතික බූවල්ලා කියලා නටන්නේ නැහැ. කොටින්ම සේවක සංගම් කියලා පක්ෂවල ශාඛා අටවගෙන වැඩ භුමි විනාශ කරන්න දෙන්නෙත් නැහැ. මේ උද්ඝෝෂණ වලින් මොනවද බලාපොරොත්තු වෙන්නේ? අනුරට රටේ නායකත්වය ගන්නද?

:       1       68

NissanakFriday, 18 March 2022 04:01 PM

අවුරුදු 73ක් ක්‍රියාත්මක වුණු ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියෙන් රට දියුණු වෙලාද දැන් තියෙන්නේ...?

:       4       61

K Perera Friday, 18 March 2022 03:47 PM

සජබය, ජවිපය විතරක් නෙවෙයි... සියලුම ජනතාව පාරට බැස මේ දූෂිත ආණ්ඩුව ගෙදර යවන්න පියවර ගන්න.

:       66       20

Soma dubayi Friday, 18 March 2022 04:33 PM

ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය අපහසුතාවයට පත් කරන්න මේවා කරන්නේ. මේ අය ගහල පන්නන්න ඕනෑ...

:       33       5

Naushi Saturday, 19 March 2022 05:02 PM

ඔහේව ඩුබායි රටෙන් ගහලා පන්නන්න ඕනේ...!

:       2       6

සත්‍ය ගවේෂී. Friday, 18 March 2022 05:43 PM

රෝහණ විජේවීර සහෝදරයා මේ උද්ඝෝෂණ උවදුර හඳුන්වාදී මියගියා. ඒත්, ඔහුගේ පුතු අද කියනවා තාත්තා ගිය පාර වැරදියි... තමා ඒ පාරේ නොයන බව. දැන් මහා උද්ඝෝෂණ කරන ජේවීපී එක රෝහණ විජේවීර සහෝදරයාගේ බිරිඳ දුකේ වැටිලා ඉන්නවා පැත්ත බලන්නේ නැහැ. එහෙව් ජේවීපී ඝෝෂාකරුවන් රටක් කෙසේ පාලනය කරයිද? මේ වගේම තමයි 88/89 කාලයේ ගස්කපා ලයිට් කණු උඩට දැමීම ඇතුළු රට විනාශ කළ බොහෝ දේ කළේ. ඒවා නිසා මියගිය තරුණ තරුණියන් කොපමණද? රට වැටී ඇති තත්වයට විකල්පයක් අවශ්‍යයි. ඒත්, රටට අවශ්‍ය වනුයේ ජේවීපී ආණ්ඩු නොවේ. මේ ඝෝෂා කරමින් කරන වැටලීම් මෙන් රටක් පාලනය කළ හැකි නොවේ... සද්දේ දැම්මාට වැඩ බැහැ.

:       7       97

thilakSaturday, 19 March 2022 12:27 AM

එදා ගස්කපා ලයිට් කණු උඩට දැමීම සහ ට්‍රාන්ස්ෆෝමර් පුපුරවා හැරි උදවිය දැන් රටේ විදුලිය නැහැ කියා බෙරිහන් දෙනවා...

:       2       32

hesa Saturday, 19 March 2022 06:29 PM

එදා සිටම මොවුන්ට ඕන රට හදන්න නොවේ... රට විනාශ කරන්න.. රට අල්ලන්න. මේ වෙලාවේ ඔය ඔහොම දැඟලුවාට ඒක කවදාවත් වෙන දෙයක්ද? දශක 6ක් තිස්සේ කළේම දියුණුවක් දකින්න අකැමැති නිසා කැරළි ගැසීම.. ඒ බැරිවුණු අයට තවත් මොනවද..? එච්චරයි කරන්න පුළුවන්..

:       3       54

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 1322 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 480 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 153 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 431 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 778 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 277 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 511 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 291 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 443 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site