IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


වරප්‍රසාද ඕනමද හිටපු ජනපතීන්ගෙන් අහයි

(සුජිත් හේවාජුලිගේ)

හිටපු ජනාධිපතිවරුන්ගේ ඇමැතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සමාලෝචනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව සිය වරප්‍රසාද සහ ඒවායේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ලිඛිතව කරුණු දක්වන ලෙස හිටපු ජනාධිපතිවරුන්ට දැනුම් දී ඇත.

මේ අනුව හිටපු ජනාධිපතිවරුන් කිහිප දෙනකු දැනටමත් ඒ සම්බන්ධයෙන් එම කමිටුවට කරුණු ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.

හිටපු ජනාධිපතිවරුන්ගේ ඇමැතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් දැනට පවතින අණ පනත් අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම කමිටුව ඉකුත් දා පත්කරනු ලැබීය.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා සභාපතිත්වය දරන මෙම ත්‍රිපුද්ගල කමිටුවේ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩී. දිසානායක සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා බුළුමුල්ල යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති.

මෙම කමිටුව සකස් කරන වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එම වරප්‍රසාද සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගන්නා බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම්, දීමනා හා වරප්‍රසාද පිළිබඳ පනත් කෙටුම්පත අනුව එම හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන්නේ විශ්‍රාම වැටුපක්, නිල නිවසක්, වාහන තුනක් ඒ සඳහා ඉන්ධන සහ පෞද්ගලික ලේකම්වරයකු සදහා වන වේතන පමණි.

එහෙත් පසුගිය කාලවලදී හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද යටතට බොහොමයක් වරප්‍රසාද ඇතුළත් කර ජල බිල්පත්, විදුලි බිල්පත් පවා රජයේ වියදමින් ගෙවීම් කර තිබූ බව දැනගන්නට ඇත.

ඒ අනුව, විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ එක් එක් ආරක්ෂක කොට්ඨාස සඳහා අනුයුක්ත කර ඇති කාර්ය මණ්ඩල සහ ආරක්ෂක නිලධාරීන් ගණන ද ආරක්ෂාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් හෝ වෙනත් අමාත්‍යාංශයක් හෝ විසින් අනුයුක්ත කරනු ලැබ ඇති වාහන සංඛ්‍යාව ද මෙම කමිටුව විසින් සොයා බැලෙනු ඇත.

එමෙන්ම එම ආරක්ෂක කොට්ඨාස සඳහා කුලී පදනම මත ගොඩනැගිලි ලබාගෙන ඇත්නම් ඒ සදහා වැයවන මාසික කුලිය සහ සපයා ඇති වෙනත් පහසුකම් සම්බන්ධයෙන් ද සොයා බැලේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, අමාත්‍යවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත්කර ඇති කමිටුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ද මේ සම්බන්ධයෙන් දැනටමත් කරුණු විමසීමක් කර ඇතැයි වාර්තාවේ.

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය නඩත්තුව සඳහා (2022 – 2024) යන වසර තුනේදී පමණක් වැය කර ඇති මුදල රුපියල් කෝටි විසි හතක් බව මහ බැංකු වාර්තාවල සඳහන් වේ.

එම වාර්තාවට අනුව මෙම පිරිස නඩත්තුව සඳහා 2022 වර්ෂයේදී වැය කර ඇති මුදල රුපියල් කෝටි හතකි. 2023 වර්ෂයේදී එම මුදල රුපියල් කෝටි අටකට වැඩි මුදලක් දක්වා ද මෙම වර්ෂයේ එම මුදල රුපියල් කෝටි 11 දක්වා ද වර්ධනයවී ඇත.

වාර්තාවන අන්දමට මෙම හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් වෙන් කර ඇති මුදල පසුගිය කාලයේදී සියයට 45 කින් පමණ වර්ධනයවී ඇත.

 



අදහස් (6)

වරප්‍රසාද ඕනමද හිටපු ජනපතීන්ගෙන් අහයි

ලසන්ති Friday, 18 October 2024 11:06 AM

ළමයි බාර ගන්න බෑ කියනවා නම් මඩමකට බාර දෙන්න….

:       0       1

අරවින්ද මොනරවිල Friday, 18 October 2024 11:08 AM

මෙතෙක් කාලයක් තමන්ට හිමි වරප්‍රසාද වලට එහාගිය විශාල වරදාන ප්‍රමාණයක් භුක්ති වින්දේ රටේ ආර්ථිකය විනාශ කරලා, රට බංකොලොත් වෙන තැනට වැඩ කරලයි. එහෙව් අය ගැන තව හොයහොයා ඉන්න දෙයක් නැහැ. තියෙන ඔක්කෝම බෙල්ල මුලින්ම කපලා අයින් කරන්න ඕනෑ.

:       0       0

ෂුවර් නෑ Friday, 18 October 2024 12:02 PM

ඕනනේ... හිටපු අය එපා - බහුතර ජනතාව අනේ මන්දා - වෙන්න ජනාධිපතිලා...!

:       0       1

Ralph perera Friday, 18 October 2024 12:38 PM

එයාලාට වැඩිය ගොඩාක් අසරණ අය ඉන්නවා.. ඔය මුදල් ඒ අසරණ අයට දෙන්න.. එයාලාට අපිවත් පින් ටිකක් එකතු කරලා දෙමු..

:       0       3

දීපාල් Friday, 18 October 2024 12:39 PM

ඇයි අහ අහ ඉන්නේ..? කිව්ව විදිහට නතර කරන්න ඕනේ...!

:       0       8

ranjith Friday, 18 October 2024 01:16 PM

බලමු රටේ අහිංසක මිනිස්සු දුක් විඳිද්දී මෙයාලා තවදුරටත් වරප්‍රසාද ඉල්ලයිද කියලා..!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

දැනට භාර දී තියෙන්නේ නිල නිවාස 14යි
2024 ඔක්තෝබර් මස 18 100 0

හිටපු ඇමතිවරුන්ට යලි නිල නිවාස භාරදීමට කාලය ලබා දී තිබෙන අතර එයින් දැනට නිල නිවාස භාර දී තිබෙන්නේ 14 දෙනෙක් පමණක් බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


බාප්පා - පුතා කළ වැඩ ගොඩක් එළියට
2024 ඔක්තෝබර් මස 18 266 0

ගම්පහ ප්‍රදේශ කිහිපයක මංකොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණ සිදු කළ බව කියන දැනට පොලිස් අත් අඩංගුවේ පසුවන ඥාතී පුතකු සහ බාප්පා යැයි කියන දෙදෙනා විසින් දිවයිනෙහ



නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 18 803 1

නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස අසංක අබේවර්ධන මහතා වැඩ භාර ගත්තේය.


උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
2024 ඔක්තෝබර් මස 18 228 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1016 උඩරටමැණිකේ සහ නානුඔය සිට කොළඹ කොටුව බලා ධාවනය වන අංක 1024 දරන ටිකිරිමැණිකේ දුම්රිය න් වල එන්ජින් වල හදිසියේ ඇති ව


මඤ්ඤොක්කා අලෙවිකර ගන්න බැරුව මහවැලි එච් කලාපයේ ගොවීන් පීඩාවට
2024 ඔක්තෝබර් මස 18 732 0

විදේශ රටවලට අපනයනය කරන බවට පවසා මහවැලි අධිකාරියේ මැදිහත්වීමෙන් පෞද්ගලික ආයතනයක් සමඟ එක්ව මඤ්ඤොක්කා වගා කළද ඒවා සාධාරණ මිලකට අලෙවිකර ගැනීමට නොහැකි වී


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 632 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 499 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site