IMG-LOGO

2024 ඔක්තෝබර් මස 19 වන සෙනසුරාදා


වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හිටපු ජනපතිවරුන්ගෙන් පෙරමුණක්

(සුජිත් හේවාජුලිගේ)

තම වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හඬ නැගීමට  හිටපු ජනපතිවරුන්ගේ  මූලිකත්වයෙන්  පෙරමුණක් පිහිටුවා ගැනීමට  අවධානය යොමුවී ඇත.

මේ සම්බන්ධයෙන් තනි තනිව සටන් කිරීමට වඩා සාමූහිකව කටයුතු කිරීම ප්‍රතිඵලදායක බව බොහෝ හිටපු ජනාධිපතිවරුන්ගේ අදහසවී ඇතැයි දැනගන්නට ඇත.

වරලත් ගණකාධිකාරීවරුන්ගේ  ආයතනය මෙහෙයවීමෙන් පැවති විද්වත් කතිකාවතට ජනාධිපතිවරුන්  කිහිපදෙනෙකු  එක්වී රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් දැක්වීමද එහි මූලික පියවරක්  බව ආරංචි මාර්ග සඳහන් කළේය.

සිය වරප්‍රසාද කප්පාදු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනකුම දැනටමත් සිය විරුද්ධත්වය දක්වා ඇත.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සමාලෝචනය කිරීමට පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුවටද හිටපු ජනාධිපතිවරුන් මේ සම්බන්ධයෙන්  දැනටමත් කරුණු ඉදිරිපත් කර ඇත.

ජීවත්වීමේ අපහසුතා සම්බන්ධයෙන් මෙහිදී වැඩි වශයෙන් කරුණු ඉදිරිපත්ව ඇතැයි දැනගන්නට ඇත.

හිටපු ජනාධිපතිවරුන්ට දැනට ලබාදී ඇති පහසුකම් වැඩි බවට සමාජ කතිකාවතක් ඇතිවීම හේතුවෙන් රජය ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීමට මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කළේය.

එම කමිටුවේ නිර්දේශ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තීරණයක් ගැනීමට නියමිතය.

කෙසේ වෙතත් වරප්‍රසාද අඩු කරන්නේ නම් හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ පනත් කෙටුම්පතට අලුතින් සංශෝධන ගෙන ආ යුතු බව නීති විශාරදයෝ පෙන්වා දෙති.



අදහස් (15)

වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හිටපු ජනපතිවරුන්ගෙන් පෙරමුණක්

Bandz Saturday, 19 October 2024 02:44 PM

අනිවා, හිටපු ජනාධිපතිවරුන්ගේ පඩි සහ වරප්‍රසාද කප්පාදු කරන්න...!

:       2       10

අමල් Saturday, 19 October 2024 02:59 PM

ඔය හදන පෙරමුනේ අනුශාසක විදිහට තඹුත්තේගම අනුරව පත්කළ යුතුයි ! 2005 සහ 2015 ඔය කියන ජනාධිපතිවරු දෙන්නෙක් පත්කරන්න පැත්තක ඉඳලා ජැක් ගැහුවාට...!

:       3       3

NISHANTHA Saturday, 19 October 2024 03:12 PM

ජීවත් වෙන්න අමාරු නම් අපිට කොහොම ඇත්ද?

:       0       6

යෝගා Saturday, 19 October 2024 03:20 PM

ආරක්ෂාව දිය යුතුයි. ඒත් ජීවත් වෙන්න සල්ලි ඉල්ලනවා නම් අස්වැසුම ලිස්ට් එකට දාන්න.

:       0       7

pakeer Saturday, 19 October 2024 03:24 PM

මුලින්ම අපිටත් දැනගන්න දැන්නකෝ... ඔය වරප්‍රසාද කියන ඒවා මොනවද කියලා... එතකොට අපිට සාධාරණව හිතන්න පුළුවන්... මොකද මේවා අපේ සල්ලිනේ. අපි දැනගන්න ඕනේ මෙයාලා වියදම් කරන්නේ මොනවටද කියලා...?

:       0       2

No murcy Saturday, 19 October 2024 03:53 PM

තක්කඩි හැතිකරේ කොහොමත් මුන් එක පෙරමුණේ තමයි

:       1       4

ගමේ එකාලා Saturday, 19 October 2024 03:55 PM

ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත්, ජනතාව රවට්ටපු, රීරී මාංශ උරාබීපු ලේ මාපිල්ලු. බලයේ ඉන්න කොටත් කෙරුවේ මහාපරිමාණ හොරකම් වන්චා, දූෂණ කරලා ගසාකපු එක..

:       3       9

Kazi Shajahan Saturday, 19 October 2024 03:58 PM

පව් අහිංසක, බොහොම දුප්පත් හතර, පස්දෙනා මෙච්චර කල් ජනතාවගෙන් නිකන් කකා බිබී ඉන්න ඇති... බලාගනිල්ලකෝ ඉස්සරහට... තමන්ගේ අතින් වියදම් කරලා, කනකොට, කොහොමද සැප කියලා...?

:       0       3

බකල ජයා Saturday, 19 October 2024 04:08 PM

කල්පිටියෙ හිස් දූපතකට මේ පස් හය දෙනාව ගිහිං දාලා කන්ඩ බොන්ඩ දීලා තියාගත්තා නම් වාහන, පෙට්‍රල්, ලොකු ගෙවල්කුලී, වෙන වෙනම ආරක්ෂාව වගේ වියදම් කපාහරින්න පුළුවන් වෙයි නේද?

:       0       4

Pradeep Kumara Saturday, 19 October 2024 04:34 PM

මෙතරම් වරප්‍රසාද ලබාගෙන, පෞද්ගලිකව විශාල දේපලවලට උරුමකම් කියන මේ අයට ජීවත් වීමේ ගැටළු ඇති නම් රටේ අති බහුතරයක් වන සාමාන්‍ය ජනයා ජීවත් වන්නේ කෙසේදැයි කියා ඔය කිසි කෙනෙකුට හිතුනේ නැද්ද? කූඬැල්ලෙක් වුණත් බඩ පිරෙන්න ලේ උරා බිව්වාම අතහැරලා යනවා, ඒත් මේ ගොල්ලෝ තම ජීවිත කාලය පුරාවටම රටේ සහ ජනතාවගේ අන්තිම ලේ බිංදුව දක්වාම උරා බොන්නයි අදහස...

:       1       4

විජිත් Saturday, 19 October 2024 04:55 PM

ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාටයි, රට කාපු මේ නාකි හැත්තට විරුද්ධව තිබෙන සියලුම චෝදනා වලට වහාම නඩු පවරන්න. (මේ ඔක්කෝටම චෝදනා හැටහුටාමාරක් තියෙනවා) ඒ තිබෙන චෝදනාවලට මොවුන් ඔක්කෝම අනිවාර්යයෙන්ම අඩුම වශයෙන් අවුරුදු 10කටවත් බරපතල වැඩ සහිතව හිරේට යනවා. මොවුන් දැන් ඉන්න තත්වය අනුව හිරේදීම " වලකජ්ජ ගහනවා " නියතයි. ඉතින් එහෙම කළාම පෙන්ෂන් ගිය ජනාධිපතිලාට කිසිම ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. කිසිම ප්‍රතිපාදනයක් අවශ්‍ය නැහැ. ඔය පෙන්ෂන් ගිහින් ඉන්න නරුම ජනාධිපතියන්ට " නටන්නට " ඉඩ දෙන්න එපා. ඔවුන් දැන් එක්ස්පයර් වුණු සැමන් ටින් එකක් වගේ...

:       8       7

Nimal Saturday, 19 October 2024 05:32 PM

වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හඬ නැගීමට හිටපු ජනපතිවරුන්ගේ මූලිකත්වයෙන් පෙරමුණක්, ගොඩනැගීමක් සිදුවන්නේ නම් එහි නායකත්වය චන්ද්‍රිකා මැතිණියට ලබාදෙන්න...

:       4       2

maalaka Saturday, 19 October 2024 06:08 PM

වෙනත් රජයේ සේවකයින්ටත් මෙවර වරප්‍රසාද හිමිද? ඇයි මේගොල්ලන්ට විශේෂයක්..? රට කාලා, වවලා, තවත් හිඟාකනවද?

:       4       5

ප්‍රියා Saturday, 19 October 2024 06:32 PM

පින් හිඟන සංසදය...!

:       1       4

p.siriwansa silva Saturday, 19 October 2024 07:12 PM

ඔය අය ඉන්නකල් එක එකාට බැන බැන හිටියා විතරයි... රටේ කිසි දේකට එකඟ වුණේ නැහැ. තමන්ගේ වාසියට නම් ඔක්කොම එකට... කාලකණ්ණි හැත්ත.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්ධන දුම්රියේ වන අලි ගැටීම ගැන සොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 19 295 0

කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය රොටවැව මංසන්ධිය ආසන්නයේ ඉන්ධන දුම්රියට වන අලි රංචුවක් අසුවීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට දුම්රිය දෙපාර්තම


ඉලෝන් මස්ක්ගේ ෆෝන් කතාව බොරුවක්
2024 ඔක්තෝබර් මස 19 1464 0

බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික, ටෙස්ලා සමාගමේ ප්‍රධානී, ඉලොන් මස්ක් ඇමෙරිකන් ඩොලර් 100 ක මුදකලට, Pi phone යන නමින් නවතම මාදිලියේ ජංගම දුරකතනයක් මෙම 2024 වසර අවසා


ඊශ්‍රායල අගමැතිගේ නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 19 2444 1

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්, ලෙබනනයේ සිට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ සිසේරියා ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික නිවස වෙත ඩ්‍රෝන ප්‍රහා


වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හිටපු ජනපතිවරුන්ගෙන් පෙරමුණක්
2024 ඔක්තෝබර් මස 19 6663 15

තම වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හඬ නැගීමට හිටපු ජනපතිවරුන්ගේ මූලිකත්වයෙන් පෙරමුණක් පිහිටුවා ගැනීමට අවධානය යොමුවී ඇත.


දරුවන් බාගෙට භාගයකට පාසල එපාවෙලා
2024 ඔක්තෝබර් මස 19 996 2

පළමු පන්තියට ඇතුළත් වන සිසුන්ගෙන් එක් ලක්ෂ විසි හත්දහස් පන්සීයකට ආසන්න ප්‍රමාණයක් අපොස උසස් පෙළ විභාගයට පෙර පාසල් හැර යන බව ලංකාවේ පාසල් සිසුන් පිළිබ


කටුනායක ඇඟළුම්හලේ සේවක සේවිකාවන් ලෙඩ වෙලා
2024 ඔක්තෝබර් මස 19 424 0

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ 11 අදියරේ පිහිටි ඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිසක් අද සිය උදෑසන ආහාර ගැනීමෙන් පසුව රෝගී තත්වයකට ලක් වීම නිසා මී


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 28 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 682 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 511 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site