(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ රවීන්ද්‍ර නෙත්තසිංහ)
මිනුවන්ගැටේ වල්පාලුව ප්‍රදේශයේ පිහිටි වගා බිමක් ඉස්මත්තේ පිහිටි වතුර පිරී ගිය වළක තිබී සොයා ගත් පුද්ගලයන් දෙදෙනා මියගොස් ඇත්තේ සතුන් දඩයම් කිරීමට ඇද තිබූ විදුලි රැහැනක ගැටී මෙන් බවට පරීක්ෂණවලින් තහවුරුවී ඇතැයි පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් පසු පුද්ගලයන් සිව්දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව වාරියපොළ පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවු දෙනාගෙන් එක් අයකු අත්අඩංගුවට ගෙන ඇත්තේ සතුන් දඩයම් කිරීමට ඇද තිබූ විදුලි රැහැනක පැටලී පුද්ගලයන් දෙදෙනකුට මරණය සිදුකිරීම සම්බන්ධයෙන් යැයි පොලිසිය පවසයි.
සතුන් දඩයම් කිරීමට විදුලිය රෑන ඇඳ තිබුණේ එම සැකකරු යැයිද පොලිසිය කියයි.
අනිත් සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම පුද්ගලයන් දෙදෙනාට අතින් පයින් පහර දීම සම්බන්ධයෙන් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයටපැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ වල්පාලුව ප්‍රදේශ පදිංචිව සිටි විසි තුන් හැවිරිදි ඉසුරු ලක්ෂාන් සහ 34 හැවිරිදි අනුරාධ අසංක නැමැති දෙදෙනෙකි.
අනුරාද නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි කරමින් සිටියදී සේවය හැර ගොස් සිටි හැර ගොස් සිටි කොස්තාපල්වරයකු බව පොලිසිය සඳහන් කරයි.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී පෙරේදා පශ්චාත් පරීක්ෂණයක් පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා මොවුන් දෙදෙනා මියගොස් ඇත්තේ විදුලි සැර වැදීමෙන් බවට සඳහන් කරමින් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ බව පොලිසිය පවසයි.
මියගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු කොස්තාපල්වරයා ඇතුළු සිවුදෙනකු යතුරුපැදියකින් සහ ත්‍රිරෝද රථයකින් පාලුව ප්‍රදේශයට ඉකුත් දොළොස් වෙනි දා රාත්‍රී කාලයේ පැමිණ ඇත.
එම ප්‍රදේශයේ පිහිටි වගා බිම් වල සවි කර ඇති වතුර මෝටර සහ ට්‍රැක්ටර් රථවල රෝද ගැලවීමට මොවුන් සිව් දෙනා පැමිණ ඇති බව පරීක්ෂණවලින් හෙළි විණි යැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය.
මේ අවස්ථාවේ ගම්මුන් පිරිසක් මොවුන් සිව් දෙනා අල්ලාගෙන ඔවුනට පහරදීමක් සිදුකර ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
ගම්මුන් ගෙන් මිදී මොවුන් සිව්දෙනා පලා යන අවස්ථාවේ සතුන් දඩයම් කිරීමට ඇද තිබූ විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදී මියගොස් ඇති බව පරීක්ෂණවලින් කරුණු අනාවරණය විනි යැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
මොවුන් දෙදෙනා මිය යෑමෙන් පසු සිරුරු ඔසවාගෙන ගොස් වතුර පිරී තිබූ වළට දමා ඇති බව ද පොලීසිය සඳහන් කරයි.
මෙම ප්‍රදේශයේ පහුගිය කාලයේ වරින් වර වතුර මෝට හොරා ගෙන යෑම කිහිපයක්ම සිදුවී තිබූ නිසා ප්‍රදේශවාසීන් නිරන්තරයෙන් ඒ ගැන විමසිලිමත්ව සිට ඇතැයිද කියති.
විදුලිසැර වැදී මියගිය පොලිස් කොස්තාපල්වරයා වව්නියාව ,ඕමන්ත විශේෂ කාර්ය බළකා කඳවුරේ සේවය කරමින් සිටි අයෙකි.
බිරිඳ මිය යෑමෙන් පසු විශේෂ කාර්ය බළකා කොස්තාපල්වරයා දරු තිදෙනා ද බලාගෙන සේවයට නොගොස් නිවසේ ගත කර සිටිමින් අයකු බවද පොලිස් ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ඇත.
ට්‍රැක්ටර් රථවල රෝද සහ වතුර මෝටර් ගැලවීමට පැමිණ පලාගිය අනිත් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ සහ මහතාගේ සහ නියෝජ්‍ය පොලිස්පති අනිල් ප්‍රියන්ත මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් මතකුරුණෑගල පොලිස් අධිකාරි අධිකාරි චන්ද්‍රසේන බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ වාරියපොල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත පෙරේරා සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයවීර යන මහත්වරුන් ප්‍රධාන පොලිස් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වාරියපොළ ද්විත්ව ඝාතනයේ තොරතුරු එළියට
Lalla Monday, 15 May 2023 09:55 AM
කල වරදට දෙයියෝ දුන්න දඬුවමක්. තම දේපල ආරක්ෂාව පොලිසිය නොකරන කල මහජනතාව ඒක කරන්න උත්සාහ කිරීම වැරදිද?. හොරාත් පොලිස්කාරයෙක්....