IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


වරායේ උද්ගත වී ඇති ගැටලු ඉදිරි දිනවල සුබවාදීව විසඳනවා

(ඉන්දිකා රාමනායක)

 

වරායේ උද්ගත වී ඇති  තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ  සුබවාදී  ලෙස විසදෙනු ඇතැයි වරාය අධිකාරියේ සභාපති  විශ්‍රාමික  ජනරාල් දයා රත්නායක මහතා පවසයි.

මේ සම්බන්ධයෙන්  සොයා බැලීම සදහා රජය විසින් පත්කළ කමිටුවේ වාර්තාව ඉදිරි දින  දිනයේ   වරාය අමාත්‍යවරයා වෙත ලබා දෙන බවත් මෙම ගැටලු සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා රජය විසින් පත් කළ කමිටු වාර්තාව    ලැබීමට නියමිත බවත්, එම වාර්තා අමාත්‍යවරයා වෙත ලැබීමෙන් පසු කැබිනට් මණ්ඩලයට  ඉදිරිපත් කිරීමෙන් පසු සියලු දෙනාටම ඉතා සුභවාදී තත්ත්වයකට මුහුණ දීමට හැකියාව ඇති බවද සභාපතිවරයා කියා සිටියේය.

ගැටලු විසදීමෙන් පසු ඉදිරියේ  සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටු කරමින් නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේම මෙහෙයුම් කටයුතු සිදු කිරීමට හැකි වන බවත් එය සියලු දෙනාගේ අපේක්ෂාව බවද  සභාපතිවරයා  සඳහන් කළේය.

මෙම තත්ත්වය හමුවේ  යම්කිසි පාර්ශවයක් වරාය ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට කටයුතු කරන්නේ නම් එය වරායට පමණක් නොව සමස්ත රටටම කරන හානියක් පැවසු සභාපතිවරයා   මෙම අවස්ථාවේ   වගකිවයුතු වෘත්තීය සමිතී ඔවුන් සිය කාර්යභාරය නිසි අයුරින් ඉටුකරනු ඇතැයි තමන්  විශ්වාස කරන බවද කීය.

නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට හෝ වෙනත් සමාගමක් වෙත ලබාදීමක් පිළිබඳ නොව, වරාය අධිකාරිය විසින් නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන ආ ආකාරයට ම ඉදිරියටත් පවත්වාගෙන යාමට හැකිවන අයුරින් මෙම ගැටළුව සුබවාදීව විසදෙනු ඇති බවට   වරාය අධිකාරියේ සභාපතිවරයා ලෙසින් මා තුළ දැඩි විශ්වාසයක් පවතින බවද   හෙතෙම කීය.

ඉදිරියටත් නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යමින් මෙහෙයුම් කටයුතු සිදු කිරීම එකම  අපේක්ෂාව බවද සභාපතිවරයා වැඩිදුරටත් කීය.

වරාය අධිකාරියේ සභාපති  විශ්‍රාමික ජනරාල්  දයා රත්නායක මහතා  මේ බව පැවසුවේ  ඊයේ (30) පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.



අදහස් (2)

වරායේ උද්ගත වී ඇති ගැටලු ඉදිරි දිනවල සුබවාදීව විසඳනවා

අන්දානි Sunday, 31 January 2021 10:42 AM

ප්‍රශ්නය සුබවාදීව විසඳන්න වෙන්න ඇති "වරාය අත්‍යාවශ්‍ය සේවාවක්" ලෙසට අද ගැසට් කරන්න ඇත්තේ එහෙනම්. දැන් අදානි සමාගමට අර වැඩකට නැති වතු ටිකකුත් දෙන්න යනවා කියලත් කියනවා. ඔහොම ගියොත් ඒ වතු ටිකත් වැඩිකල් යන්න කලින් "අත්‍යාවශ්‍ය සේවාවල්" කියලා ගැසට් කරන්න තමා වෙන්නේ. මාර වැඩක් තමයි ලංකාවට වුනේ...

:       0       0

Perera Monday, 01 February 2021 04:10 AM

ප්‍රශ්නේ විසඳන්නේ නන්දසේන රාපක්ෂ ජනාධිපතිතුමාට ඕනෑ විදිහටද, නැතිනම් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය තුමාට ඕනෑ විදිහටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 1447 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 360 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 517 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 690 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


සිසුවියෝ සිවු දෙනෙක් වීදුරුවක් මත වැටිලා
2024 නොවැම්බර් මස 07 16 0

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 1512 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 68 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1396 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site