(යොහාන් භාසුර)
වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාවක් පෞද්ගලික විනෝද චාරිකාවකට දී අනතුරකට ලක්කළේ යැයි කියන පාඩුව පිළිබඳව පරීක්ෂණයක් පවත්වා පාඩුව අයකරගන්නා ලෙස ඉල්ලා ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා, ප්‍රවාහන හා මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාට අද (15) පැමිණිල්ලක් බාරදුන්නේය.
අමාත්‍ය බිමල් රත්නායක මහතා චීනයේ සංචාරයකට සහභාගි වී සිටීම නිසා එම පැමිණිල්ල ඒ මහතාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරිනියක් භාරගත්තාය.
වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් වන හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ පුත්‍රයා සහභාගි වූ නැගෙනහිර මුහුදේ විනෝද චාරිකාවක් සඳහා අදාල නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාව සපයා වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂවරයා එම චාරිකාවට නායකත්වය සපයා ඇති බව ද එම පැමිණිල්ලේ සඳහන් කළ බව ද මහවත්ත මහතා කීය.
ජපානයෙන් ප්‍රදානය කළ නවීණ අධිතාක්ෂණික නියමු යාත්‍රාවක් 2020 වසරේ පෞද්ගලික විනෝද චාරිකාවක නිතරව තිබියදී අනතුරකට ලක්වීමෙන් රුපියල් ලක්ෂ 200 කට අධික පාඩුවක් කර ඇති බවත් මෙම සිද්ධිය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වා රාජ්‍ය දේපළ අවභාවිතකිරීම උපදෙස්දීම සහ අලාභහානි කිරීමට යන චෝදනාවට නීතිය ක්‍රියාත්මක කරන ලෙස මහවත්ත මහතා එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියි.
මෙම යාත්‍රාව අලුත්වැඩියා කිරීමට වැයවූයේ යැයි කියන රුපියල් කෝටි දෙකට අධික මුදල ද මෙයට වගකිවයුතු පිරිසගෙන් අයකරගත යුතු බව කී මහවත්ත මහතා වරාය අධිකාරිය සතු යාත්‍රාවක් නීති විරෝධී ලෙස පෞද්ගලික ප්‍රයෝජනයට යොදාගැනීම, බලය පාවිච්චි කර අනතුර සැඟවීම සහ අනතුරෙන් වූ හානිය යථා තත්වයට පත්කිරීමට විශාල මුදලක් වැය කිරීම ඇතුළු චෝදනා රැසක් මෙහිදී ගණක හේමචන්ද්‍ර මහතාට එල්ල වන බව ද සඳහන් කළේය.
දූෂණයන්ට විරෝධය දැක්වූ වර්තමාන ආණ්ඩුව මෙවැනි චෝදනාවන් ඇති පුද්ගලයන් වරාය වැනි ආර්ථික මර්මස්ථානයක ප්‍රධානම තනතුරට පත්කිරීම පිළිබඳව ද අවදානය යොමු කළ යුතු බව කී මහවත්ත මහතා මෙවැනි පත්කිරීම් ද ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට ඇතුළත් කර ක්ලීන් කළ යුතු බව ද වැඩි දුරටත් සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
භූමිය මත ඉදි කර ඇති සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාර වලින් මෙගාවොට් 152 ක විදුලිය ප්‍රසම්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැති ලැබී ඇත.
රබර් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්රී ලංකා මහ බැංකුවේ 2024 මූල්‍ය ප්‍රකාශ හා මෙහෙයුම් වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත
ආර්ථික සංගණනයක් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිර
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වරායේ කෝටි 26ක පාඩුවක් ගැන වරාය ඇමතිට-බිමල්ට පැමිණිල්ලක්
රම්බොඩ Wednesday, 15 January 2025 02:46 PM
මොන පක්ෂ උඩදාගෙන පම්පෝරි ගැහුවත් කරණකොට සියල්ලන්ගේ හැසීරීම් සමානයි. වැඩිපුර බොරු කියන කෙනා දිනන ගතියක් තමයි තියෙන්නේ...
ගුණරත්න Wednesday, 15 January 2025 05:12 PM
අනතුරෙන් වුණු හානිය පිළිසකර කරන්න කෝටි දෙකක මුදලක් වැය වුණා.. නම් කෝටි 26ක පාඩුවක් වුනේ කොහෙන්ද?...
ටෙලිපොන් බයියා Thursday, 16 January 2025 07:59 AM
දයාරත්නායක සජබෙට සහාය දුන් නිසා අපි මේව ගැන වැඩිපුර හොයන්නෙ නැහැ. රජයෙ කැමැත්තක් කරාවි.