IMG-LOGO

2025 පෙබරවාරි මස 28 වන සිකුරාදා


වරාය ඩිජිටල් කරන්න ජපන් සහය

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ  වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැති හමුවේදී මෙම එකගතාව පළ කෙරිණි. 

ජපාන රජය මෑතකදී ආරම්භ කළ ආරක්ෂක සහයෝගීතා ආධාර වැඩසටහනට ශ්‍රී ලංකාව ඇතුළත් කරගැනීමට කටයුතු කර ඇති බව ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා මෙහිදී කියා සිටියේය.

යුද්ධයෙන් පීඩාවට පත් උතුරු ප්‍රදේශයේ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා ජපානය, ස්විස්ටර්ලන්තය සහ දකුණු අප්‍රිකාව ඒකාබද්ධව සිදු කරන වැඩසටහන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද තානාපතිවරයා විසින්  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුම්වත් කරනු ලැබීය.

ඩිජිටල් ආර්ථික සහ ගුවන්තොටුපල ආයෝජනයන්හි වර්තමාන තත්වය සහ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

එමෙන්ම නුදුරු දිනකදීම ජපානයේ නිල සංචාරයකට එක්වන ලෙසද ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) මහතා මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඇරයුම් කර සිටියේය.

ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ,  ජනාධිපති ආර්ථික හා මූල්‍ය කටයුතු උපදේශක අචාර්ය දුමින්ද හුලන්ගමුව, ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් සහ ආර්ථික සංවර්ධන සහයෝගීතා අංශ ප්‍රධානී ඔහාෂි කෙන්ජි (Ohashi Kenji), ජපාන තානාපති කාර්යාලයේ පළමු ලේකම් සහ දේශපාලන අංශ ප්‍රධානී මුරතා ෂිනිචි (Murata Shinichi) යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (1)

වරාය ඩිජිටල් කරන්න ජපන් සහය

kamal Koyrala Thursday, 27 February 2025 03:31 PM

ඩිජිටල් කළ යුත්තේ නිශ්කාශන කටයුතු ගුදම් පරීක්ෂා බහාලුම් පරික්ෂණ සියල්ල ඉලෙක්ට්‍රෝනිකව පරික්ෂා කටයුතු සහ වටිනාකම් ආණ්ඩුවෙන් පේනවා

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති දිසාපතිවරුන් කැඳවයි
2025 පෙබරවාරි මස 27 208 0

රුපියල් බිලියන 1400ක ප්‍රාග්ධන වියදම් ඉදිරි මාස 8 ඇතුලත ග්‍රාමීය මට්ටමේ ඵලදායී ව්‍යාපෘති වෙනුවෙන් වැය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍


හිටපු කතානායක වාහන නවයක්:මාස නවය තෙල් බිල කෝටි තුන පනී
2025 පෙබරවාරි මස 27 423 0

හිටපු කතානායකවරයා වාහන නවයක් පාවිච්චි කර ඇති බවත් එම වාහන නවයේ ඉන්ධන වියදම වශයෙන් පසුගිය වසරේ මාස නවයේදී තුන්කෝටි තිස් ලක්ෂයක් වැයකර ඇති බවත් සභානාය


සංජීව ඝාතක යුවළගේ තවත් ඡායාරූප
2025 පෙබරවාරි මස 27 763 0

පාතාලයේ අණසක පතුරවාගෙන සිටි පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඔහුට ගින


ඩිජිටල් අපනයන මත පැනවූ බද්ද වාහාම අවලංගු කරන්න
2025 පෙබරවාරි මස 27 336 0

ඩිජිටල් අපනයන මත ආණ්ඩුව පනවා ඇති සියයට 15 ක බද්ද අවලංගුකිරීමට වාහාම කටයුතු කළ යුතු බවත් මෙම තීරණය ආණ්ඩුව දුරගිය නොබලා, සැලැස්මක් නොමැති කරන සෙසු කටයුතු


විජිත, රජයේ දැක්ම මානව හිමිකම් කවුන්සිලයේදි කියයි
2025 පෙබරවාරි මස 27 233 0

ජාතික සමගිය, සංහිඳියාව සහ මෙරට ජනතාවගේ ජීවන තත්වය ඉහළ නංවන සංවර්ධනයක් ළඟා කර ගැනීම සඳහා නව රජයේ දැක්ම බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා මානව හිම


ජනපති රජයේ වෛද්‍ය නිලධාරී සංගමය හමු වෙයි
2025 පෙබරවාරි මස 27 1077 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (27) පැවැත්විණි .


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 31 0
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 333 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 475 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site