(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කොළඹ වරාය නගරය ඩුබායි රාජ්‍යයේ දී සහ අබුඩාබි හිදී ලබන 26 වැනිදා නිල වශයෙන් ආයෝජකයන් සඳහා හඳුන්වා දෙන බව( Launch) ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා ද එම උත්සවයට සහභාගී වෙන බව කී අමුණුගම මහතා වරාය නගරයේ ආයෝජනය කරන්නට දැනටමත් ආයෝජකයන් 17 දෙනකු ඉදිරිපත් වී ඇති බව සඳහන් කළේය.
එහිදී කොළඹ වරාය නගරයේ නම colombo financial city (කොළඹ මූල්‍ය නගරය)යනුවෙන් වෙනස් කිරීමට ඉඩ තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ වරාය නගරය ආශ්‍රිත රෙගුලාසි සම්මත කිරීමේ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් දිලුම් අමුණුගම මහතා මේ බව කීය.
නව රෙගුලාසි සම්මත කළ පසුව වරාය නගර ව්‍යාපෘතියේ විශාල වෙනසක් වනු ඇති බවත් ආයෝජකයන්ට වැඩ කටයුතු ආරම්භ කරන්නට හැකියාව ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට අවශ්‍ය කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන
මාතර සිට කොළඹ මරදාන දක්වා ගමන් ගත් සීඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වරාය නගරය ලබන 26 ලෝකයට හඳුන්වා දෙයි
Indika Tuesday, 19 September 2023 01:04 PM
හොඳ වැඩක්
R Sugathadasa Tuesday, 19 September 2023 01:05 PM
නගරය කෘත්‍රිම බුද්ධිය ඉහළින්ම පවතින කාර්මික මධ්‍යස්ථානයක් බවට පත් කරන්න. ඉන්දියාව එක්සත් ජනපදයට සහ චීනයට පසු ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය වනු ඇතැයි ඉතා නුදුරු අනාගතයේ දී අපේක්ෂා කරන බැවින්, සියලුම ඉන්දියානු ප්‍රාන්තවලට මෙම AI මධ්‍යස්ථානය සියලු ආර්ථික ක්‍රියාකාරකම් සඳහා භාවිතා කළ හැකිය.
බද්රානිTuesday, 19 September 2023 06:49 PM
R Sugathadasa, මහත්තයා හොඳට දවල් හීන දකින කෙනෙක් වගෙයි කතාවෙන් පේන්නේ... AI වැනි ලොකු වචන භාවිතා කලාම අපේ රටේ පල් මෝඩයින් නිකම්ම චුං වෙනවා... AI භාවිතය තුලින් සිදුවන, මානව ක්‍රියාකාරිත්වයට හා රැකියාවල් වලට වදින පහර ගැන එහෙම තවම ඉගෙන ගෙන නැතිව ඇති...අනික මේ භුමිය තුල ඉන්දියානුවන්ට බඩ පිනුම් ගහන්න දෙන්න තරම් චීන්නු මෝඩ නැහැ... චීන බල අධිකාරිය මගින් පාලනය වන මේ මුල්‍ය නගරය චීන්නු විසින් පාලනය කරන තවත් හොංකොන් නගරයක් බව නම් කිව හැකියි... කටුනායක ගුවන් තොටුපොළට පින්සිදු වන්නට දැනට ලංකා භුමිය තුලින් ප්‍රවේශ මාර්ගය වැටී තිබෙනවා. මම නම් කියන්නේ නුදුරු අනාගතයේදී ඔය භුමිය තුල ගුවන් තොටුපොළක් ඉදි නොවුනොත් තමයි අපි පුදුම විය යුත්තේ... මෝඩ සිංහලයා අනුන්ගේ දේවල් දැකලා පුදුම විදිහට සතුටු වෙන ජාතියක්නේ.. ඒ මදිවට ලොකුකමුත් කියනවා....
බද්රානි Tuesday, 19 September 2023 01:30 PM
කොහොමත් ඉතින් "කොළඹ වරාය නගරය" කියල නම දැම්මේ මේ රටේ මෝඩයින්ව චූන් කරන්න දාපු නමනේ... ඔය නම වෙනස් උනාට පස්සේ අපේ රටේ ගොබ්බයින්ට ඔතනට ගිහින් බඩ පිනුම් ගහන්න ලැබෙන එකක් නම් නැහැ. "මුල්‍ය නගරයට" (චී ලංකා රට) යද්දී, ඩොලර් කොළ ටිකක්, යූරෝ, එහෙම නැත්නම්, යුවාන් හෝ ඉන්දියන් රුපියල් ටිකක් සාක්කුවේ දාගෙන ගියොත් නම් අඩුතරමේ වතුර බෝතලයක් හෝ මිලට ගන්න පුළුවන් වෙයි...කාටද ආඩම්බර...? ඔය කල ආයෝජනය මේ රට ඇතුලත සිද්ධ උනා නම්, අපේ අයියලාට අඩුතරමේ අතේ තියන රුපියල් ටිකක් දීල ආප්පයක් කාල ප්ලේන්ටියක් වත් බීලා ගෙදර එන්න තිබුනා...?
Prase Tuesday, 19 September 2023 04:01 PM
මේකට ගැලපෙන්නේ , NEW CITY COLOMBO
chandima Wednesday, 20 September 2023 05:52 AM
හදුන්ව දෙන්න යන්නෙ රෙගුලාසි සම්මත කරන්නෙ නැතුවද. හරියට කෙල්ලගෙ මුන පෙන්නන්නෙ නැතුව මනමාලයො හොයනව වගේ නෙ. රෙගුලාසි නොදැන ආයෝජනේට එන්නෙ මොන ගොනාද?
Perera Wednesday, 20 September 2023 08:29 AM
කොළඹ වෙළෙඳ නගරය බංකොළොත් වෙලා...
Nimal Wednesday, 20 September 2023 10:56 AM
කවුරු මොනවා කිව්වත්, බය හිතෙනවා. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, නෙළුම් කුළුණ... ඊළඟට හදන්නේ වරාය නගරය...