(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ පළමු විශාලතම ආයෝජන ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා චයිනා හාබර් ඉංජිනියරින් සමාගම ඉදිරිපත්ව ඇත.
ව්‍යාපෘතියේ ආයෝජනය සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 100ක් පමණ වේ.
මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන මෙම ව්‍යාපෘතිය අදියර දෙකකින් ක්‍රියාත්මක වන අතර පළමු අදියර යටතේ ඩොලර් කෝටි 44 ක්ද දෙවැනි අදියර යටතේ ඩොලර් කෝටි 56 ක් ද ආයෝජනය කෙරේ.
පළමු අදියර යටතේ වරාය නගරය තුළ ජාත්‍යන්තර මට්ටමේ ඒ ශ්‍රේණියේ කාර්යල කුලුනු තුනක්, සුඛෝපභෝගී නිවාස සහිත කුලුනු දෙකක් සහ වෙළෙඳ සංකීර්ණයක් ඉදිකෙරෙනු ඇත.
දෙවැනි අදියර යටතේ ජාත්‍යන්තර මට්ටමේ කාර්යාල කුලුනු දෙකක් හා වෙළෙඳ සංකීර්ණයක් ද ඉදිකෙරේ.
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වරාය නගරයේ විශාලතම ඉදිකිරීම චයිනා හාබර් සමාගමට
Prabha Sunday, 01 November 2020 05:09 PM
දෙවන අදියරට එනකොට ලංකාව චීනයේ කොළණියක් වෙලා තියේවි. චීන යුරෝපයේ කර්මාන්තවලට දකුණු ඇමෙරිකාවෙ ගොවිබිම් ආක්‍රමණය කරලා තිඛෙන විදිහ දැක්කාම අපේ රටට වෙනදේ හිතාගන්න පුළුවන්.
purawasiyekSunday, 01 November 2020 06:22 PM
ඔය ඔක්කොම රටේ දුප්පත් මිනිහව තමයි රවටන්නේ, චීනෙට එන්න කියලා පුරවැසිකම දෙනවා කිව්වත් කිසිකෙනෙක් යන්නේ නැහැ. නමුත් ඇමෙරිකාවේ පුරවැසිකම දෙනවා කිවොත් මුළු රටේම ජනතාව "බැසිල් සහ ගෝඨා, ඩලස් හැර අන් " සියලු දෙනාම ඇමෙරිකාවේ පුරවැසිකම ලබා ගන්නවා. ඔය හැමෝම ඇමෙරිකාවට බනින්නේ බොරුවට. ඔය ඇමෙරිකාවට බනින බොහෝ දෙනෙකු සර්ගේ පවුල් සිටින්නේ අමෙරිකාවේ. දූදරුවන් මුනුබුරු, මිනිබිරියන් රැකියාවන් කරන්නෙත් අද්යාපනය ලබන්නේත් ඇමෙරිකාවේ. ඇමෙරිකාවට යන්න visa නොලැබුණාම තමා චීනයට යන්නේ. රටේ ඉන්න දුප්පතාට තමා ඔය ඔක්කොම හෙන. රටේ දුප්පතාව මුලකරලා ඔවුන්ගේ ඡන්දෙ ගන්නවා. වර්තමාන තරුණ පරපුර 77 පෙර දශකයේ හිටපු තරුණයන් මෙන් නොවේ. අද තරුණ තරුණියන් ඉන්නේ ලෝකයත් සමග ලෝකයේ වෙන බොහෝදේ ඔවුන් දන්නවා. එම නිසා තමා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ලෝකයේ දියුණු ප්රජාතන්ත්රවාදී රටවලට යන්නේ. ඔවුන් යන්නේ ආගමත් කොමිනිස්ට් ජාතියත් කොමිනිස්ට් කියන චීනයට නොවේ. ලෝකයේ දියුණු රටවල් පාලනය වන්නේ ක්‍රමවේදයකට කියලා ඔවුන් දන්නවා.
Ajith Monday, 02 November 2020 01:41 AM
මේ ප්‍රතිචාර වලට අන්ලයික් කරන අයගෙ ඇඟේ දුවන්නේ චීන ලේද නැතිනම්... පක්ෂ ලේද? කියලා හිතෙනවා.
puppaMonday, 02 November 2020 01:48 AM
ඔබ නිවැරැදියි..., ඔක තමයි සම්පූර්ණ ඇත්ත. චීන ණය ෙදනවා. ණයවලින් කරන වැඩවලට චීන්නු ගෙනාවා. ඔන්න අපිට කරන විදිය... මහරජ එයාර් පෝර්ට්, වරායවල් හැදුවා, ස්ටූඩියෝ හැදුවා ණය අරගෙන... සත 5ක ආදායමක් නැහැ. ලෝකය පාලුවට ගිය ගුවන් තොටුපළ කියන්න හම්බන්තොට ගුවන් තොටුපළට... අපි ණය උගුලේ හිරවෙලා නැහැ කියලා පොම්පියෝට කියනවා ලොක්කා, මුලු රටම දන්නවා චීන ණය උගුලේ එරිලා ඉන්නේ කියලා. කාටද බොරු කියන්න හදන්නේ?
senaMonday, 02 November 2020 06:09 AM
ඔය කියන ඒවා සමහර ඒවා හරි නමුත් අද තරුණ පරම්පරාව 70 දශකයේ තරුණයන්ට වඩා අද තරුණයෝ තාක්ෂනය යොදා ගන්නවා.
SankaMonday, 02 November 2020 05:13 AM
චීන්නු කපටිකමෙන් ලංකාවෙ ප්‍රධාන මර්මස්ථානය වන ත්‍රිකුණාමලේ වරාය අල්ලගෙන ඉවරයි. මෙ වරාය ලෝකයේ භූගෝලීය වශයෙන් පිහිටපු ලංකාවට තිබුණු ලොකුම වස්තුවක්. මෙක මෙ පාලකයන් රටට කරපු පොළව උහුලන්නේ නැති අපරාධයක්...
Nandalal DE SILVA - FranceMonday, 02 November 2020 04:43 PM
ජනතාව ගොනාට අන්දවා, නැති ප්‍රශ්න මවාපා, රැවටීමෙන් ඡන්ද ලබාගෙන බලයට පැමිණ, රටට කරන මෙ දරුණු අපරාධවලට මෙ පාලකයින් පමණක් නොව ..., හත්මුතු පරම්පරාවම සහගහනු ඇත.
SL Sunday, 01 November 2020 05:36 PM
ඇනේ ඉඳන් චීනෙන් ගෙනෙයි, ලංකාවේ සේල්ස් රෙප් කෙනෙකුටවත් රස්සාවක් ලැබෙන්නේ නැතිවෙයි. හැබැයි චීනේ මිතුරෙක් ලු
රාජුන් Sunday, 01 November 2020 08:55 PM
චීනය කියන්නෙ කිසිම ප්‍රතිපත්තියක් නැති, ෂේක්ස්පියර්ගේ වැනීසියේ වෙලෙන්දා කතාවේ එන ෂයිලොක් වගේ ව්‍යාපාරිකයෙක්. චීනය සමග ගණුදෙනු කරන කිසිම රටක් එම ගනුදෙනුව අහවර කරන්නෙ කුමක් හෝ මතබේදයක් හදා ගෙන. ඉතාමත්ම ආක්රමණකාරී විදිහටයි චීනයේ වෙළඳ ප්‍රතිපත්ති හැදිල තියෙන්නෙ. ඉතාමත්ම අවාසනාවන්ත කාරණය නම් මේ දේශපාළුවන් තම තමන්ගේ වාසි හො බලය රැක ගැනීමට රට ටිකින් ටික විකුණන හැටි සාමන්‍ය ජනතාවවත් හෙට උපදින දරු පැටවුන්වත් දන්නෙ නැහැ. ඒ බව පාළකයින් එලි කරන්නේ නැහැ. නමුත් ඒ ණය ගෙවන්න වෙන්නේ ඒ දුප්පත් රට වැසියන්ටයි හෙට උපදින කිරිකැටියන්ටයි. බොහෝවිට සිදුවන්නෙ මේ හැමටම වග කියන්න ඕනි දේශපාළුවන් කෝටි ගණන්, ප්‍රකෝටි ගණන් පගා ගහල, කොමිස් ගහල, හොරකම් කරල අවසානයේ කොහේ හරි විදේශ රටකට යනවා පවුල් පිටින්. අන්තිමට ඒ හැම සතයක්ම වැටෙන්නෙ අපේ කර පිටට...
ලුම්බිණි Sunday, 01 November 2020 11:52 PM
මේ මුදල ණයක්ද? නැත්නම් මේවායේ අයිතිය චීනෙටද? කොහොම කලත් රට චීනෙට දීලා ඉවරයි. මේවාට වෙන ආයෝජකයොත් ගන්නේ නැත්තේ මොකද?
sunanda Monday, 02 November 2020 03:23 AM
කොමිස් මුදල හිතාගන්න බැහැ
kamal Monday, 02 November 2020 03:45 AM
69 ලක්සයක ආශීර්වාද මධ්‍යයේ කරන මෙ වැඩවලට නෙගටිව් කමෙන්ට් දාන්න එපා...
vikum Monday, 02 November 2020 03:50 AM
චිනගේ කලටිකම් තම්බියට වඩා ප්‍රබලයි. අද්දැකීමෙන් කියන්නේ වෙලදාමෙදී ඔවුන් චීන්නු භාණ්ඩයක මිල අදේ දහවල් හවස වශයෙන් කාණ්ඩ වලට බෙදා ගනු දෙනු කරනු ලබයි. කූට ලෙස භාණ්ඩයක මිල පුද්ගලයාගේ ස්වරෑපය අනුව වෙනස් කරනු ලබයි, පුදුමයක් වනුයේ චීන්නු ලංකාව ස්වයංපෝෂිත කරන්න එනවා කියන එක... අන්තිමට චීන්නු අපි සියල්ලෝම රවටා දමනු ඇත. සුද්දා යමක් රටේ සංවර්ධනය කලද චීනා හදන දේ අවසානයේ කුණු කූඩයට යෑමක් මිස කල් පැවැත්මක් නැත.
Roshan Monday, 02 November 2020 04:46 AM
රජය පත්වෙන කොට කිව්වෙ ඔක්කොම අපේ රටෙ කර්මාන්තකරුවන්ට තමයි ටෙන්ඩර් දෙන්නේ කිව්වා. දැන් තේරෙනවද ඡන්දෙට කළින් කියපු සහ ඡන්දෙට පස්සෙ කරපුවා. ඔය හැම ගොයියම එකයි. කාලෙන් කාලෙට එක එක දුටුගැමුණුලා බිහිවෙනවා. හැබැයි කරපු දෙයක් නම් නැහැ. මාධ්‍ය වලින් පුම්බපු හුළං බෝල වැඩ කරන්න ගියාම නිකන්ම පුස් බෝල බවට පත්වෙනවා.
Perera Monday, 02 November 2020 04:54 AM
ඇමෙරිකාව , චීනය සහ ඉන්දියාව දන්නවා ලෝකයේ ලොකුම ගවපට්ටිය ලංකාව කියලා...
S.PMonday, 02 November 2020 05:31 AM
ඔයත් ඒකෙ ගවයෙක්ද?
AnoMonday, 02 November 2020 08:46 AM
ඇත්තම කියනවානම් ලංකාවේ ඔක්කොම ගව පට්ටියක ඉන්න ගොන් හරක්... ඔහේ පස්සෙන් යනවා මිසක්... යන්නෙ කොහෙද වෙන්නෙ මොනවද කියලා හාංකවිසියක් වත් නෑ...
Mr Don Monday, 02 November 2020 09:19 AM
ගවයන්ට අපහාස නොකරන්න.
සේනක Monday, 02 November 2020 06:27 AM
ලංකාවෙ මිනිස්සුන්ට සත පහකට වැඩක් නැති ව්‍යාපෘතියක්. ඔය 69 ලක්ෂෙ ඡන්දෙ දුන්නෙ ලංකාවෙ ධනපති පංතිය ගැන තියෙන කුහක ඊර්ෂ්‍යාව හින්ද.
vipula Monday, 02 November 2020 07:01 AM
වරායේ තෙල් ටැංකි චීනෙට ඉන්දියාවට දෙනකොට සද්ද නැතුව හිටපු අය දැන් ඇහැරිලා.
Akila Monday, 02 November 2020 07:09 AM
අර සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවත්තන්න ජනපතිට උපදෙස් දීපු ,ලංකවේ ඉංජිනේරුවන් ගැන හරි දුකෙන් කතාකරපු මහාචාර්ය තුමා දැන් ලංකවේ නැත්ද ?
ජයම්පති Monday, 02 November 2020 07:27 AM
ඊළග මහ මැතිවරණයට ආණ්ඩුව කියයි " මෙ රට බෙදාගැනීම අවසාන අවස්ථාව, චීනෙන් හා ඇමරිකාවෙන් රට බෙදාගැනීමට අපිට නැවත ඡන්දෙ දෙන්න" කියලා පපුවටත් ගහගනියි.
SUNIL MILAMO Monday, 02 November 2020 08:37 AM
මෙ වගේ තකතීරු, පටු අදහස් තියෙන මෝඩ රැලක් ඉන්නකම් රට ගොඩ නගනවා බොරු...
SUNIL MILANO Monday, 02 November 2020 08:48 AM
හම්බන්තොට වරාය චීනාට විකුණාගෙන කනකොට අත්පුඩි ගහපු හරක් තමයි මෙ දැන් තප්පුලන්නේ.
Nuwan Monday, 02 November 2020 09:22 AM
තව නොබෝ දිනකින් චීනෙක් කොළඹින් ඡන්දෙට ආවේ නැත්නම් තමා ලෝක පුදුමේ.
rana Monday, 02 November 2020 10:07 AM
නම සුනිල් මිලානෝ ද ? සුනිල් ඉන්නේ මිලානෝ බව අපිට කියන්න ඔනෙද ? හරි දැන් අපි දන්නවා,
kumara Tuesday, 03 November 2020 08:37 AM
අපි රජයට බලය දීලයි තියෙන්නේ... ඉතින් ඒ අයට බනින්න එපා...