IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් ගැන ලිඛිත දේශන ගොනු කරන්න දිනයක්

( තිළිණි ද සිල්වා හා රංජන් කටුගම්පොළ )

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ  කොමිසම් සභා  පනත් කෙටුම්පත" සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ට  පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා  ගොනු කර ඇති විශේෂ පෙත්සම්  සහ අතර මැදි  පාර්ශව පෙත්සම්  සම්බන්ධ  ලිඛිත දේශන ලබන 23 වන සිකුරාදා  දහවල්  12 ට පෙර ගොනු කරන ලෙස  ශ්‍රේෂ්ඨාධිකරණය    අද  (21)  නියම කළේය.

පනත් කෙටුම්පතට එරෙහි ගොනු කළ  පෙත්සම්  සම්බන්ධයෙන්  කරුණු දැක්වීම්   මීට පෙර   සිදු කරනු ලැබූ තර පනත්  කෙටුම්පත ට පක්ෂ අතරමැදි පාර්ශව පෙත්සම් කරුවන් වෙනුවෙන් කරුණු  දැක්වීම ආරම්භ කෙරිණ .
 
අගවිනිසුරු  ජයන්ත ජයසූරිය මහතා ගේ ප්‍රධානත්වයෙන්  , බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන,  මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ   මෙම පෙත්සම්  කැඳවනු ලැබිණ. මෙම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 19ක් ගොනු කර තිබුණි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය , එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර , එහි තරුණ පෙරමුණේ හර්ෂණ රාජකරුණා,  ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ යන මහත්වරුන් ,  තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් ගේ සංගමයේ සභාපති ජී කමල් රේණුක පෙරේරා,  විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු ,  ලෙස්ලි දේවේන්ද්‍ර, ජී.එස්.ශ්‍යාමලී,මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, රජික කොඩිතුවක්කු, ආචාර්ය අජන්තා පෙරේරා, බන්දුල චන්ද්‍රසේකර, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්, නාගානන්ද කොඩිතුවක්කු,ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස්,  එහි ලේකම්  නීතීඥ  රජීව්  අමරසූරිය, රවීනා ගයේන්දීද සිල්වා   විසින් මෙම පෙත්සම් ගොනු කරතිබුණි.
 
මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ සිටී.

මෙම පෙත්සම් වලට මැදිහත්ව පනත් කෙටුම්පතට පක්ෂව මහාචාර්ය ජී. එල්. පීරිස්,  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්,ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර, ලක්ෂ්මන්  පීරිස්, මුදල් අමාත්‍යාංශ ලේකම්,  කැබිනට් මණ්ඩලයේ ලේකම්, චමින්ද විදානගමගේ එච් එම් විජිත හේරත්, නලීන් සමරකෝන්, බී.පී.පතිරණ විසින් අතරමැදිපාර්ශව පෙත්සම්  එකොලහක්  ගොනු කර තිබුණි .

පනත් කෙටුම්පතට එරෙහිව  දුමින්ද  නාගමුව,  ඩබ්ලිව්  ඒ. එච්. කුමාර විසින් අතරමැදි  පාර්ශව පෙත්සම් ගොනු කර තිබුණි.

මෙම පෙත්සම් විභාග කිරීම හෙට (22) උදෑසන 9.30 දක්වා කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (21) තීන්දු කළේය.

ඒ  අනුව මෙම පෙත්සම් හෙට විභාගයට ගැනෙනුයේ සිව්වැනි දිනටය.හෙට දින පනත් කෙටුම්පතට පක්ෂ අතරමැදි පෙත්සම්කාර පාර්ශවයේ කරුණු දැක්වීම හා නීතිපතිවරයා ගේ කරුණු දැක්වීම සිදු කෙරනු ඇත.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම්  විභාගය පැවැත්වේ.

 

 

 

 



අදහස් (0)

වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් ගැන ලිඛිත දේශන ගොනු කරන්න දිනයක්

ඔබේ අදහස් එවන්න

දියත

අදත් තැනින් තැනට වැසි
2024 නොවැම්බර් මස 06 14 0

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා


ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 1159 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 905 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 160 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 2663 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 1267 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1332 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 704 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site