(සුජිත් හේවාජුලිගේ )
කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන විරෝධතා ව්‍යාපාරයක් පාර්ලිමේන්තු වටරවුම අසලදී අද(19) උදේ 10.00ට පැවැත්වීමට නියමිතය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම විරෝධතා ව්‍යාපාරයට සහභාගි වෙති.
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ දී අද ඇරඹෙයි. විවාදය අද සහ හෙට දින දෙකක් පුරා පැවැත්වෙන අතර පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම හෙට සවස 4:30 ට පැවැත්වීමට නියමිතය .
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත
හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වරාය පනතට ජවිපෙ විරෝධය අද පාර්ලිමේන්තුව ළඟ
රණසිංහ Wednesday, 19 May 2021 02:02 AM
මන් දන්නේ නැහැ මේ කුහකයන් වෙසන පෙදෙස්වල අහළ පහළ අය කෙසේ ජීවත් වෙනවාද කියා...? තුන් වරුවම රටකට විනාශය පතන මොවුන් දැකීම පවා අහිතකර විය හැකියි. හොඳක් දකින්නේම නැද්ද කිසිම දෙයක...
NuwanWednesday, 19 May 2021 10:32 AM
තමුන්ට අකුරු පුළුවන්ද? එම පනත් කියෙව්වද? පුදුම මිනිස්සු..!!! ලංකා භූමියෙන් කොටසක් චීනයට සින්නක්කරව ලියාදෙන එක හරි නම් LTTE!!! ඉල්ලපු ඊලමත් දෙන්න තිබ්බේ.. දෙකම එකයි.
RaveendraWednesday, 19 May 2021 10:49 AM
ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය.. මොවුන්ගේ ගමන් මාර්ගය දෙස බැලීමේදී අපට කුඩා වයසේ සිටම දුටුවේ මොවුන් වර්ජන, තර්ජන, කඩාකප්පල්කාරී ක්‍රියා, උද්ඝෝෂණ වැනි දේවල් පමණක් කළ අය නොවේද? එමෙන්ම කිසිඳු දෙයක හොඳක් නම් නොදැක්කෝය. මොවුන් ජීවත් වෙන වටපිටාවේ මිනිසුන්ටත් මොනතරම් කරදරයක් ඇද්ද...?
janahitha Wednesday, 19 May 2021 03:42 AM
අලි වෙනුවෙන්...
යසා Wednesday, 19 May 2021 05:03 AM
ඔයා කෑගහලා යන්නේ නැතෙයි...
Mahesh madusanka Wednesday, 19 May 2021 05:12 AM
ජවිපයේ තමයි රටට ආදරේ ඇති මිනිස්සු ඉන්නේ.. ඔහොම යං..
Wasudewa Wednesday, 19 May 2021 07:28 AM
දොන් ජුවන් වගේ වැඩක් කරන්නනේ ආණ්ඩුව ගියේ... ජවිපෙ විරෝධය නියමයි... ජයෙන් ජය... ඔහොම යං..
ks Wednesday, 19 May 2021 01:15 PM
දූෂිත ආයතන පද්ධතියක්, දූෂිත රාජ්‍ය නිලධාරීන් රොත්තක්.., කපටි ව්‍යාපාරිකයින් රැලක් රැවටිලිකාර ආත්මාර්ථකාමී දේශපාලඥයින් සෙට් එකක් යටතේ පවතින අණපනත් වලට යටත්ව ආයෝජනය කරන්න ආයෝජකයින් කැමතිත් නැහැ. එහෙමයි කියලා ජනතා පරමාධිපත්‍ය භෞමික අඛණ්ඩත්වය රටේ නීතිය පාවාදෙන්න පුළුවන් කමකුත් නැහැ. ආයෝජකයින් ගෙන්වන්න ඕනෑකමට. ජවිපෙ කවදාවත් ජනතාවගේ සංස්කෘතික සාරධර්ම ආගම දහමට ගරු කරලා ජනතා සිතුම් පැතුම් තේරුම්ගෙන ජන හදවත් අවබොධ කරගත්තෙත් නැහැ. ඒ නිසා බලයට එයි කියලා හිතන්නත් බැහැ. අනේ එතුමාලා මෙහෙමවත් පවතින්න එපායෑ. ඉතින් උද්ඝොෂණ කරපුවාම මොකද?. අපිට කියන්න තියෙන්නේ අරගොල්ලන්.. ඒ ගොල්ලන්, මේ ගොල්ලන් කියලා වෙනසක් නැහැ.. කවුරුත් එකයි කියලා විතරයි. කාගෙත් අවුරුදු 73ක් කෙරුවාවෙන් අමාරුවේ වැටුනේ ජනතාව...