(යොහාන් භාසුර)
දකුණු ආසියාවේ විශාලතම මුළුතැන්ගෙය ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය පාලනය කරන කොළඹ වරාය කුස්සියේ අඹ මාළුවේ විශාල කැරපොත්තෙක් සිටි බව එම වරායේ සේවකයෝ චෝදනා කරති.
නැගෙනහිර බහලුම් පර්යන්තයේ සේවය කරන සේවකයකු පසුගිය 12 වැනිදා රාත්‍රී කුස්සියෙන් ලබාගත් ආහාර පාර්සලයේ මෙම මියගිය කැරපොත්තා සිටි බව ද සේවකයෝ කීහ.
කොළඹ වරාය කුස්සියේ කෑමවල සහ එහි පරිපාලනයේ වර්තමානය වන විට ප්‍රමිතිය පිළිබඳව දැඩි ගැටලුවක් පවතින බවත් කෑමවල තිබී පිහියකින් කැඩී ගිය කොටසක් ද මීට දින කීපයකට පෙර සේවකයෙක්ට හමුවී ඇති බවත් සේවකයෝ සඳහන් කරති.
වෛද්‍යවරු ද ඇතුළත්ව සිටි කමිටුවක් එම කුස්සියේ ආහාර පිසීම සුරක්‍ෂිත කිරීම සහ ආහාර වට්ටෝරු සැකසීම කළ ද මෑතක සිට ඇතැම් වෘත්තීය සමිතිවල බලපෑම හේතුවෙන් නිලධාරීන් සහ සේවකයන් පීඩාවට පත්ව ඇති බවත් බලපෑම් සමඟ සේවක අප්‍රසාදය මත ආහාර සුරක්‍ෂිතතාව පහළ වැටී ඇති බවත් සේවකයෝ පැවසූහ.
වරාය අධිකාරියට මෑතකදී පත්වීම් ලැබූ බොහෝ දෙනෙක්ට එහි පරිපාලනය පිළිබඳව නිසි අවබෝදයක් නොමැති බව කියන සේවකයෝ වර්තමාන පරිපාලනයේ උසස් නිලධාරීයෙක් වරාය කුස්සියෙන් අමතර කෑම ලබාගෙන එයට මුදල් ගෙවීමට ගොස් ඇති බව ද පැවසූහ.
‘වරායේ කෑම විකිණීම තහනම්’ යැයි එම අවස්ථාවේදී ප්‍රධාන නිලධාරියට කුස්සියේ සේවකයන් පවසා ඇතැයි ද වරාය සේවකයෝ වැඩි දුරටත් සඳහන් කරති.
මෙම සිද්ධිය පිළිබඳව වරාය මුළුතැන්ගෙයි අධ්‍යක්‍ෂ මොහොමඩ් රම්සීන් මහතාගෙන් කළ විමසුමේදී පැවසුවේ තමන් නිවාඩු ලබා ගමට පැමිණ සිටින බැවින් ඒ පිළිබඳව නොදන්නා බවත් වරාය මුළුතැන්ගෙයි කළමනාකරුගෙන් විමසිය යුතු බවත්ය.
ඒ පිළිබඳව විමසීමට වරාය මුළුතැන්ගෙයි ප්‍රධාන කළමණාකරු ඇලපාත මහතාගේ දුරකථනයට ඇමතුව ද ඒ මහතා ප්‍රතිචාර නොදැවීය.
මෙම සිද්ධිය පිළිබඳව වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් එස්. එස්. රණසිංහ මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ කෑම තුළ කැරපොත්තෙක් සිටියේ යැයි පැමිණිල්ලක් මේ දක්වා ලැබී නොමැති බවත් වරාය කුස්සිය පෞද්ගලීකරණය කිරීම නවතා තමන් එය බේරාගත් බවත්ය.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වරායේ බත් පැකට්ටුවේ කැරපොත්තෙක්
Pradeep Kumara Tuesday, 14 January 2025 05:07 PM
මට නම් පේන්නේ අළුත් කට්ටිය හැමතැනම වැඩ අනා ගන්නවා වගේ...!
Samantha Tuesday, 14 January 2025 05:17 PM
වරායේ කුස්සියේ කෑමවල ප්‍රමිතිය සහ ආහාර වල සෞඛ්‍යාරක්ෂිත බව වරාය සේවකයින්ට පමණක් නොව, මුළු රටටම බලපාන කරුණක් වන්නේ රටේ ආර්ථිකයට එහි ඇති බලපෑම සහ වැදගත්කම නිසායි. එහෙත් එහි වගකීම බාර ගැනීමට, අධ්‍යක්‍ෂකට හෝ කලමනාකරුට නොහැකි නම් ඔවුන් එම තනතුරු වලට සුදුසු වන්නේ නැත. වරායේ සභාපති ගේ යන්නේ කොහේද? මල්ලේ පොල් පිළිතුරද අදට වඩා ගැලපෙන්නේ හෙටයි. ඔහු වරාය කුස්සිය පුද්ගලික කරණයෙන් බේරාගෙන ඇති බැවින් ඔහු විසින් මෙහි බිඳ වැටීම පිළිබඳ සම්පූර්ණ වගකීම බාරගත යුතුයි. එය එසේ නොවන්නේ නම්, ඔහු ඒ කුමක් නිසාද යන්න ජනතාවට පැහදිලි කළ යුතුයි. නැතිනම් රජය විසින් ඒ වගකීම බාරගෙන ඔහුව වහාම ඉවත් කළ යුතුයි. මිනිස් ජීවිතවල වටිනාකම නොදන්නා තැනක වැඩ කරනවාට වඩා වෙනත් තැනක වැඩ කිරීම වඩා සුදුසු බව සේවකයින් සිතන තැනට තල්ලු නොකර සිටීමට වග බලාගැනීම පාලකයින්ගේ වගකීම වන්නේය.
Lalla Tuesday, 14 January 2025 11:51 PM
යන්න බයිලා නොකියා. කොටුවේ වැඩකරන වරාය බත් පැකට් නොකාපු එකෙක් හොයන්න බලන්න. ඕකේ සේවක රැල සෑහෙන සංඛ්‍යාවක් බත් එක විකුණනවා. පෝෂණය නම් තියෙනවා. ඒත් දියරසයි. ඕකට කැරපොත්තෙක් දෙන්නෙක් දාන්න ඇත්තේ ඕකෙම සේවකයෝ. මොකක් හරි කොක්කක් ඇදගන්න.
Buddika Tuesday, 14 January 2025 05:54 PM
හැමදාම චිකන් ෆිශ්, බිත්තර දෙන්නේ. ඉඳලා හිටලා කැරපොත්තෙක්, හූනෙක්, ගෙම්බෙක් දාන්නේ වෙනසකට. ඒක තෙරෙන්නේ නැත්ද?
Sugath Wednesday, 15 January 2025 07:05 AM
මේ වරායේ මිනිස්සුන්ට කෑම නොමිලේ දෙනවද ?? මම දැනගන්න කැමතියි. එය නොමිලේ නම්, මෙම වරාය සේවකයින්ට වෙනත් අයට මෙන් නිවසින් දිවා ආහාරය ගෙන ඒමට නොහැක්කේ ඇයි?
Sugath Wednesday, 15 January 2025 07:17 AM
"රජයට අයත් ශ්‍රී ලංකා වරාය අධිකාරියට (SLPA) 2021 දී එහි සේවකයන්ට නොමිලේ ආහාර සැපයීමෙන් රුපියල් බිලියන 1.11ක වියදමක් දැරීමට සිදු විය. වරාය සේවකයන් මෙතරම් විශේෂ වන්නේ ඇයි? ඔවුන්ට නොමිලේ දිවා ආහාරය ලැබෙන්නේ ඇයි? තැපැල් සේවකයින් ගැන කුමක් කිව හැකිද? දුම්රිය කාර්ය මණ්ඩලය? නැත්නම් රෝහල් කාර්ය මණ්ඩලය? මෙය නැවැත්විය යුතුයි. මොන නාස්තියක්ද. ඔවුන් සැළකිලිමත් වන බව පෙනෙන්නේ ඔවුන්ගේ බඩ සහ ආහාර පමණි.
ලුම්බිණි Wednesday, 15 January 2025 09:01 AM
කෑම වල කැරපොත්තා ඉන්න එක ප්‍රශ්නයක් නොවුණත් වරාය කුස්සිය පෞද්ගලීකරණය කිරීමෙන් බේරාගත්තා කියන එක වැදගත් බවයි පෙනෙන්නේ . මෙහෙම අයද අලුතින් පත් කරලා තියෙන්නේ ?
අරවින්ද මොනරවිල Wednesday, 15 January 2025 09:46 AM
වරායේ කුස්සියේ උයන ආහාර වල අඩුපාඩුවක් හෝ යම් අකටයුත්තක් සිදු වෙලා තියෙනවා නම් ඒකට වග කියන්න ඕනා මුලුතැන්ගෙය භාර නිලධාරීන් මිස සභාපතිවරයා නොවෙයි කියලා නොදන්නා සිලින්ඩර් පොහොට්ටු ටෙලිෆෝන් බයියන්ට අපගේ බලවත් ශෝකය පලකරන අතර සමහරවිට මේවා රජය අපහසුතාවයට පත් කරන්න හිතාගෙන කරන බයි කුමන්ත්‍රණ වීමටද ඉඩ තිබෙනවා.
de silva Wednesday, 15 January 2025 01:34 PM
කරුමය කැරපොත්තා ලෙසද පැමිණිය හැකිය.