(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස ප්‍රභාත් ජේ. මලවිගේ මහතා අද (29) වැඩභාරගත්තේය.
වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨතම සහ කීර්තිමත් නිලධාරියෙක් වන මලවිගේ මහතා වරාය අධිකාරියේ ලාබාලතම කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස ද ඉතිහාසයට එකතු විය.
මෙම තනතුරට පත්වීමට පෙර වරාය අධිකාරියේ අතිරේක කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ ඒ මහතා වසර 18 කට අධික කාලයක් කළමනාකරණ ක්ෂේත්‍ර පළපුරුදු නිලධාරියෙකි.
සුවිශේෂි අධ්‍යාපන ජයග්‍රහණ රැසක් ලබා ඇති මලවිගේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේපළ කළමනාකරණය සහ තක්සේරුව පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙකි.
ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් භූගෝලීය තොරතුරු පද්ධති සහ දුරස්ථ සංවේදනය පිළිබඳ විද්‍යාපති උපාධිය සම්පූර්ණ කළ අතර ඒ මහතා මොරටුව විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ද සම්පූර්ණ කළ නිලධාරියෙකි.
ඒ මහතා වරාය වෙළෙඳ නාවික ක්ෂේත්‍රය හා සේවා සැපයුම් මෙහෙයුම් සම්බන්ධයෙන් ද වන ජාත්‍යන්තර මට්ටමේ පුහුණු වැඩසටහන් සහ සම්මන්ත්‍රණ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවස්ථා රැසකදී සහභාගි වී තිබේ.
ඔහු සුදුසුකම් ලත් වෘත්තීමය කථිකාචාර්යවරයෙක්, පුහුණුකරුවෙක් වන අතර දුරස්ථ සංවේදනය හා පරිශ්‍ර කළමණාකරනය පිළිබඳ වෘත්තිකයෙකි.
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වරායේ ලාබාලම අධ්‍යක්‍ෂ වැඩ අරඹයි
සමන් Monday, 29 May 2023 03:39 PM
පට්ටන්දර නම් ගොඩයි. වැඩ කොහොමද දන්නැහැ...
දාස Monday, 29 May 2023 05:01 PM
වැඩද? ඉස්සෙල්ලම බලයි සාක්කුවට ගානක් වැටෙන වැඩක් හදාගන්නේ කොහොමද කියලා..., පත්කළ ඇමැතිය, තමුන් ඔතෙන්ට මාට්ටු කළෙත් ඒ වැඩේටම හින්දා..
ගමේ එකාලා Monday, 29 May 2023 05:10 PM
ලාබාලම කියන්නේ වයස කීයක් විතර වෙයිද?
prasanna Monday, 29 May 2023 07:12 PM
හොඳ ගාණක් හම්බකරගෙන යාවි... හි හි හි...
Samitha S. Aluthgamage Tuesday, 30 May 2023 07:41 AM
මේ වැනි ඉහළ සුදුසුකම් ඇති ඔබතුමාට අපගේ සුබ පැතුම් ... ඒත්, වරාය අධිකාරිය කියා කියන්නේ හොරකම් හා දූෂිත වැඩවලින් පිරි ස්ථානයක්.මෙම ආයතනය පිරිසිඳු කොට සැබෑ ජනතා මෙහෙවරක් සඳහා යොමුකිරීමට ඔබතුමාට අවස්ථාව උදාවේවා .. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලත් කෙනෙකු මෙවන් තනතුරක් හෙබවීම එහි ආදී හා වර්තමාන විද්‍යාර්ථීන් හටද අභිමානයක්.
dayananda Wednesday, 31 May 2023 10:11 AM
ඔතනට මොන සුදුසුකම් තිබුනත් අපේ ගෝත්‍රික රටේ වැඩක්නැහැ.. නුගත් ඇමති දෙන නියෝග ක්‍රියාත්මක කිරීම හැර තමුන්ගේ ස්වාදීන මතයක් හෝ යහපත් ප්‍රයෝජනවත් දෙයක් රටට වැඩදායී දෙයක් කරන්න ඉඩක් නැහැ.. ඔය සුදුසුකම් කැලේට හඳ පායලා වගේ තමයි