(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපති සංගමය පෙරේදා (30) පස්වරුවේ ප්‍රවේශපත් නිකුත් කිරීමෙන් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමත් සමඟ කන්කසන්තුරේ දක්වා පෙර දැනුම් දීමකින් තොරව දුම්රියක් ධාවනය කරවීමෙන් දුම්රිය දෙපාර්තුමේන්තුවට රුපියල් ලක්ෂ 30 කට අධික අලාභයක් වී ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමය පැවසීය.
දුම්රිය බලධාරීන් පළමු පන්තියේ ආසන 520 ක් සහිත දුම්රියක් හදිසියේම මෙසේ ධාවනයට යොදවා ඇති බවත් එම දුම්රියෙන් යාපනය සහ කන්කසන්තුරේ දක්වා මගීන් 44 ක් ගමන් කර ඇති අතර ආසන 476 හිස්ව ධවනය වී ඇති බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.
එසේ විශේෂෂ දුම්රියක් යෙදවුවද යාල්දේවී දුම්රියේ සියලුම ආසන වෙන්ව මගින් ගමන්කළ බවත් යෙදවූ මෙම අතිරේක දුම්රියේ එක් ආසනයක් රුපියල් 3200 ක් වන බවත් ඒ මහතා කීය. ඒ අනුව හිස්ව තිබූ ආසන 476 න් පමණක් පාඩුව රුපියල් පහලොස්ලක්ෂ විසිතුන්දහස් දෙසීයක් (රුපියල් 1,523,200) බව කී ඒ මහතා එම දුම්රිය නැවත කොළඹට පැමිණීමේදී ආසන 465 ක් හිස්ව තිබීමෙන් එයින් රුපියල් දාහතර ලක්ෂ අසූඅටදහසක් (රුපියල් 1,488,000) බවත් සුමේධ සෝමරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ (31) රුහුණු කුමාරි දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී ඇතැයි දුම්රි
රුපියල් කෝටි දෙසීයකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ පනස් හතරක් සෙවනගල ප්‍රදේශයේ නිවසේ මිදුලෙහි වලදමා තිබියදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ
පේදුරු තුඩුව ප්‍රදේශයේදී සිමෙන්ති ගඩොලකින් පහරදී අඹුසැමි යුවළක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෝ දෙදෙනෙක් පේදුරු තුඩුව පොලිසිය විසින් ඊය
එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමේ දෙවන දිනය අදට යෙදී තිබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලිය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පස්සර අඹතැන්න ගොවිපල ප්‍රදේශයේ එකම පවුලක මව, පියා ,අයියා , නැගණිය එකතු වී ගෙපලක් කපමින් සිටියදී හදිසියේ පතිත වූ අකුණු පහරක් වැදීමෙන් 10 හැවිරිදි දියණිය ම
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
වර්ජනය අස්සේ දුම්රියක් කන්කසන්තුරේ ගිහින්:පාඩුව ලක්ෂ 30යි