IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


වරාය බටහිර බහලු පර්යන්තයේ උපදේශන කොන්ත්‍රාත්තුවක් පිරිනමයි

(අංජුල මහික වීරරත්න)

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අදියර II හි බටහිර බහාළු පර්යන්ත දිය කඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලසුම මෙහෙයවීම සඳහා උපදේශක සේවාව ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කොළඹ වරාය පුළුල් කිරීමේ අදියර II හි බටහිර බහාළු පර්යන්තය II සඳහා බටහිර දිය කඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිණිස 2023-06-26 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

 ඊට අදාළ උපදේශක සේවාව සඳහා තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව විසින් කැමැත්ත පළ කර ඇති අතර, ආසියානු සංවර්ධන බැංකුවේ නිර්ණායකයන්ට අනුකූලව අභිලාෂය ප්‍රකාශ කිරීම කැඳවා තිබේ. අයැදුම්කරුවන් 20 දෙනෙකු ඒ සඳහා සිය අභිලාශ ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර ඇති අතර 7 දෙනෙකු පූර්ව සුදුසුකම් සපුරා ඇත.

 ඒ අතුරින් ආයතන 5 ක් සවිස්තරාත්මක යෝජනා ඉදිරිපත් කර තිබේ. තාක්ෂණික පිරිවිතර සපුරන ලද ආයතන 3 ක මූල්‍ය යෝජනා ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව අදාළ උපදේශක සේවා කොන්ත්‍රාත්තුව M/s. Dohwa Engineering Co. Ltd. වෙත පිරිනැමීම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව, එකී කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

වරාය බටහිර බහලු පර්යන්තයේ උපදේශන කොන්ත්‍රාත්තුවක් පිරිනමයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රිදියගම සිංහ පැටවුන්ට තම් තබන්න අවස්ථාවක්
2025 ජනවාරි මස 22 4 0

අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානයේ උපත ලබා සිටින සිංහ පැටවු හය දෙනා සඳහා නම් තැබිමට මහජනතාවට අවස්ථාව උදා කර ඇත.


කොස් ගසට නැගී සිසුවා විදුලි සැර වැදී මරුට
2025 ජනවාරි මස 22 424 0

විශ්‍රාමික විදුහල්පතිවරයෙකුට අයත් මකුලෑව ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ සිටුවා තිබෙන කොස් ගසක අතු කැපිමට ගිය 16 හැවිරිදි පාසල් සිසුවෙකු විදුලි සැර වැදිමෙන්


අර්චුනාගෙන් මෝසමක්
2025 ජනවාරි මස 22 785 0

පොලිසියේ රාජකාරිය බාධා කළැයි කියන සිද්ධියකට චෝදනා ලබ සිටින යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා අද පෙරවරුවේ අනුරාධපුර අ


කුරින්වර්කනි පාලමට ඩොලර් මිලියන 10.5ක්
2025 ජනවාරි මස 22 603 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් ලක්ෂයකට පමණ ගමනා ගමන සහ ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්වර්කනි පාලමේ ඉදි


ජල සෞඛ්‍ය ගිවිසුමකට කැබිනට් අනුමැතිය
2025 ජනවාරි මස 22 215 0

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ IHE-Delft Institute for Water Education මඟින් ප්‍රජා වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


වරාය බටහිර බහලු පර්යන්තයේ උපදේශන කොන්ත්‍රාත්තුවක් පිරිනමයි
2025 ජනවාරි මස 22 492 0

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අදියර II හි බටහිර බහාළු පර්යන්ත දිය කඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලසුම මෙහෙයවීම සඳහා උපදේශක සේවාව ලබා ගැනීමේ කො


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 453 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 623 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 342 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site