(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියකගේ රන් මුදුවක් සොරා ගත්තේ යැයි කියන සිද්ධියකට එම නිවසේ මෙහෙකාරිය ලෙස කටයුතු කළ කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මිය යාම සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා වහා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර යවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
මෙලෙස මාරුකර යවා ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාද මහතාය.
එම සිද්ධියට අදාළව මේ වන විට උප පොලිස් පරීක්ෂකවරයකු පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරයකු වැඩ තහනමට ලක් කරනු ලැබු අතර තවත් කොස්තාපල්වරයකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු ස්ථාන මාරු කර ඇත.
බදුල්ල මඩොල්සිම පදිංචිව සිටි ආර්. රාජ්. කුමාර් 42 නැමැති තිදරු මව ඉකුත් එකොළොස් වෙනි දින මියගොස් තිබිණි.
වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ මාරුව පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සිදුකළ නිර්දේශය අනුව පොලිස්පතිවරයා . තාවකාලිකව එම මාරුව සිදු කර ඇත.
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
වැලිකඩ ඕ.අයි.සී.ට මාරුවක්
Oscar Saturday, 27 May 2023 06:13 PM
ඔහ්, මම දකිනවා! මාරු කරල මදි,
අරවින්ද මොනරවිල Saturday, 27 May 2023 06:50 PM
පොලිසියේ පජාති ක්‍රමයට අනුව මීට පස්සේ හැම අපරාධයකම සැකකරුවන්ව රක්ෂිත බන්ධනාගාර ගත නොකර ස්ථාන මාරුවීම් ලබා දීය යුතුයි. කොළඔ කූඩු විකුණලා අහු උනාම ගාල්ලට හරි මාතරට හරි ස්ථාන මාරුවීමක් දෙනවා කුඩු විකුණා ගන්න.
සසර Saturday, 27 May 2023 10:48 PM
බොහොමයක් ස්වාධීන කොමිසන් පාලනය කරන්නේ 225 සෙට් එකලු නේත??
Perera Sunday, 28 May 2023 01:13 AM
අපරාධ ගණනාවකට සම්බන්ධ දේසබන්දුව මාරු කරන්න නිර්දේශ තිබියදීත් මිනිහා ඉන්නවා තනතුරේ යහතින්