IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


වැලිකඩ-මීගමුව බන්ධනාගාරවලින් ජංගම දුරකතන හමුවෙයි

(ජයන්ත සමරකෝන්)
 
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ කළ හදිසි වැටලීමකදී ජංගම දුරකතන 17ක් ඇතුළු දුරකතන උපාංග තොගයක් සිය බාරයට ගත් බව බුද්ධි අංශය පවසයි.
 
කාන්තා අංශයේ මත්කුඩු සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින කාන්තා රැඳවියන් වැඩි පිරිසක් රඳවා සිටින ‘වයි වාට්ටුවේ’ මෙම හදිසි සෝදිසි මෙහෙයුම සිදුකර ඇති අතර,  එහිදී සිර වාට්ටුවේ සිවිලිමේ හා බිත්තියේ සඟවා තිබී මෙම ජංගම දුරකතන 17, බැටරි 150ක්, සිම්පත් 7ක් ඇතුළු උපාංග තොගය සිය බාරයට ගත් බවද බුද්ධි අංශ සඳහන් කරයි.
 
වරින්වර වැටලීම් කළද, මෙපමණ ජංගම දුරකත තොගයක් බන්ධනගාරය තුළට රැගෙනවිත් ඇත්තේ කෙසේද යන්න වැටලීම් අංශවල දැඩි අවධානයට ලක්වී ඇතැයිද වාර්තා වේ.

මේ අතර, මීගමුව බන්ධනාගාරයේ විශේෂ ගණයේ රැඳවියන්ගේ සිර වාට්ටු දෙකකින් හා කාන්තා සිර වාට්ටුවකින් ජංගම දුරකතන 14ක්, සිම්පත් 15ක්, චාජර් 2ක් හා හෑන්ඩ් ෆ්‍රී 6ක් ඇතුළු ජංගම දුරකතන උපාංග තොගයක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිය බාරයට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
 
බන්ධනාගාර බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව මීගමුව බන්ධනාගාරයේ එල් හා අංක 2 දරණ, විශේෂ රැඳවියන්ගේ සිරවාට්ටු 2ක් හා කාන්තා අංශයේ සිරවාට්ටුවක් ද මෙහිදී දැඩි පරීක්ෂාවට ලක් කර ඇතැයි පැවසේ.
 
එහිදී විශේෂ ගණයේ රැඳවියන්ගේ වාට්ටු දෙකකින්, ජංගම දුරකතන 11ක්ද, කාන්තා සිර වාට්ටුවකින් ජංගම දුරකතන දෙකක්ද සිය බාරයට ගෙන ඇතැයි වාර්තා වේ.
 
පසුගිය දිනවල ඉමහත් ආන්දෝලනයට ලක් වූ විශේෂ ගණයේ සිරවාට්ටු දෙකකින් නැවතත් ජංගම දුරකතන ඇතුළු උපාංග හමුවීම පිළිබඳ බුද්ධි අංශවල දැඩි අවධානය යොමුවී තිබේ.

මේ හේතුවෙන්, කොළඹ බන්ධනාගාරවල ආරක්ෂාව හා පරීක්ෂාව සඳහා බන්ධනාගාර නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවනු ලැබූයේ ඉකුත් 24දීය.



අදහස් (0)

වැලිකඩ-මීගමුව බන්ධනාගාරවලින් ජංගම දුරකතන හමුවෙයි

ඔබේ අදහස් එවන්න

දියත

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 636 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1139 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 504 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1359 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 751 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3158 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1890 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site