IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


වැලන්ටයින් සාදවලට පොලිසියෙන් රතු එළියක්

(ඉන්දිකා රාමනායක)

 

පෙබරවාරි 14 දිනට යෙදෙන   ආදරවන්තයන්ගේ  දිනය  සමරමින්    සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්   නොමැතිව සාද පැවැත්වීම තහනම්  බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක   නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සෞඛ්‍ය  බලධාරීන්ගේ උපදෙස් නොතකා , පවත්වන සාද සංවිධානය කරන්නන් සහ ඒ සදහා සහභාගිවන්නන් අත්අඩංගුවට ගන්නා බවද හෙතෙම කියා සිටියේය.

මෙම දිනය සැමරීම  ඇතැම් පිරිස්  අන්තර් ජාලය හරහා විවිධ සාද සංවිධානය කරන බවටත්,  ඒ සදහා විවිධ කණ්ඩායම් ඒකරාශි වී සිටින බවටත්  පොලිසියට තොරතුරු ලැබී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමු වී ඇති බවත්,  සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්  ලබා  නොගන්නා කිසිදු සාදයකට,  සම්භාෂණයකට  අවසර නොමැති බවද හෙතෙම කීය.

මේ දිනවල කොවිඩ් වසංගතය සීග්‍රයෙන් පැවැත්වෙන  කාල වකවානුවක් බවත් ,   මෙම සාද හරහා තවත් ආශ්‍රිතයන් බෝවීම  වළක්වා  ගැනීම සදහා මෙම පියවර ගෙන ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

මෙවැනි නීතිවිරෝධී  සාද සදහා සිය  හෝටල්, නිවාස,   ලබාදෙන පුද්ගලයන්ට එරෙහිව ද නීතිය තදින්ම  ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන්   සොයා බැලීම සදහා   ප්‍රාදේශිය පොලිස් ස්ථාන හා බුද්ධි අංශ යෙදා  විමර්ශන සිදුකරන බවත්, සෞඛ්‍ය බලධාරීන්ගේ  අවසර නොමැතිව පැවැත්වෙන මෙවැනි සාද සදහා සහභාගි  නොවන ලෙසත්,  එවැනි සාද සදහා දැන දැනම සහභාගි වී  නඩුවක වින්දිතයකු නොවන ලෙසටත් තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (5)

වැලන්ටයින් සාදවලට පොලිසියෙන් රතු එළියක්

සිරා Tuesday, 09 February 2021 07:10 AM

ලංකාවේ පෞද්ගලික රූපවාහිනී වලටත් ඔය නීතිය අකුරටම කළොත් හොඳයි...

:       0       12

Ruhunu Tuesday, 09 February 2021 07:15 AM

වැරැදි කෙරුවාට පස්සේ අල්ලනවාට වඩා වැරැදි කරන්න ඉස්සෙල්ලා දැනුවත් කරන එක බොහෝම හොඳයි.

:       0       8

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 09 February 2021 07:39 AM

"වැලන්ටයින් ප්‍රේමෙට මේ කිමද වුනේ... ප්‍රේමෙන් මුසපත්ව හදවත් කරයි සෙනේ.. වෙනදා තිබූ නිදහස අද කොහිද අනේ... මීටරෙ පරතරෙන් ආලය අපි කරමු පනේ... "

:       1       9

puppa Wednesday, 10 February 2021 01:26 AM

පොහොට්ටුවේ නම් බයවෙන්න එපා.. සාදය ජයටම කරන්න. පොලිසිය පළාතේ එන්නේ නැහැ.

:       0       0

suyuri Wednesday, 10 February 2021 02:58 AM

බොහෝම හොඳයි... වැඩේ හරි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’වඩාත් කැමතිම දූපත’’ හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවට
2024 නොවැම්බර් මස 07 40 0

එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති


ඡන්ද නීති කඩකළ අපේක්ෂක 9කට වැඩ වරදී
2024 නොවැම්බර් මස 07 175 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි


ලග්ගල පතලකට යට වී අයෙක් මරුට
2024 නොවැම්බර් මස 07 157 0

මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.


ලොහාන් යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 07 804 0

කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ


උපයනවිට බද්ද සුබවාදී ලෙස සංශෝධනය කරයි
2024 නොවැම්බර් මස 07 1306 0

ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා


ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා
2024 නොවැම්බර් මස 07 687 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 52 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 441 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1383 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site