ගනුදෙනුකරුවන් වෙත වඩාත් නව්‍යකරණ මූල්‍ය සේවාවක් ලබා දීමේ අරමුණ පෙරදැරි කරගනිමින් සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කිරීමේ තවත් සුවිශේෂී පියවරක් සනිටුහන් කිරීමට වැලිබල් ෆිනෑන්ස් පසුගියදා කටයුතු කළේය. ඒ බදුල්ල හා කඩුවෙල නව ශාඛා විවෘත කරමිනි. එම ශාඛා විවෘත කිරීමේ අවස්ථා වෙනුවෙන් වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශාඛා කාර්ය මණ්ඩලය හා ගනුදෙනුකරුවෝ එක්ව සිටියහ.
ශ්‍රී ලාංකීය ගනුදෙනුකරුවන්ගේ ගෞරවය හා විශ්වාසය හිමිකරගත් ප්‍රමුඛ මූල්‍ය ආයතනයක් ලෙස ස්ථාවර තැන්පතු, ලීසිං, ඔටෝ ඩ්‍රාෆ්ට්, රන් ණය, ක්ෂුද්‍ර මූල්‍ය සේවා ඇතුළු ඉහළ ඉල්ලුමක් සහිත පුළුල් පරාසයක විහිදුණු මූල්‍ය සේවා රැසක් බදුල්ල හා කඩුවෙල ජනතාවට මෙම නවතම ශාඛා වෙතින් සලසා ගැනීමේ හැකියාව වැලිබල් ෆිනෑන්ස් ලබා ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වැලිබල් ෆිනෑන්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව මහතා මෙසේ පැවැසීය. “වඩාත් විශ්වාසවන්ත හා ශීඝ්‍රයෙන් වර්ධනය වන මූල්‍ය සමාගමක් ලෙස අභියෝගාත්මක ආර්ථික පරිසරයක් තුළ නම්‍යශීලී මූල්‍ය සේවා සලසා ගැනීම සඳහා ගනුදෙනුකරුවන් වෙත නිරන්තර සහයෝගය ලබා දෙමින් අපගේ වෘත්තීයභාවය හා ආර්ථික තත්ත්වය හමුවේ ශක්තිමත්ව කටයුතු කිරීමේ හැකියාව මනාව ප්‍රදර්ශනය කර තිබෙනවා.
පසුගිය කාලය පුරා පැවති අභියෝග රැසක් මධ්‍යයේ 2021/22 මූල්‍ය වර්ෂය සඳහා විශිෂ්ට මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කිරීමට වැලිබල් ෆිනෑන්ස් සමත් වූයේ අදාළ කාල පරිච්ඡේදය තුළ සිය ශක්තිමත් බව හා ක්ෂේත්‍රය තුළ සිය පුරෝගාමීත්වය යළි යළිත් තහවුරු කරමිනි. එහිදී 2020/21 මූල්‍ය වර්ෂයේ අදාළ කාල පරිච්ඡේදය තුළ වාර්තා කළ රුපියල් බිලියන 2.3 හා සැසඳීමේදී 2021/22 වර්ෂය සඳහා සියයට 67.1 ක වර්ධනයක් සහිතව රුපියල් බිලියන 4.7ක පෙර බදු ලාභයක් වාර්තා කිරීමට වැලිබල් ෆිනෑන්ස් සමත් විය.
එසේම පැවති ආර්ථික අභියෝග හමුවේ වුවද සිය අක්‍රිය ණය අනුපාතය (NPL) පෙර වසරේ වාර්තා වූ සියයට 4.48 සිට මේ වසරේදී සියයට 2.73ක් දක්වා ශක්තිමත්ව හා ස්ථාවරව පවත්වාගෙන යාමෙන් වැලිබල් ෆිනෑන්ස් සමාගම තමන් සතු සුවිශේෂී මූල්‍ය කළමනාකරණ හා ස්ථාවරත්ව හැකියාව මනාව ප්‍රදර්ශනය කර ඇත.
සාර්ථක වර්ධනය, ස්ථාවර බව, ලාභය මෙන්ම කාර්යක්ෂම හා ඵළදායී ප්‍රතිඵල වාර්තා කිරීමට සමත්වූ අප ආයතනය ශාඛා ව්‍යාප්තිය ඇතුළු ප්‍රධාන කාර්ය සාධන දර්ශක තුළින් විශිෂ්ට සේවාවක් ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙස The Global Economics UK විසින් පිරිනමනු ලබන "Best Finance Company 2022 සම්මානය අඛණ්ඩව දෙවන වරටත් තමන් සතු කර ගැනීමට සමත් වූයේ සිය විශ්වසනීය හා පුරෝගාමී සේවාව තව දුරටත් සහතික කරමිනි.
595
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio ISOMATA) මහතා අතර හමුවක් අද (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වි
කොස්ලන්ද අලුත්වෙල හාමිනාකන්ද රක්ෂිතයේ තිබි හිසකදින් වෙන්ව ඝාතනයට ලක්වූ තරුණයකුගේ මළසිරුරක් අද (22) පස්වරුවේ සොයාගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි .
2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 (එක් ලක්ෂ පනස් දහසක)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය අධ්‍යාපන කොට්ඨාසයේ රාගම කරුණාරත්න බෞද්ධ ප්‍රාථ
වේයන්ගොඩ වඳුරව රාජමහා විහාරයට සමීපව අධිවේගී මාර්ග රක්ෂිතයේ නිදන් වස්තු ඇතැයි කියන ස්ථානයක් රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව ඉදිරියේ කැණීම් සිදුකරන ලෙස
එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
රුසියාවේ අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්රේනයට ලබාදුන් සිය අවි භාවිත කිරීමට අවසර දුන් රටවල ඇති හමුදා පහසුකම් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වැලිබල් ෆිනෑන්ස් බදුල්ල සහ කඩුවෙල නගර වෙත පිවිසේ