(අංජුල මහික වීරරත්න)
වලව කලාපයේ ගොවීන් 15,000ක් වගා කළ ඉඩම් අක්කර 16,500කට වගා හානි සිදු වී අතර ඒ සඳහා වන්දි වශයෙන් රජය රුපියල් මිලියන 3628ක් වෙන් කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
පසුගිය යල කන්නයේ වී වගා කළ අක්කර 65,000ක් නියඟය නිසා විනාශ වූ අතර ඉන්පසුව ඇති වූ වර්ෂාව නිසා අක්කර 11,000ක වී වගාව වීනාශයට පත්විය.
මේ අනුව සමස්ත වගා හානියට ලක්වූ කුඹුරු ප්‍රමාණය අක්කර 76,000ක් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මේ සඳහා හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂය බැගින් රුපියල් කෝටි 550ක් වැය කිරීමට රජයට සිදුවී ඇතැයි ද, වගා හානි වන්දි සඳහා ලබා දෙන මෙම මුදල මෙතෙක් ඉතිහාසයේ රජයක් විසින් වෙන් කළ විශාලම මුදල වනු ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
වලව - මහවැලි කලාපයේ ගොවි ජනතාවට වගා හානි වන්දි මුදල් ලබා දීම සඳහා ඇඹිලිපිටිය ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ ශාලාවේ දී පැවති වන්දි ප්‍රදානොත්සවයේදී කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම අවස්ථාවට සහභාගී වූ වනජීවී හා වනසම්පත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කීවෙි මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස නොසිටින්නට කිසි දිනෙක මේ වන්දි මුදල් මෙතරම් ඉක්මනට ලබා ගන්නට හැකි වෙන්නේ නැති බවයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වලව ගොවීන්ට වහා හානි වන්දි මිලියන 3628ක්
jaya Monday, 27 November 2023 10:49 AM
ගාන හරිද ? මිලියන 3628 අක්කර 16,500න් බෙදපුවම ලක්ෂ 2 එනවා.