(නිමල් ජයරත්න )
වැලිකන්ද මහවැව ප්‍රදේශයේ කළුදියවැව ආසන්නයේ පස් සෝදා ක්‍රියාත්මක කරන වැලි ලබාගැනීමේ ව්‍යාපෘතියෙන් මඩ සියල්ල එම වැවට මිශ්‍රවීම හේතුවෙන් පවුල් 500කට පමණ මඩවතුර බීමට සිදුව ඇති බවට පවසා විරෝධය පළ කරමින් මනම්පිටිය නැගෙනහිර මහවැව ගම්මානයේ පුද්ගලයෙකු අඩි සියයක් පමණ උසැති ජල ටැංකියකට නැගි මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත.
මෙලෙස මාරන්තික උපවාසයකින් නිරතව සිටින්නේ වැලිකන්ද මහවැව ගම්මානයේ 38 වියැති තිදරු පියෙකු වන එච්.ජී.ඒ. සම්පත් කුමාර යන අයයි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින එම කළුදියවැව ආශ්‍රිතව මීට මාස දෙකකට පමණ ඉහතදී යම් කණ්ඩායමක් විසින් මඩ සෝදා ඉන් වැලි ලබා ගැනීමේ ව්‍යාපෘතිය හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවන බව ඔහු කියයි.
වැවේ වතුර පානය කරන පවුල් 500 ක පමණ පුද්ගලයින් 1500 කට ආසන්න පිරිසක් දැඩි සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන බවත්,ඒ පිළිබඳව ලිඛිත හා වාචිකව සියලු බලධාරීන් දැනුවත් කළද ඊට කිසිදු විසඳුමක් නොමැති නිසා තම ගම්මානයේ ජීවත්වන පුද්ගලයන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව වෙනුවෙන් එම ව්‍යාපෘතිය නතර කරන තුරු තමන් මෙම මාරාන්තික උපවාසය ආරම්භ කර බව සම්පත් කුමාර මහතා අප සමග සඳහන් කළේය.
වැවට මිශ්‍රවී ඇති මඩවතුර නිසා තම ගම්මානයේ පාසල් දරුවන්ගේ සුදු රෙදි පවා සෝදා ගැනීමට නොහැකි මට්ටමට පත්ව ඇති බවත්, මේ වන විට වැව සම්පූර්ණයෙන්ම දූෂණයට ලක්ව ඇති බවද සම්පත් මහතා පැවසීය.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
වැලි ඡාවාරමක් නවත්වන්නැයි ජල ටැංකියකට නඟියි