IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


වැල් පාලමෙන් ගොඩවූ රාජපක්ෂ කුමාරවරු තරුණ පරපුර මර්දනය කරනවා

(නිමල කොඩිතුවක්කු)

වැල් පාලමෙන් එගොඩ වුණ රාජපක්ෂ කුමාරවරු තරුණ පරපුර මර්දනය කිරීමට කටයුතු කරන බව  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වත්මන් රජය මන්දිරවලට වී තරුණ පරපුර මර්දනය කිරීම සඳහා සැලසුම් සකස් කළත් සමගි ජන බලවේග රජයක් යටතේ එකී මන්දිර රට ගොඩනගන තාරුණ්‍යයට ශක්තියක් ලබා දෙන මධ්‍යස්ථාන 2ක් බවට පත් කරන බවද විපක්ෂ නායකවරයා කීවේය.

රාජපක්ෂ කුමාරවරුන්ගේ කීමට අරගලයේ නිරත තරුණ පරපුර මර්දනයට රාජ්‍ය හිංසනය ක්‍රියාත්මක කරනවා වෙනුවට පරිගණක විප්ලවයක් ඉංග්‍රීසි සාක්ෂරතාව, නව තාක්ෂණය ඉහළින් අවබෝධ කරවීම හරහා රටේ තරුණ පරපුර දැනුමින් තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සිදු කළ යුතු බවත්  ගම්පොල ආසන බල මණ්ඩල ගස්වීම අමතමින් ඔහු මේ බව පැවසීය.

ආරක්ෂක අංශ භාවිත කර තරුණයන් මර්දනය කිරීම රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරනවා වෙනුවට මිත්‍රත්වයේ දෑත දිගු කර තරුණ පරපුර සවිබල ගැන්වීම  සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විවිධ ඇස්බැන්දුම් ක්‍රියා සිදු නොකර ඔලුගොඩි මාරු නොකර සංගීත පුටු තරග නොතියා රටේ ජනතාව ඉල්ලා සිටින නව රජයක් බිහි කිරිමට අවශ්‍ය මැතිවරණයක් පවත්වන ලෙස  රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු තවදුරටත් කීවේය



අදහස් (9)

වැල් පාලමෙන් ගොඩවූ රාජපක්ෂ කුමාරවරු තරුණ පරපුර මර්දනය කරනවා

fairoos Thursday, 13 October 2022 05:16 PM

බයි වහල්ලුන්ට කොහෙද මේවා තේරෙන්නේ.

:       9       1

bamunuarachchiSaturday, 15 October 2022 07:54 AM

හම්බයින්ට විතරයි තේරෙන්නේ නේද මචන්?

:       0       2

SUNIL MILANO Thursday, 13 October 2022 08:39 PM

වැලේ වැල් නැතිව ඉන්න පුතාණෝ.

:       1       11

chandima Thursday, 13 October 2022 10:13 PM

ඔයා දැන් ඔහොම කිව්වට ආපුවාම කොල්ලෝ ටික ටයර් දාලා පුච්චයි. පියාණන්ගේ අඩිපාරේ යනව කියලා නේද කිව්වේ?

:       1       10

Sumeda Friday, 14 October 2022 04:04 AM

මේ ලියන්නේ රාජපකෂවරුන් වෙනුවෙන් නෙවෙයි. වීදුරු ගෙයක් ඇතුලේ ඉඳලා ගල් ගහන කෙනෙක් දැකපු නිසා. ඒ කුමාරයන්ගේ තාත්තා නම් රටේ අනික් මවු පියන්ගේ කුමාරයන්ව කටුකම්බි ගහලා ටයර් මාලාවක් දාලා එලොව ඇරලා මර්ධනය කරේ නෑ. මේ කියන කුමාරයාගේ පියානෝ නම් ඒ දෙය කරා. ඒ නිසා ඔය කුමාරයාත් කවදා හරි එහෙම නොකරවයි කියලා අපි කොහොමද කියන්නේ. අනික ඔයත් ඔය කියන වැල් පාලමකින්ම තමයි මෙගොඩ ආවේ. නැතුව තනියෙන් තමන්ගේ මහන්සියෙන් නෙවෙයිනේ. වැල් පාලම් පවුල් ගස් කියන දේවල් ඔය කියන අයටත් අදාලයි. ඒ නිසා වීදුරු ගෙවල් ඇතුලේ ඉඳගෙන ගල් ගහන්න එපා.

:       1       9

Bamunuarachchi Friday, 14 October 2022 07:45 AM

එල්ලෙන්න වැල් නැතුව ඉන්න අයට කේන්ති ගිහිල්ලාවගෙයි

:       5       10

Chinthaka Friday, 14 October 2022 12:52 PM

මොකද තරුණ නැගිටීම් කවුරු උසි ගැන්නුවත් නැතත් බහුලව සිද්දවෙනවා , මේ රට මිනීමරු දේශපාලකයෝ සහ හොරකම් කරන දේශපලාකයෝ හැර රට ගැන හිතන නායකයෝ මෙතෙක් බිහිවී නැහැ

:       0       3

SUNIL MILANO Friday, 14 October 2022 12:54 PM

දැන් ඒ ගොල්ලන්ට වැල් පාලමත් නැති වෙලා තියෙන්නේ.

:       3       3

Surain Friday, 14 October 2022 02:51 PM

කඩේ යන සෙට් එක බඹරු ඇවිස්සුනා වගේ ඇවිස්සිලා.ඒ රැලට වෙච්ච ආර්ථික හා සමාජීය විනාශය මදියි වගේ

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 18 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


රවීගේ නම පිළිගත් ගැසට්ටුව නිකුත් වෙයි
2024 නොවැම්බර් මස 18 81 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ජාතික ලැයිස්තු හුටපටේ ගැන තීරණයට ’’සිලින්ඩරේ’’ හෙට රැස්වෙයි
2024 නොවැම්බර් මස 18 201 0

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර


සිසුවියන්ට හදි කළ ගණිත ගුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 157 0

බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ


අයි.එම්.එෆ් ජනපති හමු වෙයි
2024 නොවැම්බර් මස 18 264 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා


ජාතික ලැයිස්තුවෙන් කත්‍රිආරච්චි ඉල්ලා හිටපු මන්ත්‍රීවරුන් 56ගෙන් ලියුමක්
2024 නොවැම්බර් මස 18 2611 0

හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24957 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18848 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 367 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 640 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1837 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site