(සිතුම් චතුරංග)
වවුනියාව, නෙඩුන්කේනි, සේනපිලව් ප්‍රදේශයේ නිවසක් තුල තිබී ටී.එන්.ටී. පුද්ගල නාශක බිම්බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අද (17) දහවල් සැකපිට අත්අඩංගුවට ගත් බව වවුනියාව නෙදුන්කේනි පොලිසිය කියයි.
පුපුරණ ද්‍රව්‍ය රැස්කරන පුද්ගලයකු සම්බන්ධයෙන් නෙදුන්කේනි පොලිසිය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගත් බව පැවසීය.
නිවසතුල තිබී ටි.එන්.ටි. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 21 යි ග්‍රෑම් 635 ක්, පි.ඊ. 01 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 610 ක් හා පුද්ගල නාශක බිම් බෝම්බ 148 ක්ද නිවස සෝදිසි කිරීමේදී හමුවූ බව පොලිසිය සඳහන් කළේය.
හමුවූ පුද්ගල නාශක බිම් බෝම්බ වලින් 22 ක් සක්‍රීය තත්වයේ පැවති බවද පොලිසිය පැවසීය.
සැකකරු දීර්ඝ කාලයක සිට රාජ්‍ය නොවන ආයතනයක බෝම්බ නිශ්ක්‍රීය ක්‍රියාකරුවකු ලෙස සේවය කොට ඇති බවත්, එහිදී හමුවන බිම් බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය එලෙස රැස්කොට ඇති බවත් පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ සැකකරු හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයකුද යන්න සොයාබැලීම සඳහා විමර්ශන ආරම්භ කොට ඇති බවත් පුපුරණ ද්‍රව්‍ය රැස්කලේ කුමණ අරමුණක් සඳහාද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය නොවූ බවත්ය.
සැකකරු ඔඩ්ඩුසුඩාන්, මන්නන්කණ්ඩාල්හි පදිංචි රත්නම් ප්‍රදීපන් නැමති වයස අවුරුදු 32 ක පුද්ගලයකු වේ.
අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් නෙඩුන්කේනි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වව්නියාවෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක්
Bamunuarachchi Thursday, 18 February 2021 05:53 AM
යුද්ධයක් අවසන් වුණාම ඔවැනි දේ විසිකර දමනවා හෝ වලලා දමනවා. සෞදි අරාබි ඉරාක යුද්ධයේදී ඇමරිකාව සෞදියට ආරක්ෂාවට කල ස්ට්‍රොම් යුද්ධයේ අවසානයේ පාරවල් අයින් වල පතරොම් ඇතුළු ඇමරිකන් සොල්දාදුවෝ බලපු සඟරා පොදිගණන් දමා ගොස් තිබුණා..
fairoosThursday, 18 February 2021 07:21 AM
මේක ගිය ආණ්ඩු කාලේ අහුවුණොත් කොටි නැගිටිනවා. සර් එක්ක කොහේද ඕවා? බයියෝ බයියෝ මයි...
BamunuarachchiFriday, 19 February 2021 03:22 AM
මැට්ටෝ මේ ආණ්ඩුව කාලේ තමයි ඕවා හම්බ වෙන්නේ. ගිය ආණ්ඩුව තවම තිබුණා නම් ඔය ටික ඒ අයටම තියාගන්න කියනවා. ඒ නිසානේ අපි ඒ අයව එලෙව්වේ. LTTE එකෙන් එලවපු අර පොලිතින් බෑග් එකේ රෙදි දාගෙන ආපු අය අලි පෝසතෙක් වුනේ ගිය ආණ්ඩුව කාලේ නේද? දැන් ඔහෙලට හරි පාඩුයි නේද? කුරුඳු හොයාගෙන ආපු ගොයියෝ බෝම්බ පුපුරවනකන් ගිය ආණ්ඩුව දැනගෙන සිටියේ නැහැ. අන්න එහෙම ආණ්ඩුවක් ගිය අවුරුදු 5ට අපිට තිබුණේ. බයියෝ ලස්සනට දෙනවා වැඩේ නේද?
Bamunuarachchi Friday, 19 February 2021 02:56 AM
කොටි නොවෙයි අපිට ප්රශ්නය කුරුඳු හොයාගෙන ආපු ගොයියන් නැගිටින එක. අපිට පමණක් නොවෙයි ලෝකෙටම තිබෙන ප්රශ්නය එ්කයි. අපි ඒ අයව වර්ජනය කරන්න පටන් ගත්තා. 1960 ගණන්වල හොරොව්පතානේ රජයේ කලෑවෙලා තිබුණු ඉඩම්වල පදිංචි වෙන්න ඔප්පු ලැබුනේ කාගෙන්ද? ඒ කාලේ ඉඩම් කච්චේරි වලට සහභාගි වුණු අය දන්නවා එක සුලු ජාතිකයෙකුට ඒ ප්‍රදේශයේ ඉඩම් නොලැබුණු බව. ඉඩම් ඉල්ලන්න සුලුජාතිකයින් හිටියේ නැහැ...