(ප‍්‍රදීප් කුමාර)
වවුනියාව ඊච්චන්කුලම් ප‍්‍රදේශයේ පිහිටි කල්ලිකුලම වැවේ බැම්ම කඩාගෙන යෑම හේතුවෙන් එම ප‍්‍රදේශයේ කුඹුරු විනාශ වී ඇතැයි ගොවීහු පවසති.
මේ වන විට පීදෙමින් තිබු ගොයම් සහිත කුඹුරු යායක් ජලයෙන් යටව විනාශ වී ඇති බවත්, ඉදිරියේදී ජලය හිඟ විය හැකි බවත් ඔවුහු කියාසිටිති.
කෙසේ වෙතත් ගොවි සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙන්නේ වැව් බැම්ම කඩාගෙන වැවෙන් ජලය පිටවීම හේතුවෙන් එම ප‍්‍රදේශයේ කුඹුරු අක්කර 120 ක පමණ ප‍්‍රමාණයක් අවදානමේ ඇති බවයි.
මෙම වැවේ වැව් බැම්මෙන් කලක සිට කුඩා ජල කාන්දුවක් පැවති බවත් ඊට නිසි පිළියම් නොයෙදීම නිසාවෙන් බැම්ම කඩාගෙන ගොස් ඇති බවත් ඔවුහු පවසති.
පසුගිය දින වල ප‍්‍රදේශයට ඇදහැලූණු අධික වර්ෂාවත් සමග වැවේ ජල ධාරිතාව ඉහළ මට්ටකමක තිබූ අතර මේ වන විට වැවේ ජලය බැස ගොස් තිබේ.
පළුගස්දමන පාසලේ පාපන්දු ක්‍රීඩාපිටියේ තිබූ යකඩ වැටක් කඩා වැටිමෙන් 11 හැවිරිදි සිදුවකු බරපත තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
කොළඹ 02, ධර්මපාල මාවතේ ඊයේ (12) අලුයම 2.45 ට පමණ සැකකටයුතු ලෙස ගමන්කරමින් සිටි පුද්ගලයකු පරීක්ෂා කිරීමට ගිය කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල්වරයකුට සැකකරු වි
මෙවර 2024 වර්ෂයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගෙට පෙනී සිටින පාසල් දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීමේ අරමුණින් එම දරුවන්ට සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ නොමිලේ අමතර ප
ශ්‍රී ලංකාව තුළ අපරාධ රැසක් සිදු කර ඉන්දියාවට පළා ගොස් සිටි , රජයේ ලියාපදිංචි අපරාධකරුවෙකු , ගමන් බලපත්‍ර නොමැතිව ඉන්දියාවේ රැදී සිටියදී , එරට ආරක්ෂක අ
එකම අංකයෙන් ධාවනය වූ ටොයටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථ දෙකක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරයක ඒකකය සමත්ව ඇත .
අයතා ලෙස උපයාගත්තේ යැයි කියන රුපියල් මිලියන 15ක මුදලක් එන් ආර් කනසල්ටන්සි සමාගමේ ආයෝජනය කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කලේ යැය
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
වවුනියාවේ කල්ලිකුලම වැව් බැම්ම කැඩී යයි
Nandalal DE SILVA - France Sunday, 05 January 2020 08:25 AM
[...මෙම වැවේ වැව් බැම්මෙන් කලක සිට කුඩා ජල කාන්දුවක් පැවති බවත් ඊට නිසි පිළියම් නොයෙදීම නිසාවෙන් බැම්ම කඩාගෙන ...] දැනට කතාබහට ලක්වී ඇති එහෙත් චීන්නු විසින් කඩතුරාවකින් මුවාකර තිබෙන මොරගහකන්ද ජලාශයේ වැව් බැම්මටත් මෙහෙම අවාසනාවන්ත සිද්ධියක් උනොත්....ඒ අවට පහත් බිම්වල සිටින අසරණ ජනතාවට තිබෙන්නේ උඩ සිටින දෙවියන්ගේ පිහිට පමණයි... පරාක්‍රම සමුද්‍රයටත් වඩා විශාල ජල ධාරිතාවක් රඳවාගෙන තිබෙනවා කියා හිටපු ජනපති පාරම්බෑ මේ මොරගහකන්ද ජලාශයේ බැම්ම ඉතා ඉක්මනින් යථා තත්වයට පත් නොකොළොත්, සිදුවිය හැකි විනාශය රට මැද සුනාමියකටත් වඩා අන්ත විය හැකිය ...
binkunndaaSunday, 05 January 2020 06:47 PM
ලංකාවේ දේශපාලන හා කොමිසන්, දූෂණවලට යටත්ව හදපු චීන බැම්මක් ගැන තවත් අටුවා ටීකා ඕනෑද?