IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


වවන භූමි ප්‍රමාණයට පොහොර

(විමුක්ති එස් රුද්‍රිගු)

මහ කන්නයේදී වගා කරනු ඇති භූමි ප්‍රමාණය මත පදනම්ව එක් එක් ගොවීන් වෙත ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් පොහොර ලබා දෙන බව ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශයේ සහාය ඇතිව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද  නියෝජිතායතනය ලබා දෙන අරමුදල් හරහා ශ්‍රී ලංකාවේ සියලුම ගොවීන් වෙත  ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් පොහොර ලබා දෙන බවත් ඒ සඳහා ටොන් 36000 වෙන් කර තිබෙන බවත් ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එක් එක් වී ගොවියා වෙත වෙන් කර ඇති පොහොර ප්‍රමාණය තීරණය කිරීමේදී යොදා ගන්නා ලද, මේ වර්ෂයේ මහකන්නයේ වගාකරන ලද භූමි ප්‍රමාණය පිළිබඳ විස්තරය,බෙදාහැරීමේ ලැයිස්තුව ද සමග ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් සියලුම ගොවි ජන සේවා මධ්‍යස්ථාන වල ප්‍රකාශයට පත්කර ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇතැයි ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත.  

අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ගොස් තම තමන්ගේ විස්තර එකී ලැයිස්තුවට ඇතුළත් කර ඇත්දැයි විමසා බලන ලෙස සුදුසුකම් ලත් සියලු වී ගොවීන්ගෙන් ඉල්ලා සිටින බව ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර තිබේ.  බෙදාහැරීමේ ලැයිස්තුව 2023 ජනවාරි 5 දින දක්වා සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන වල ප්‍රදර්ශනය කෙරෙනු ඇති අතර, පොහොර බෙදා දෙන දිනය ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත දැනුම්දෙනු ඇති බව ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී ඇත.



අදහස් (1)

වවන භූමි ප්‍රමාණයට පොහොර

LalithM Wednesday, 28 December 2022 10:15 AM

පොල් , රබර් සහ අනෙක් ඒවට මොකද වෙන්නෙ. ‌මේව වැදගත් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 144 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි



වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 473 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1228 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2745 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 352 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26745 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18874 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1865 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site