IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


විවාහ වෙන්න බෑ කී වැයි අමානුෂික දඬුවමක්

(විමුක්ති එස් රුද්‍රිගු)

විවාහ වීමට කැමැත්ත පළ නොකිරීම හේතුවෙන් පිරිමි පුද්ගලයෙකුගේ ලිංගේන්ද්‍රිය කපා ඔහුට පහරදුන් වෛද්‍යවරියක් බිහාර් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අපරාධය ඊයේ (01) උදෑසන 10 ට පමණ සරාන් දිස්ත්‍රික්කයේ පුද්ගලික වෛද්‍ය මධස්ථානයක් තුළදී සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය පැවැසුවේය.

අත්අඩංගුවට ගත් 26 හැවිරිදි වෛද්‍යවරිය බිහාර් ප්‍රාන්තයේ සරාන් දිස්ත්‍රික්කයේ පදිංචිකාරිණියක් බවත් ඇය සමඟ අපරාධය සඳහා භාවිත කර ලේ තැවුරුණු පිහියද පොලිස් බාරයට ගෙන ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

තුවාල ලැබූ පුද්ගලයා වහාම රෝහල් ගත කර ඇති බවත් ඔහු මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළේය. එසේම සැකකාරිය රඳවා ගනිමින් පොලිසිය ප්‍රශ්න කරන බවද ඉන්දීය මාධ්‍ය පැවැසුවේය.

වෛද්‍යවරියක් බව පවසන මෙම 26 හැවිරිදි කාන්තාව සහ පහරකෑමට ලක්වූ 30 හැවිරිදි  පිරිමි පුද්ගලයා වසර දෙකක කාලයක් ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවත් විවාහ වීමට කැමැත්ත විමසු අවස්ථාවේ පිරිමි පුද්ගලයා ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ බවත් ප්‍රශ්න කිරීම්වලදී සැකකාරිය ප්‍රකාශ කළ බව බිහාර් පොලිසිය පැවැසුවේය.

එහිදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකළ බව සැකකාරිය ප්‍රශ්න කිරීම්වලදී පාපොච්චාරණය කළ බවද බිහාර් පොලිසිය ප්‍රකාශ කළේය.



අදහස් (2)

විවාහ වෙන්න බෑ කී වැයි අමානුෂික දඬුවමක්

ලසන්ත Tuesday, 02 July 2024 01:08 PM

දැන් ඉතිං වෙන කෙනෙක් එක්කත් බෑ, මෙයාම එක්කත් බෑ. අනිච්ඡෙ දුක්ඛේ සංසාරේ!

:       0       13

Pradeep Kumara Tuesday, 02 July 2024 01:11 PM

මට වැඩක් ගන්න බැරිනම් මොකටද වෙන එකියකට වැඩක් ගන්න ඕක ඉතුරු කරන්නේ කියලා වෛද්‍යවරියට හිතෙන්න ඇති.

:       0       10

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2115 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1364 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2189 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 538 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3101 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24486 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site