IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


විශ්‍රාම ගන්න අදහසක් නෑ

(සුජිත් හේවාජුලිගේ)

දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමේ අදහසක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

සෑම පක්ෂයක්ම සම්මේලන පැවැත්විය යුතු බවත් පක්ෂයේ ශක්තිය පෙන්නුම් කළ හැක්කේ එවැනි දෙයකින්  බවත් ඔහු සඳහන් කළේය.

වැඩිම ජනතාවක් එකතු වී සිටින්නේ පොහොට්ටුව සමග බව පැවසූ හිටපු ජනාධිපතිවරයා යම් යම් වෙනස්කම් සිදුවී ඇතත් ජනතාව පොහොට්ටුවෙන් ඈත්වී නැති බව පක්ෂ සම්මේලනය ඔප්පු කළේ යැයිද  ප්‍රකාශ කළේය.

මිනිසුන් තවම පොහොට්ටුව ගැන බලාපොරොත්තු තබා සිටින බවද ඔහු කීවේය.

මීළඟ ජනාධිපතිවරණයේදී තමාට  ඉදිරිපත්වීමට හැකියාවක් නැති බවත්  පක්ෂය තීරණය  කරන පුද්ගලයා කවුරු වුවත් ඔහු දිනවීමට රාජපක්ෂවරුන්  කටයුතු කරන බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමක් ගැන තමා නොදන්නා බවද  ඔහු කීවේය.



අදහස් (26)

විශ්‍රාම ගන්න අදහසක් නෑ

Chaminda Kumara Sunday, 17 December 2023 03:09 PM

අම්මෝ ඇති යාන්තන්, බයේ හිටියේ විශ්‍රාම ගනීවි කියලා. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. පොහොට්ටු සභාපති විදිහට මැරෙන්න ඕනේ ඇති. මනුස්සයා කියන්නේ මොනතරම් බල ලෝභයෙක් ද කියලා පෙන්නන්න හොඳම උදාහරණයක්...!

:       4       92

Deshapriya Sunday, 17 December 2023 03:29 PM

බල තණ්හාවෙන් පිරුණු ලැජ්ජාව ගෑවිලාවත් නැති අසරණ ජීවිතයක්...!

:       4       81

NAMAL Sunday, 17 December 2023 03:30 PM

වහල් හැත්ත ඔබලාව විශ්වාස කළාට ඔබලාගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යෙන් කර්මය පඩිසන් දෙනවාමයි. කළ කළ දේ පල පල දේ...

:       3       72

දයාසේන Sunday, 17 December 2023 03:54 PM

අපායේ තියෙන පව් පොතේ මුලින්ම නම් තියෙන්නේ රාජපක්ෂ පරපුරේ අයගේ තමයි. එයිනුත් මුලින්ම මොහුගේ නම තියෙනවා. ඉතින් අනිවාර්යයෙන් මොහුට එහේට යන්න තියෙන නිසාත්, කල්ප කෝටි ගණනක් එහිම සිටීමට වෙන නිසාත්... අවසන් තත්පරයත් ජනතා මුදල් ගසාකෑමට තමයි දඟලන්නේ...!

:       4       56

විජිත් Sunday, 17 December 2023 05:55 PM

ඔව් ,මේ බලලෝභී ,මිනීමරු පට්ට හොරා මහා පාරේදීම ගුටි කාලා ගඩාෆි අපායට ගිය විදිහටම අපාගතවීමට නියමිතයි.

:       0       3

Prabha Sunday, 17 December 2023 04:17 PM

මීට සමාන කෙනෙක් ඉතාලියේත් හිටියා බෙලරුස්කොනි කියලා. බලය නැති වුණොත් හිරේ යන්න වෙන බයට මැරෙනකන්ම ආණ්ඩු අටවාගෙන පාර්ලිමේන්තුවේ හිටියා.

:       5       51

nanda Sunday, 17 December 2023 04:20 PM

වෙන කියන්න දෙයක් නැහැ... ඉඳකින් කියලා කියන්න තමයි තියෙන්නේ...!

:       2       56

Lakmal Sunday, 17 December 2023 04:21 PM

අම්මගෙ රෙද්ද තියන් ඉන්නවා බලාපොරොත්තු...!

:       3       50

NIHAL Sunday, 17 December 2023 04:39 PM

මේ වගේ නුසුදුස්සෝ සබන් කෑලිවලින් කපන්න පුළුවන්...

:       3       35

Aruna Sunday, 17 December 2023 04:56 PM

අප්පච්චිට ජයවේවා... පොහොට්ටුවන්ට ජයවේවා...

:       47       8

de silva Sunday, 17 December 2023 05:27 PM

මැරුණත් භූතයෙක් වෙලා හරි ඇවිත් දේශපාලනය කරන්න.

:       2       43

විජිත්Sunday, 17 December 2023 07:10 PM

මේකා මැරිලා සැහෙන කාලයක් වෙනවා. දැන් ඔය කොර ගගහා, ගඳ ගගහා, සෙම පෙරාගෙන, බයියෝ 4 දෙනෙක් අල්ලාගෙන ඇවිද්ද වන්නේ "භූතයා" තමයි. ජීවත්වෙලා හිටපු කාලයේ කරපු ජඩ, වල්, පාහර, මිනීමරු, හොර වැඩවලට මයිනා දැන් අපායේ ලෝදිය හැලියේ පිච්චි පිච්චි විඳවනවා. තව කල්ප ගාණක් යනකම්...

:       2       29

සාගරිකා Monday, 18 December 2023 12:19 PM

කාටවත් සල්ලි පොකුරු නාට්‍යය ගැන මතක් වෙන්නෙ නැද්ද .එතන සාරංග චරිත දෙකක් රගපානවා .මෙතනත් එහෙම තමයි .ඇත්තටම ඒ නාට්‍යය මෙයාගෙ චරිතයද කියලා හිතෙනවා. කොහොම වුනත් ඒ කතාව නම් තහනම් කරන්න එපා

:       0       2

අරවින්ද මොනරවිල Sunday, 17 December 2023 06:34 PM

කොහොම හිත හදාගෙන විශ්‍රාම යන්නද? පුතාව රජ පුටුව අහලකටවත් තල්ලු කර ගන්න බැරිවෙලා තියෙන වෙලාවක, කකුල් දෙක පණ නැති වුණත් බඩ ගාගෙන ජනතා සේවය සඳහා යයි කියමින් දේශපාලනයම කරන්න ජාතියේ පජාත අප්පොච්චා...!

:       1       26

Nisha Sunday, 17 December 2023 06:35 PM

අනේ එපා මගෙ දෙය්යෝ... ලංකාවේ ඉන්න අවසාන කෙනාගේත් රීරි මාංශය උරා බොන්න...

:       1       28

මහින්ද රාජපක්ෂSunday, 17 December 2023 11:11 PM

මම මේ බලාගෙන උන්නේ ඔහේ කියනකම්...කොහොමත් මම තීරණය කරලා ඉවරයි තොපි ඔක්කොමගේ ලේ බිලා තව අවුරුදු 200ක්වත් පන අල්ලාගෙන ඉන්න. කෑම නොවෙයි මට අවශ්‍ය බීම ..බීම හොඳ ලේ පයින්ට් 5 ක් විතර දවසකට මට බොන්න ඕනා .මට පන ඇරලා චන්දය දුන්න 69 ලක්ෂයකගේ ලේ උරා බිලා මට ජීවත්වෙන්න පුළුවන්.ලේ නැතිව උන් මැරුණට මට වගකියන්න බැහැ හාන්දුරුවනේ. උන් චන්දෙ කාලේ කීවා " අපි අපේ පනවුනත් ඔබතුමාට දෙනවා "කියලා.දැන් ඉතින් දීපල්ලා ලේ. උණු ලේ .

:       0       4

නිමල් Sunday, 17 December 2023 08:33 PM

මෙයා හංස ගීත කියෝනව.මල් පොහොට්ටුවට නුදුරේදීම මළ කෙලියක් තමයි වෙන්නෙ.

:       0       1

Bamunuarachchi Sunday, 17 December 2023 08:58 PM

මොන මගුල කටද විශ්‍රාම යන්නේ? අනාගතේ හම්බ ප්‍රශ්නයක් අපිට එනවා. එතන්දීත් ඉදිරියට එන්න කෙනෙක් ඉන්න ඕනේ. ජෙප්පෝ ඉදිරියට එන්නේ නැහැ උන් රෙදි ගබඩා අස්සේ හැංගෙනව.

:       4       3

නිහාල් Monday, 18 December 2023 12:21 AM

කමක් නෑ තව ටික දවසයිනෙ.

:       0       1

Kumara Monday, 18 December 2023 01:51 AM

සාටකෙත් එක්කම අපායට

:       0       1

LGP. JATHUNARACHCHI. Monday, 18 December 2023 06:04 AM

විශ්‍රාමිකයින් යනු රජයන් පමණි.සේවකයින්ද ?

:       0       1

Chathuri Monday, 18 December 2023 06:58 AM

විශ්‍රාම යන්න කොහොමද. තුන්දෙනාම මොන්ගල්. මහ ලොකුවට පුත්තු හැදුවා. ලොකු එකාට හොර සහතික හදලා නඩු අහන්නත් දීලා. ඇමතිපට්ටමකුත් දුන්නා. ඔරිජිනල් මීහරකෙක්. අනිත් දෙන්නා රස්සවකුත් නැහැ ඒ වෞනස්ට අබුවයි දරුවොයි ඉන්නවා. එකෙක්ට නම් අබුව විතරයි. උන්ට කන්න දෙන්න ඕන හොරකම් කරන්බ ඕන අනුර කුමාර ආවොත්. සහනයක් අරන් සක්කිලි ටික බේර ගන්නඕන නෙ. හැම මිනිහම වයසට යනකොට කොන්ඩේ ඉදෙනවා. බ්ස්‍යියගෙ කොනෙඩෙ කලු වෙනවා. හරි තරුනයි අවෘදු. 25 ක් වගෙ ඇති කියලා හිතන් ඇති. නාකියා. ඉන්නකම් ගොබ්බ පැටව්. සැප ගනියි. ඉට පස්සෙ. කපුටෝ. ගොබ්බයො අනාතයි නාකියා මැරෙනවත් එක්කම. බල්ලෙක් වෙලා කානුවක ඉපදෙයි.

:       0       3

සල්ලි Monday, 18 December 2023 07:29 AM

ප්‍රභාකරන් වත් මෙහෙම නැතුව ඇති ...

:       0       4

Bamunuarachchi Monday, 18 December 2023 11:45 PM

ප්‍රභාකරන් හිටියානම් ඔහෙලා, අපිට කඹුරන්න වෙන්නේ දෙමළුන්ට. ප්‍රභාකරන් පරලොව යැව්වේ අමුඩේ ගස්සවලා. දුටුගැමුණු රජු ගෙන් පසු රට එකසේසත් කලේ මහින්ද, ඒක නැහැනේ කියන්න කිසිම ජගතෙක් නැහැ. ඒ නිසා ඒ ගෞරවය එතුමාට දෙනවා. Give the devil his due.

:       0       0

බැසිල් Monday, 18 December 2023 09:49 AM

එල මහින්ද කොල්ලො එල. එක කෙස් ගහක් සුදු වෙලා නැහැ තාම. තව අව් රුදු 30ක් 40ක් කිසි ගින්නක් නැතුව අදින්න පුලුවන් ඔයාට. ඔය කුහකයො කියන එව අහන්න එපා කොල්ලො. රනිල් වගෙ තරුණ නයකයොගෙ උදව් අරගෙන අපෙ මෙ මුතු ඇටෙ බබලමු ලොකෙටම පෙන්න.

:       0       4

Kazi Shajahan Monday, 18 December 2023 11:14 AM

හොරා කන්න තියන ආශාව අත්හරින්න බැහැනේ .මැරුණම මොන ලෝකේ යයිද

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

නෙළුම් කුලුණෙන් වැටී කතක් මරුට
2024 ඔක්තෝබර් මස 07 1 0

නෙළුම් කුළුනෙන් පහළට වැටී කාන්තාවක් මියගොස් ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම පවසයි.


දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 132 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 83 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 686 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 383 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1953 8

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39291 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site