IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


‘විශ්වාසභංග යෝජනා ආණ්ඩුව තවත් ශක්තිමත් කරනවා’

(අංජුල මහික වීරරත්න)

විශ්වාසභංග යෝජනා යනු ආණ්ඩුව තව තවත් ශක්තිමත් කරන වැඩපිළිවෙළක් හෙයින් ඊට ඉතා සතුටින් මුහුණ දෙන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මාධ්‍ය හමුවක දී අද (9) පැවසීය.

බල්ලන් බිරුවාට කඳු පාත් නොවෙනවා සේම බල්ලන්ගේ බිරුම් හඬට තවලම නතරවන්නේ නැතැයි කී මන්ත්‍රීවරයා විශ්වාසභංගයේ දී මෛත්‍රී - මහින්ද  පාර්ශවයේ සිටින ආණ්ඩුවට ඍජුව සහ වක්‍රව සහාය දෙන කණ්ඩායම් පිළිබඳව ජනතාවට හොඳින් දැක බලාගන්නට හැකි වනු ඇතැයි ද සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මෙසේ ද පැවසීය.

‘ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්න පිරිසක් සූදානමින් සිටිනවා. කොපමණ විශ්වාසභංග ගෙනාවත්, කොපමණ ගල් ගැසුවත් ආණ්ඩුව දුර්වලභාවයට පත්වෙන්නේ නෑ. ආණ්ඩුව නිවැරදි විදියට රට පාලනය කරනවා.’

‘විශ්වාසභංග යෝජනා නිරන්තරයෙන් ආණ්ඩුවට විරුද්ධව ගෙන එන විට ආණ්ඩුව තව තවත් ශක්තිමත් වෙනවා. මෙතෙක් කාලයක් මෙම ආණ්ඩුව ගෙදර යවන්න විවිධ කණ්ඩායම් කොපමණ උත්සාහ දැරුවත් ආණ්ඩුව ඉදිරියට යනවා කියා කියන්න කැමතියි.’

‘එළැබෙන බ්‍රහස්පතින්දා ගෙන ඒමට නියමිත විශ්වාසභංගයෙන් ආණ්ඩුව ශක්තිමත් ද, නැති ද කියන එක ජනතාවට දැකගැනීමට හැකිවෙයි. පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂවල විශ්වාසය එක්සත් ජාතික පක්ෂයට ලැබෙයි කියා අපි කියනවා.’යැයි මන්ත්‍රීවරයා කීය.

 



අදහස් (0)

‘විශ්වාසභංග යෝජනා ආණ්ඩුව තවත් ශක්තිමත් කරනවා’

ඔබේ අදහස් එවන්න

දියත

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 624 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 270 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 931 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 3959 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1948 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1087 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 715 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site