IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


විශ්ව විද්‍යාල ගුරුවරුන් රට යන්න නිවාඩු අරන් ගෙදරම ඉඳලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මෑත වර්ෂ වල විදෙස් ගත වීමට සප්ත වාර්ෂික නිවාඩු ලබා ගත් විශ්ව විශ්වවිද්‍යාල ගුරුවරුන්ගෙන්  සියයට අනූ නවයක් විදේශ වලට ගොස් නැතැයි ද ඒ අය ලංකාවේ ම ඉඳගෙන වෙනත් වැඩ කර තිබෙන බවද පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

2020-2023 අතර තොරතුරු සොයා බැලීමෙන් එම කරුණු හෙළිදරව් වූ බව කී එස්.බී දිසානායක මහතා අදාල වර්ෂ වල විදෙස් නිවාඩු ගත් අයගෙන් හත්දෙනකු හැර වෙනත් කිසිවකුත් විදෙස්ගත වී නැතැයිද කීය.

කොළඹ විශ්ව විද්‍යාලයෙන් 80ක් ,පේරාදෙණියෙන් 41ක්,ජයවර්ධන පුරයෙන් 35ක්,කැලණියෙන් 54ක්,විවෘත විශ්ව විශ්වවිද්‍යාලයෙන් 17ක්,රුහුණු විශ්ව විද්‍යාලයෙන් 81ක් ආදී වශයෙන් විශ්ව විද්‍යාල ගුරුවරුන් සප්ත වාර්ෂික නිවාඩු ලබාගෙන තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් දිසානායක මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (11)

විශ්ව විද්‍යාල ගුරුවරුන් රට යන්න නිවාඩු අරන් ගෙදරම ඉඳලා

wedage Tuesday, 05 December 2023 01:48 PM

මෙයාට විකාර... ටිකක් ඉන්න ඡන්දයක් එනකන්...!

:       0       0

Hafeel Tuesday, 05 December 2023 02:20 PM

විශ්වවිද්‍යාල ගුරුවරුන්ට දොස් කියන්න කලින් තමන් තමන්ව පත්කළ ජනතාවට යුක්තිය ඉටු කරලද ඉන්නේ? මෙයාත් රට බංකලොත් කළාට වග කියන්න ඕනේ. එහම තියෙද්දී කොහොමද අනුන්ට දොස් කියන්නේ? පිස්සු වැඩ, පිස්සු වැඩ.

:       0       3

විපුලන්ත Tuesday, 05 December 2023 03:02 PM

ඉතින් කරන්න තියෙන්නේ විදෙස් ගතවී සිට පැමිණි පසුව විදෙස් ගත වී සිටි බව සනාථ කරන්න කියලා විධිවිධාන සැලසීමට ඇමැතිවරයා කටයුතු කළා නම් ඔහොම වෙන්නේ නැහැ නේද? ඔය කට්ටියම යන්නේ ජනතා මුදලින් පමණක් නොවෙයි, ජනතා මුදලින් වැටුප් ලබාගෙන කියලා කියන්න පුළුවන්... එහෙම ගෙවා ගිවිසුම් කඩකළා නම් අවශ්‍ය ඉදිරි පියවර නොගැනීම සාමාන්‍ය ජනතාවගේ වරදක් නොවෙයි කියලා ඔබලාට මතක් කරනවා...

:       1       1

primeshika Tuesday, 05 December 2023 03:22 PM

සප්ත වාර්ෂික නිවාඩු ගත්තාම රට යන්නම ඕනෑ කියලා නීතියක් තියෙනවද ඇමැතිතුමා...?

:       0       3

MO77 Tuesday, 05 December 2023 03:24 PM

මොන මෝඩයෝ ද ලංකාවේ ඔය දේශකයින් කියන අයව පිටරට ගෙන්න ගන්නේ. ඔය බහුතරයක් අයට ඒ ක්ලාස් රිසර්ච් පේපර් එකක් තියෙනවාද නැත්නම් පේටන්ට් එකක් තියෙනවාද? බහුතරයක් අය කරන්නේ ලංකාවේම තියෙනවට කැම්පස් එකක උගන්වනවා. නැත්නම් බිස්නස් කරනවා. නැත්තන් ටියුෂන් ක්ලාස් කරනවා. එහෙම කරලා ඒ අය පඩි දෙකක් ගන්නවා. සමහර දේශකයින් කටින් බතල හිටවනවා... ජේවීපී එකට... ඔය බහුතරයක්ම තමන්ට අදාල වැඩේ කරලා නෑ.

:       4       0

Mo77 Tuesday, 05 December 2023 03:41 PM

ගිහිල්ලා බලන්න scheme of recruitment ලංකාවේ විද්‍යාලය ගන්න විදියයි පිටරට විශ්ව විද්‍යාලට ගන්න විදියයි. එතකොට තේරෙයි වෙනස... ලංකාවට ගන්න පළමු උපාධිය කරපු කිසිම රිසර්ච් එකක් කරපු නැතිවුන්. පිටරට ගන්නේ ආචාර්ය උපාධිය කරලා, රිසර්ච් කරලා තියෙන වයස සීමාවක් සලකන්නැතුව බඳවා ගන්නේ. ලංකාවේ උපන්මහාචාර්යවරු පිටරටවල්වල වැඩ කරනවා. ඔවුන් ලංකාවේ වැඩ කරන්න කැමැතියි. ඒත් ලංකාවේ විශ්ව විද්‍යාලවල වැඩකරන හැත්ත ඒවගේ ටැලෙන්ට් මහාචාර්යවරු ගන්න කැමැති නෑ. ඔය පිටරට විදිහට බඳවා ගන්න. එවිට පිටරටවල වැඩකරන ශ්‍රී ලංකා මහාචාර්යවරු වයස සීමාවක් දන්නැතුව බඳවා ගත්තොත් (උපරිම 68) ඕනෑතරම් බඳවා ගන්න පුළුවන්. ඒ මිනිස්සු මුදල්වලට වඩා, රටට සේවයක් කරන්න එන්න කැමතියි..

:       4       0

පියනන්ද Tuesday, 05 December 2023 04:01 PM

අනේ මෙහෙමත් වෘෂභ රාජයෙක්! ඕක අරන් රට යන්නම ඕනෑ කියලා නියමයක් නෑ ලොක්කෝ. ඒක ඒ අයගේ හිමිකමක්. පිටරට මෙරට ද ඉන්නේ කියලා නීතියක් ඇත්තේ නැහැ. විශ්ව විද්‍යාල පනත අරන් කියවලා බලන්න. හැබැයි ඒක ඉංග්‍රීසියෙන් තියෙන්නේ...!

:       0       6

Lal Tuesday, 05 December 2023 04:20 PM

මේ රටේ ඔක්කෝම හොරු...

:       0       0

චන්දන Tuesday, 05 December 2023 09:40 PM

දැන් රජයේ සේවකයො වැඩි ප්‍රමානයක් එහෙම තමා. හේතුව වැටුප් ප්‍රශ්නෙ. විශ්ව විද්‍යාල විතරක් නෙමෙයි පාසල් ගුරුවරුත් නිවාඩු අරගෙන නැත්නම් අස්වෙලාම.. ටියුෂන් කරනව. ආණ්ඩුවෙ පඩියෙන් කරන්න පුළුවන් කෙං ගෙඩියක් නැහැ. තමුන්ල 225 එකතුවෙලා රාජ්‍ය සේවය නැත්තටම නැති කරනව. ලෝක බැංකුව පස්සෙ යනව.

:       2       2

Nimal Wednesday, 06 December 2023 06:26 AM

මේ අය විදේශ ගත්වෙන්නම කියා නියමයක් නැහැ .ඒ අයට තම දැනුම වර්ධනය කර ගැනීමට මෙම කාලය යෙදවිය හැකියි

:       2       4

Bamunuarachchi Wednesday, 06 December 2023 07:56 AM

ඉතින් නියමිත නිවාඩු වලින් ගෙදර හිටපු නිවාඩුව අඩුකර ගෙන ඉතිරි නිවාඩුට දුන් වැටුප් දැන් ගෙවන පඩියෙන් හෝ විශ්‍රාම වැටුපෙන් අඩු කරන්න. වැඩේ සිම්පල්.

:       3       3

ඔබේ අදහස් එවන්න

දියත

ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 17 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 19 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


ෆොන් -චාර්ජ බන්ධනාගාරයට රැගෙන ගිය නියාමක මාට්ටු
2024 ඔක්තෝබර් මස 08 74 0

දුරකථන චාජරයක් හා ඩේටා කේබලයක් හිස්වැසුමේ සඟවාගෙන බුස්ස අධිආරක්ෂිත බනබන්ධනාගාරයට රැගෙන යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස්


රාගමදී දුම්රියක් නවතී: මගීහු අපහසුතාවට
2024 ඔක්තෝබර් මස 08 437 0

මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය රාගම දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් දුම්රිය මගීහු දැඩි අපහසුතාවකට ලක් වූහ.


තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 170 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 1061 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39383 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25672 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1140 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 392 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site