(නිමල කොඩිතුවක්කු)
ජනතා විරෝධි අරමුණු ඉටුකරගැනීම සඳහා විශ්වවිද්‍යාල පනතට අත නොතබන ලෙසත් ජනතාව දශක ගණනාවක් බුක්ති විඳි නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාදය කප්පාදු කිරීමට කටයුතු නොකරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රජය හිතුවක්කාර ලෙස විශ්වවිද්‍යාල පනත සංශෝධනය කර හෝ යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කරගැනීමට උත්සාහ කරන්නේ නම් විද්වත් මහා සංඝරත්නය, විශ්වවිද්‍යාල ප්‍රජාව, සිවිල් සංවිධාන, අනෙකුත් දේශපාලන පක්ෂ සහ මෙරට සමස්ත ජනතාව ඒකරාශී කරගනිමින් රජයේ එම උත්සාහය පරාජය කිරීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරන බවද විපක්ෂනායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
"ජුලි මස 16 වන දින බෞද්ධ උපදේශන සභාව හමුවේ අදහස් දැක්වු ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත්තේ 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතෙහි කොටස් සංශෝධනය කොට හෝ යෝජිත කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කරගන්නා බවයි.
මෙවැනි ජනතා විරෝධි අරමුණු ඉටුකරගැනීම සඳහා විශ්වවිද්‍යාල පනතට අත නොතබන ලෙසත් ජනතාව දශක ගණනාවක් බුක්ති විඳි නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාදය කප්පාදු කිරීමට කටයුතු නොකරන ලෙස‘ත් ජනාධිපතිතුමාට උදක්ම දන්වා සිටීමට අපි කැමැත්තෙමු.
එමෙන් ම විධිමත් සාකච්ඡාවකින් හා සම්මුතියකින් තොරව විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට යාමෙන් මෙරට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය දැඩි අර්බුදකාරි බවකට තල්ලු වී යා හැකි බව ද වගකිව යුතු විපක්ෂයක් වශයෙන් අප මතක් කර සිටිමු" යැයිද එහිසඳහන් වේ.
තැපැල් ඡන්දය සළකුණු කළ නොහැකි වූ රාජ්‍ය සේවකයන් සිටී නම් ලබන 7 සහ 8 දෙදින රාජකාරි කරන කාර්යාලයට අදාල දිස්ත්‍රිකකයේ තේරීම් භාර නිලධාරි කාර්යාලයේ තැපැල්
කොළඹ විශේෂ කාර්ය බළකා මූලස්ථානයට ලද තොරතුරක් මත ඇඹිලිපිටිය, කොතලාවල හංදිය සීමාවේ ගෙවත්තක සඟවා තිබූ ටී. 56 වර්ගයේ ගිණි අවියක් ඇතුළු ආයුධ රැසක් සමග යුධ හම
ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී
ලංකා ඛනිජ සංස්ථාව ඉන්ධන මිල තීරණය කිරීමේදී වෙනත් තරගකරුවෙක් හෝ ක්‍රියාකරුවෙක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් සෙසු තරගකරුවන්ට අළෙවියෙන් හෝ මිලකර
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුවියන් දෙදෙනකුට මරු කැඳවමින් ඉකුත්දා බදුල්ලේදි සිදුවු මාරක රිය අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරුගේ රියදුරු බලපත්
පුත්‍රයාට විදුබල මණ්ඩලයේ රැකියාවක් දීමට මවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
‘විශ්ව විද්‍යාල පනතට අත තියන්න එපා‘
Indika Sunday, 18 July 2021 01:41 PM
මේ අයට හිඟන්නන් බෝකරගන්න බැරි වෙනවනේ.. ඔක්කොම නිකන් දෙන්න. එංගලන්තයට ගිහින් හොර ඩිප්ලෝමා ගහලා මෙතන නටනවා...
ගිජුලිහිණි සංදේශයMonday, 19 July 2021 06:27 AM
ඉපදුනේ නැතත් එදා - උරුම වී ධනෙත් බලෙත් නිදහසේ උගත් පිනින් - දිනූවෙමු අපිත් ලොවත් දරුවනේ කලින් කලේ - එය කතී සොරුන් ඇවිත් අරමුණේ තබා රකිව් - ඒ උතුම් ගුණේ හෙටත්
චන්දන Sunday, 18 July 2021 01:42 PM
නිකං ඉන්න මහත්තයෝ..! කරන වැඩක් හරියට කරන්න. කාලයක් තිස්සේ කියන්නේ පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියලා... එහෙම දෙයකට පාර කපනවා මිසක් එදාවේල යැපෙන්නන් වෙන්න එපා..!
මුණසිංහ Sunday, 18 July 2021 01:50 PM
ඔක්කෝටම කළින් මෙන්න මේ ගුරුවරුන්ගේ ගැටළුවට විසඳුමක් දෙන්න ඉදිරිපත් වෙන්න. සද්ද නැතිව ඉන්න ඒවාට...
කෝරලගේ Sunday, 18 July 2021 01:57 PM
ඉතිහාසයේ නුදුටු විදියට ගුරු වෘත්තියට වෙච්චි අපහාසය මහජනතාව පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ශිෂ්‍ඨ සමාජයක මෙවැනි දේවල් නොවීය යුතුයි. ලංකාවේ දේශපාලකයින්ට විනාශ කරන්න බැරි වූ දේවල් 2ක් තියෙනවා. 01. නිදහස් අධ්‍යාපනය 02. නිදහස් සෞඛ්‍ය, "කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පණත" සම්මත වුණොත්, මෙතැනින් 01 ඉවරයි. විපක්ෂ නායකතුමා මෙයට මැදිහත් වීම අපි ඉතාම අගය කරනවා...
BamunuarachchiMonday, 19 July 2021 07:45 AM
හලෝ ඔහේ ඉස්කෝලේ ගියාද යනවද? දැනට අවුරුදු 50 කට කලින් ඉස්කෝලේ ගිය කෙනෙක් අද ගුරුවරුන්ට කාලේ කනවා කියා කීම හරිම සාධාරණයි. අද ඉස්කෝලවල උගන්වනවාද? හරියට උගන්වනවා නම් ළමයි විෂයකට දහස් ගණන් දීලා ටියුෂන් යන්නේ ඇයි? එහෙනම් ඔවුන් කරන්නේ පාසල්වලට වෙලා කාලය කාදැමීමක් නේද? ළමයින්ට ඉගැන්වීම නවත්තපු ගුරුවරු ටියුෂන් දීමත් නැවැත්තුවද?
Thilina Sunday, 18 July 2021 02:16 PM
මොන විකාරයක්ද මේ? අනිවාර්යයෙන් මේ රටේ විශ්ව විද්‍යාල විතරක් නෙමෙයි පාසල් ක්‍රමය පවා ප්‍රතිසංස්කරණය කළ යුතුයි. කැම්පස් යන අය අනිවාර්යයෙන් කුමන හෝ රැකියාවක් කරලා යම් මුදලක් අනිවාර්යයෙන් ආණ්ඩුවට ගෙවිය යුතුයි . ඉංග්‍රීසි භාෂාවෙන් උගැන්වීම් කළ යුතුයි. වෙළෙඳ ව්‍යාපාර හා ජාත්‍යන්තර වෙළඳාම වගේ විෂයයන් පාසලේ සිට ලබා දිය යුතුයි. අත්‍යාවශ්‍ය කෙනෙකුට හැරෙන්නට කිසිම කෙනෙකුට කිසිම දෙයක් නොමිලේ ලබා නොදිය යුතුයි. විශ්ව විද්‍යාලය තුළ දේශපාලනය තහනම් කළ යුතුයි. එහෙම නැතුව මේ රට ගොඩගන්න බැහැ. ඒකට මේ දේශපාලකයින් කැමැති නැහැ. හිඟන මානසිකත්වයක් තියෙන ආණ්ඩුව රස්සා විතරක් නෙමෙයි මොනවාහරි නිකන් දෙනකම් බලන් ඉන්න ජාතියකට කවදාවත් ගොඩඒමක් නැහැ. මොවුන් මේ කරන්නේ ඒක..
යාපා Sunday, 18 July 2021 02:40 PM
ලංකාවේ හොඳම පාසලට ගිහිල්ලත් සා.පෙළ.. අසමත්. අට පාස් ඔබතුමා අධ්‍යාපනය ගැන ඉස්සෙල්ලාම ඉගෙන ගෙන එන්න. තප්පුලන්නේ නැතුව..
කිරිපුතා Sunday, 18 July 2021 02:44 PM
නිදහස් අධ්‍යාපනය පමණක් නොව අධ්‍යාපනයට නිදහසද තිබිය යුතුයි. උසස් තත්වයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයන් රට තුල තිබිය යුතුයි.
chandima Sunday, 18 July 2021 02:56 PM
ඔන්ලයින් අධ්‍යාපන වර්ජනයට සජිත්ගේ සහාය..?
sanath Sunday, 18 July 2021 03:11 PM
බොර දියේ මාළු බෑම...
thilak Sunday, 18 July 2021 03:26 PM
සා.පෙළ. අසමත් කෙනෙකුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකිය.
lankaSunday, 18 July 2021 06:55 PM
මේ අදහසට අන්ලයික් කරන්නේ අනිකුත් සා.පෙළ. අසමත් උදවිය විය යුතුයි.
Sri Lanka Sunday, 18 July 2021 07:43 PM
විශ්ව විද්‍යාල පනත ගැන දැනුමක් නෑ, දැකලත් නෑ... ඒ වුණාට විශ්ව විද්‍යාල ක්‍රමය වෙනස් කරන්න කියලා යෝජනා කරනවා. මොකද අවුරුද්දෙන් වැඩි හරියක් ළමයි ඉන්නේ මහපාරෙ හින්දා. ජයවේවා..!!!
ramani Sunday, 18 July 2021 08:31 PM
තමාට ලංකාවේ විශ්ව විද්‍යාලයකට යන්න ලකුණු නැති නිසා දෙමවුපියන්ට ඇති තරම් මුදල් තිබුණු පිනෙන් පිටරට විශ්වවිද්‍යාලයකින් උපාධි ගත්තා කියලා සජිත් කියන්නේ. එහෙම පිටරට ගිහින් පුද්ගලිකව මුදල් වියදම් කරලා උපාධි ගත්ත සජිත් ලංකාවේ විශ්ව විද්‍යාලවලට කෙලින්ම යන්න ලකුණු යන්තමින් මදි... ඒ වගේම පිටරට යන්න තරම් සල්ලි නැති අය ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබනවාට අකමැති මොකද?
BamunuarachchiMonday, 19 July 2021 08:15 AM
සජිත්ව උපමාවකට ගන්න එයා කාගේ කව්ද? එයාගේ විශේෂත්වය මොකක්ද? හලෝ ලංකාවේ ළමයින්ට විශ්ව විද්‍යාලයකට යෑමට අවශ්‍ය ලකුණු තීරණය වෙන්නේ විෂය සමත් වීමට ලබන ලකුණු ප්‍රමාණයෙන් නොවෙයි විශ්ව විද්‍යාලයේ ඒ වසරට ඇතුලත් කර ගන්න ළමයින්ගේ ප්‍රමාණය අනුවයි. වෛද්‍ය විද්‍යාලයේ ඉඩ තිබෙන්නේ ළමයි 400ට නම් 600 ඉතා හොඳට සුදුසුකම් ලබලා තිබෙනවා නම් 600 න් 400 තෝරන ක්‍රමය මොකක්ද? එක්කෝ විෂයයන් සියල්ලෙන්ම 95%ට වැඩිය ගත් අය තේරුවා කියයි. එතකොට ඉතිරි 200ට වැඩ බැරි ටාසන්ලාද? ඒ අයට සල්ලි තිබෙනවා නම් රටට බරක් නොවී පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුලත් වුණාවේ. කාගේවත් ඉගෙනීම තව කාටවත් තහනම් කරන්න පුළුවන්ද? පෞද්ගලික පාසල්වලට යන රටට බරක් නොවී ඉඳගෙන ගන්න ළමයින් දසදහස් ගණනක් රටේ ඉන්නවා. ඔවුන්ට රජයේ වෛද්‍ය විද්‍යාලයේ හෝ විශ්වවිද්‍යාලයක ඉඩ දෙනවද? නැහැ.. එහෙනම් ඒ ළමයි උසස් අධ්‍යාපනය ලබන්නේ කොහේද? මැට්ටෝ ලංකාවේ ඉන්නකම් මෙරටට හරියන්නේ නැත...
ramaniMonday, 19 July 2021 04:01 PM
බමුණු, වලිගය පාගාගන්න එපා. මම සජිත්ගේ ගුණ ගායනා කරේ නෑ. මම කියන්නෙත් සජිත් මේ පනතට විරුද්ධවීම විහිළුවක් බවයි. ඔහුට වගේ අනික් හැම දරුවාටම විදෙස් විශ්වවිද්‍යාල වලට යන්න සල්ලි නෑ. එම දරුවන්ට ලංකාවේ රජයේ නොමිලේ දෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න ලකුණු මදි නම්, ඒ වගේම පිටරට ඉගෙන ගන්න තරම් මුදලුත් නැත්නම් ලංකාව ඇතුලේ විකල්පයක් තියෙන්න ඕනෑ කියන මතයේ මමත් ඉන්නේ... බමුණු හොඳට කියවන්න මම කියලා තියෙන දේ...