IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35ක වෛද්‍ය හිඟයක්

(ජේ.කේ.එල්. චාමින්ද)

මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව  විශේෂඥ වෛද්‍යවරුන් 972 කගේ පමණ  හිගයක් පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

 එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ සැලසුම් අංශය විසින්  විගණනයට ලබාදුන් තොරතුරුවලට අනුව  2023 ජුනි මස 30 වැනිදින වනවිට  රෝහල් ආයතන  50ක  විශේෂඥ වෛද්‍යවරුන්  226ක්ගේ හිගයක් පවතින බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එහෙත් රෝහල් සහ සෞඛ්‍ය ආයතන  23ක විශේෂඥ වෛද්‍යවරුන් 123ක අතිරික්තයක්  පැවතුණි.

එමෙන්ම විධිමත් අනුමැතියක් හෝ ලබානොගත්  විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 12ක් තුල  විශේෂඥ වෛද්‍යවරුන්  141ක් සේවයේ යොදවා ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

 



අදහස් (9)

විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35ක වෛද්‍ය හිඟයක්

Rama Friday, 25 October 2024 12:09 PM

දැන් ඉතින් ලංකාවේ ඉන්න බෑ කියලා ලංකාවේ රජයෙන් ගත්ත ශිෂ්‍යත්වවලින්ම රටින් පැනල ඉන්න කට්ටිය එන්න ඕනා. 14 මැතිවරණය මොනවා වුණත් මාලිමාව දිනන්න ඉඩ වැඩි වගේම ජනාධිපති කෙනෙකුත් ඉන්නවා. ඉස්සර ගහපු බයිලා දැන් ගහන්නේ නැතුව එන්න. ඔය ගිය ගොඩ දෙනෙක් ගිහින් කියන්නේ ලංකාවේ ඉන්න බෑ කියලා විතරක් නෙවෙයි තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන සිතා ආපහු එන්නේ නෑ කියලා. ඕක අද ඊයේ නොවේ අවුරුදු 60ක් වත් තිස්සේ වුණු දෙයක්. ශිෂ්‍යත්ව හොරු ගානක් UK, USA, ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. ඒ දොස්තරලා විතරක් නෙවෙයි. ඇත්තටම ජනාධිපතිතුමා හෝ අලුතින් පත්වන අධ්‍යාපන ඇමතිතුමා හෝ තුමිය ඔය ගැනත් හොයන්න. වෙන වැරදි මොනවා වුණත් විජයදාස රාජපක්ෂ උසස් අධ්‍යාපන ඇමති කාලේ ඔහොම කණුව තියපු විශ්ව විද්‍යාල ආචාර්යවරු ලැයිස්තුව ප්‍රසිද්ධ කරා කියලා වෘත්තිය සමිති නායකයින්ගෙන් බොහොම දොස් ඇහුවා. එතකොට ඒක වැරදියි කියමුකෝ දැන් කරන්න තියෙන්නේත් ඒකම තමයි. ඒ කරලා එක්කෝ කට්ටිය ගෙන්නන්න නැත්නම් ශිෂ්‍යත්ව සඳහා ගිය මුළු මුදලම ආපහු අය කරගන්න.

:       4       8

de silva berlin Friday, 25 October 2024 01:23 PM

ලංකාවේ සිටින පුරවැසියන්ගේ ප්‍රමාණයට සිටින වෛද්‍යවරුන්ගේ ප්‍රමාණය ඉතා අල්ප බව පිළිගන්න වෙනවා. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලවල ඉඩ මදි නිසා විශාල ප්‍රමාණයක් විදේශ ගතවෙනවා. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න. මේ සඳහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පිටරටට ඇදී යනවා. මේකට විසඳුම් දෙකක ඇත 1) රජයේ විශ්ව විද්‍යාල වලට බඳවා ගන්න සිසුන් ප්‍රමාණය දෙගුණයකින් පමණ වැඩි කිරීම, මේක කිරීමට මුදල් නොමැති නම් රජයේ නියාමනයකට යටත්ව පුද්ගලික අංශයට ලංකාවේ විශ්ව විද්‍යාල ඇතිකිරීමට ඉඩදීම, මේ විසඳුම් දෙකටම දොස්තර සංගම් අකැමැති බව පෙනෙනවා... රටේ වෛද්‍යවරු අඩුවෙන තරමට ඔවුන්ට රෝගීන්ගෙන් ගසකන්න පුළුවන්..., දොස්තරලාට ජනතා මුදලින් ඉගැන්වූවාට ඔවුන් අපට රජයේ රෝහල් මගින් 100% සේවයක් ලබාදෙන්න කැමැති නැත. ඔවුන්ගේ චැනල් කඩවල රස්තියාදු වී මුදල් ගෙවුවේ නැතිනම් ඔවුන්ගේ රජයේ රෝහලේ වාට්ටුවට ඇතුල්විය නොහැකිය.

:       4       10

kasu kusu Friday, 25 October 2024 01:37 PM

පුද්ගලික රෝහල්වල නම් දොස්තරලා පිරිලා. රෝගීන්ට වැඩිය ලොකු කාර් පාර්ක් තියෙන්නේ දොස්තරලාට.. එච්චරට දොස්තරලා...!

:       7       8

nimesh Friday, 25 October 2024 01:44 PM

විය යුත්තේ ප්‍රමිතිගතව පුද්ගලික වෛද්‍ය විද්‍යාල කිහිපයක් දැමීම. වෙන රටවලත් කරන්නේ ඒක තමයි. මෙහෙ විතරයි මේ NGO සල්ලි වලට අන්තරේ පැටලිලා හැමදේම කඩා කප්පල් කරන්නේ....!

:       2       10

de silva berlin Friday, 25 October 2024 02:42 PM

අන්තරේ රටේ හැම මගුලකට අත දමන්න එන්න එපා. අන්තරේ කරන්නේ දොස්තර සංගමේ සල්ලිවලට කඩේ යන එක, අන්තරේ සාධාරණ වෙන්න. රජයේ රෝහල්වල ප්‍රතිකාර නැතුව දුක් විඳින රෝගීන් පිළිබඳව අන්තරේට කිසිම කැක්කුමක් නැහැ. හරි නම් පුද්ගලික චැනල් කඩ ඉස්සරහත් අන්තරේ උද්ඝෝෂණ කරන්න ඕනේ, මෙහෙම ගියොත් අර නන්දසේන එලෙව්වා වගේ මිනිස්සු එකතුවෙලා අන්තරේ උද්ඝෝෂණ වලට පහරදී එලවලා දමාවි. විශ්ව විද්‍යාල ඇතුලේ නවක වද දෙන්න එපා... පිස්සු නටන්න එපා කියලා ජනාධිපති නියෝගයක් දීලා තිබෙනවා. අන්තරේ නටන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි කුමාර ගුණරත්නම් කියන NGO කාරයාගේ පදේට...

:       0       4

Dr Saman Allewela Saturday, 26 October 2024 08:02 AM

පිටරට ඉන්න අපේ සැපවත් ජීවිත අතහැරලා අපායට එන්න කියලාද කියන්නේ. නිකන් ඉගැන්නුවේ අපට විතරක් නෙවෙයි නේ. ඔය වගේ Korea, Middle East, Japan wage රටවල ගිහිල්ලා කඹුරන අයටත් එන්න කියනවා මමනම් අහලා නෑ. නිකන් කුහක අදහස් නොදා දැන්වත් මහන්සි වෙලා දියුණු වෙන්න. එතකොට මෙතන කමෙන්ට් දාන අය වගේ නැතුව ජීවිතය විඳින්න පුළුවන්. ප​.ලි - අපේ වටිනාකමට රටේ මිනිස්සු අගයක් නුදුන්නාට මෙහේ මිනිස්සු අපිට නියම වටිනාකම දෙනවා. ඒකයි මෙහෙ සහ ගෝත්‍රික රටක වෙනස...

:       4       2

Dr Ellewela Saturday, 26 October 2024 11:41 AM

අපේ වටිනාකමට රටේ මිනිස්සු අගයක් නුදුන්නාට මෙහේ මිනිස්සු අපිට නියම වටිනාකම දෙනවා. එකයි මෙහේ සහ ගෝත්‍රික රටක වෙනස...! ​

:       4       3

රටවැසියාSaturday, 26 October 2024 05:48 PM

ගෝත්‍රික රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් ඉගෙන ගෙන, මොකුත් නොදන්න රෝගීන්ගෙන් ඉගෙන ගෙන රට පැනල කයිවාරු ගහන නමට උගතෙක්. නිකන් ඉගැන්නුවේ ඔබලට විතරක් නොවෙන එක ඇත්ත. නමුත් වෛද්‍ය විද්‍යාල වරම් ලැබෙන්නේ ඉතාම සීමිත පිරිසකට. තවත් හොඳ ප්‍රතිඵල තියෙන බොහෝමයක් හැලෙනවා ඉඩකඩ සීමිත නිසා. වෙනත් උපාධි වලට ඔය කතාව අදාල නෑ. කාගේවත් අවස්ථාවක් නැති කරලා කවුරුත් උපාධි ගන්නේ නැහැ. එහෙම වෙනවා නම් ඕනෑ කෙනෙකුට පුළුවන් හැකියාව තියෙනවා නම් පුද්ගලික වි වි හරි, උපාධියක් අරගෙන රටේ වැඩ කරන්න. ඔබලා එහෙම නෙවෙයි. වෙන කෙනෙකුට ඉගෙන ගෙන රටට වැඩක් කරන්න දෙන්නෙත් නැහැ. ඔබලා රටේ ඉන්නෙත් නැ. ඉගෙන ගන්නකන් නිදහස් සෞඛ්‍ය කියලා කියෙව්වාට උපාධිය ගත්තු ගමන් කියවන්නේ මුදල් දීලා ඉගෙන ගන්න ඕනෑ රටක දොස්තර කෙනෙක්ට වැ‍ටුප. ඔබලා වගේ කුහකයින්ට රටේ මිනිස්සු බොන තේ එකෙන් පවා ගෙවා ඇති බව මතක තබා ගන්න..

:       2       3

Lalla Saturday, 26 October 2024 12:15 PM

හිඟන පඩියට විශේෂඥයෝ රඳවාගන්න බෑ. සාධාරණ වැටුපක් දිය යුතුයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 365 1

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 553 1

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 534 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


තාත්තයි දුවයි මීගමු කලපුවේ සැඟවෙයි
2024 නොවැම්බර් මස 24 530 0

මිගමුව කලපුවේ ගමන් කරමින් තිබු කුඩා ධීවර යාත්‍රාවක් අද (24 ) දහවල් පෙරළී යාමේන් එහි ගමන් කළ පියා සහ දියණීයක් අතුරුදහන්ව ඇති බවත් මෙම යාත්‍රාවේ ගමන් කළ ඉත


කැරට් - ගෝවා මිල ලෙල්ලටම බහී
2024 නොවැම්බර් මස 24 591 0

කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ දින වල විශාල වශයෙන් එළවළු තොග ලැබීම හේතුවෙන් කැරැටි ,ගෝවා වැනි බොහෝ එළවළු වර්ගවල මිල පහත වැටී විකුණාගත නොහ


වැ.බ. පොලිස්පතිගේ ස්ථානමාරු ලේඛනය කොමිසම ආපසු හරවයි
2024 නොවැම්බර් මස 24 995 0

පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථානමාරු ලබාදීම සදහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් කොමිෂන් සභාවට යවා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 724 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2026 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site