(කේ බුද්ධික කුමාරසිරි)
"පිරිසිදු ශ්‍රි ලංකා" නමින් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් ඉතා කෙටි කලකදී පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝමාගම දී පැවසීය.
ඒ සදහා විදේශගත ශ්‍රි ලාංකිකයින් ගේ සහ මෙරට දානපතියන් ගේ ආධාර උපකාර සහිත අරමුදලක් පිහිටුවීමට අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය.
එම කාර්ය සාධක බලකාය හරහා සියලු ගංගා ඇළ දොළ මංමාවත් බස් රථ වැසිකිලි පද්ධති බස් රථ දුම්රිය වෙරළ ආදී සියලු දෑ පිරිසුදුව පවතින ආසියාවේ පිරිසිදුම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය .
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විශේෂ ජනපති කාර්ය සාධක බලකායක්
Sugath Dissanayaka Monday, 21 October 2024 11:32 AM
ඒක තමයි කරන්නම ඕනෑ දේ. රටක මිනිස්සුන්ගේ විනය මැන බලන්න පුළුවන් පළවෙනි සාධකය තමයි පිරිසිදුකම. ඒකට මුළු රටේම හැම මනුස්සයෙක්ම දායක කරගන්න ඕනෑ.
Gamini Monday, 21 October 2024 11:42 AM
හදයි ඉතින් පිරිසිදු වෙනවා නම්... අපිත් කැමැතියි. ඒත් මට හිතෙන්නේ මේකත් සංදර්ශනයක් කියලා...
GarminiMonday, 21 October 2024 12:05 PM
ඔයා පිරිසිදුව ද ඉන්නේ කියන්න බලන්න...
ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 21 October 2024 11:48 AM
මම ඉන්නේ කටාර් රාජ්‍යයේ ගරු ජනාධිපතිතුමණි, මගේ ලොකුම සිහිනයක් මේක වසර ගණනාවක් තිස්සේ ඇළ දොළ, ගංගා ඇතුලු ලංකාවේ සියළුම පොදු ස්ථාන ආසියාවේ පමණක් නොව ලෝකයේ පිරිසිදුම හා සුන්දරම රටක් ලෙස මගේ රට මට දකින්න ආසයි. ඒ සඳහා අපි ඕනෑම අවස්ථාවක අපගේ සහයෝගයක් ලබා දීමට සුදානම්.
Gehan Monday, 21 October 2024 11:59 AM
හොඳයි එහෙම පිරිසිදු වෙනවා නම් මුලින්ම බුලත් කාගෙන පාර පුරා කෙල ගහන බස් සේවකයෝ ටික හදන්න. ඒ මිනිස්සුන්ට දත් මැදලා, රැව්ල කපලා, පිළිවෙළකට ඇඳලා වැදගත් විදියට කතාකරන්න පුරුදු කරන්න. මේවා ලේසි නැහැ. මේ සියල්ලට පෙර ජීවන බර අඩුකරන්න. හාල් මිල පාලනයක් නැහැ. බිත්තර, පොල් ගිනි ගණන්. මේවා වියදම් නැතිව රජයට පාලනය කළහැකි දේවල්. ඕනෑ වෙන්නේ කෙලින් තීරණ සහ පිටකොන්දක්... රජයක් තියෙන්නේ මේවා පාලනය කරන්න. නීතිය මගින් ඊට බලයක් දීලා තියෙන්නේ. පිරිසිදු කරන එක පස්සේ කරගන්න බැරියෑ. කොච්චර දේවල් තියද ඊට පෙර කළ යුතු. මට නම් පේන්නේ ස්ටේජ් උඩ කිව් දේවල් ඩිලිවර් කරගන්න බෑ වගේ...
Digo ArachchiMonday, 21 October 2024 04:28 PM
අදහස ඉතාමත් හොඳයි... මම ඊයේ ගමනක් යන්න නගරයේ අතුරු මාර්ගයේ බස් නැවතුමේ හිටියා එහි පාර මැද අඩිය තියන්න කැතයි... මොකද බුලත් කෙළ ගසා අපවිත්‍ර කරලා තියෙන්නේ ඊළඟට ඒ මාර්ගයේම පදිකයින්ට යන්න ඉඩක් නැහැ හැම තැනම ත්‍රීවීලර් පාක් කරලා තියෙන්නේ කිසිම විනයක් නැහැ මාර්ගය කුමක්ද කියලා දැනගන්න අවශ්‍ය නම් මාර්ගය කුමක්ද කියන නාම පුවරුව ඉවත්කර විවාහ උප්පැන්න මරණ රෙජිස්ට්‍රාර් කාර්යාලයට කියලා පුවරුවක් කිලෝමීටර් එකක් දුරින් සිටින රෙජිස්ට්‍රාර් විසින් සවිකර තියෙනවා. මෙහෙම මිනිස්සු රජයේ කටයුතු කිරීම සුදුසුද බලන්න එහෙම එවුනුත් පිරිසිදු කරනවා නම් ඉතාමත් හොඳයි... අංක 98 /99/03 බස් ගමනාගමනය කෙරෙන මාර්ගයෙන් හැරී 450 බස් මාර්ගය යා කරන මාර්ගයක් කියලා තවත් පැහැදිලි කරන්න පුළුවන්...
Channa Monday, 21 October 2024 12:08 PM
මේ ආකල්ප තුළින් ලබාග යුතු අවස්ථාවක්. බලකායක් කියන්නේ මේ සංදර්ශනයක්... විනයක් තුළින් සහ දඬුවම් දීම් තුළින් යා යුතු තැනක්...
සේනක Monday, 21 October 2024 12:19 PM
ජෙප්පෝ නාන්නේ නෑ. ඇඳුම් හෝදන්නේ නෑ. විශ්ව විද්යාලෙකට ගියපු අය හොස්ටල් හිටපු අය ඒක දන්නවා. ඒවත් හදන්න.
සුමිත් Monday, 21 October 2024 12:21 PM
ආගමික ස්ථානවල ලවුඩ්ස්පීකර් - බෆල් කරදර වලට පිළියම් යොදන්න. පොඩි ළමයින්ට පාඩම් වැඩ කරන්න බෑ. නිදහසේ ඉන්න නෑ... කන්දොස්කිරියාව නිසා...
Abey M. Monday, 21 October 2024 12:41 PM
හොඳම අදහසක්... අලුත් පරපුරට උගන්නන්න ටොයිලට් පේපර් පාවිච්චි කරන විදිහ...
Jayan Monday, 21 October 2024 01:06 PM
ඒක හොඳයි.. හැබැයි ආපු මුදල් වියදම් කළ විදිහ ඉදිරිපත් කරන්න. අපි දන්නවා ඔයාලා සල්ලි එකතු කරලා බිම් මට්ටමේ අයට මාස්පතා පඩියක් දීපු විදිහ.
Deepal Nirosh Monday, 21 October 2024 01:42 PM
ඒ ගමන පළවෙනියා, දෙවෙනියා කොපි කරලා වගේ, දිනුවෙත් එහෙමද මන්දා...?
Rohana Monday, 21 October 2024 01:53 PM
ඉතාම යහපත් වැඩක්. අරමුණ සාර්ථක වේවා...!
Nishan Monday, 21 October 2024 03:19 PM
ඔක්කෝටම කලින් ඔබතුමා පිරිසිදු වෙන්න, ඊට පස්සේ ඔබතුමාගේ පක්ෂේ අයව පිරිසිදු කරන්න. ඔයාලා ඔක්කොම හද්ද හඩ්ඩෝ.
saman Monday, 21 October 2024 03:37 PM
ඔහොම යන්න ජනාධිපතිතුමනි...!
FreemanHAT Tuesday, 22 October 2024 07:01 AM
ජේ වී පී එක බලයට ආවම විදේශ වල ඉන්න ශ්‍රී ලාංකික සියල්ලන්ම වැල නොකැඩී සල්ලි එවනව කිව්ව වගේ මතකයි. ඒව ගෙන්නන්න වෙන්න ඇති අරමුදල හදන්නේ.